(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව තුළ දැනට තත්‍ය කාලීන (real-time) විද්‍යුත් ඉන්වොයිසි පද්ධතියක් ක්‍රියාත්මක නොවන නමුත් බදු පද්ධති නවීකරණය කිරීම, බදු පැහැර හැරීම අඩු කිරීම සහ ව්‍යාපාර යනුදෙනු වල විනිවිදභාවය වැඩි කිරීම සඳහා බොහෝ රටවල් විසින් විද්‍යුත් ඉන්වොයිසි බහුලව භාවිතා කරමින් සිටී.
එබැවින්, අදාළ කරුණ සම්බන්ධයෙක් වන ජාත්‍යන්තර වර්ධනයන් ද සැලකිල්ලට ගනිමින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු එකතු කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට (RAMIS) අනුකූල වන පරිදි විද්‍යුත් ඉන්වොයිසි රාමුවක් අනුගමනය කිරීම සඳහා ඇගයීමක් සිදු කිරීමට පියවර ගනු ලැබ ඇත.
එම ඇගයීමේදී තහවුරු වී ඇති කරුණු මත පදනම්ව, විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමය
ක්‍රියාත්මක කිරීමේ ආරම්භක අදියර ලෙස ආරක්ෂිත වෙබ් යෙදුම් ක්‍රම ලේඛන අතුරු මුහුණත පහසුකමක් හඳුන්වා දීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව, වැට් ලියාපදිංචි පුද්ගලයින් සඳහා Web API පහසුකම සලසා දීමට හැකි වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වැඩිදියුණු කිරීම පිණිස සිංහප්පූරුD NCS Solutions Pvt Limed වෙතින් අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාන්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදු පැහැර හරින්නන්ට නරක ආරංචියක්
Rata Perata Tuesday, 02 December 2025 09:52 PM
එකක් නම් විශ්වාසයි. අර අපතයින් හිටපු කාලේ වගේ නැතිව අපේ රට දියුණු වෙන එක නම් ස්ථිරයි.