IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සී බී රත්නායක රිමාන්ඩ්

රොෂන් තුෂාර

වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම් උපයා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්   හිටපු අමාත්‍යය සී.බී රත්නායක මුල් අවස්ථාවේදීම සියවත්කම් හෙළි නොකර සිටි පුද්ගලයකු බැවින් හා ඔහුගේ ක්‍රියා කලාපය ඉදිරි විමර්ශනයන්ට බාධා විය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  පැවසීය.

අයථා වත්කම් සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසම මගින් ලබා දුන් නිවේදනය ලැබෙන තෙක් විමර්ශන සඳහා පෙනී සිට නොමැති සැකකරු ඉදිරි විමර්ශනයන්ට බාධා නොකරන්නේ යැයි මතයකට එළඹිය නොහැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාල විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2015 මාර්තු මාසයේදී ලද නිර්ණාමික ලිපියක් අනුව සැකකරුට එරෙහි මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

2011 මාර්තු 31 දින සිට 2013 මාර්තු 31 දින දක්වා කාලයතුළදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ වියදම් ප්‍රමාණයක් සැකකරු විසින් කර ඇති බව පෙන්වා දුන් අල්ලස් කොමිසම ඊට අදාළ වත්කම් ලේඛනයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

රාගල පිහිටි කෝටි ගණනක් වටනා ඉඩමක් මිලදී ගැනීම,එන් බි ආර් සන් නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම,තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම,සිය හිතවතුන් සඳහා ඩුබායි සංචාරවලට මුදල් සැපයීම,හිතවත් තැනැත්තෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම,නැසී ගිය සහෝදරයකු වූ එස් බී රත්නායක මහතාගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් සැකකරුට කරුණු පහදා දී 2023 අංක 19 දරන දූෂණ විරෝධී පනත අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද පැවසීය.



අදහස් (6)

සී බී රත්නායක රිමාන්ඩ්

අරවින්ද මොණරවිල Tuesday, 02 December 2025 06:42 PM

ඔය පොඩිම පොඩි හාල් මැස්සෙක් විතරයි, තෝරු මෝරු එහෙම තවම එලියේ කකුළු ඩාන්ස් දානවා !

:       1       30

ජහමනය Tuesday, 02 December 2025 06:51 PM

අවුරුදු 25-30 ක් දේශපාලනයෙ ඉදලා කෝටි ගණනක වත්කම් උපයපු විදිය කියන්න බැරි නම් කිසිම රස්සාවක් නොකර කෝටි ගණනක වත්කම් උපයපු විදියත් කියන්න වෙයි ආයිබෝවන්...

:       26       21

කුඩුමල්Tuesday, 02 December 2025 07:51 PM

ඒ වුණාට ඒ අයටත් නඩු පිට නඩු... සිරිලිය, අරලිය, හෙරලිය, මැණික් මලු ඔක්කෝටම උත්තර දෙන්න වෙයි. ඉවසලා ඉන්න...

:       1       28

මංබයියාTuesday, 02 December 2025 07:53 PM

රස්සාවක් කලේ නෑ කිව්ව...! අපේ රජානෝගේ මෝඩ පුතුන් තුන්දෙනාට විහිළු කරන්න එපා...

:       2       31

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 December 2025 06:57 PM

තාමත් ජීවතුන් අතරද? වැස්සකටවත්, නාය යෑමකටවත් අසුවෙලා නැද්ද?

:       3       22

වින්සන්ට් කජ්ජා Tuesday, 02 December 2025 07:00 PM

ගෙදරදි කෑවත් රිමාන්ඩ් එකේ කෑවත් මහජන මුදල්ම තමයි. රටේ සාමාන්‍ය ජනතාව විශාල දානයක් දීල තියෙන්නේ මේ කාල බුදින්නන්ට.

:       1       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site