කෝටි 22 ක ‘ටග් යාත්‍රාව’ විනාශයේ විමර්ශන අරඹයි ජපන් ආධාර යටතේ මෙරට ලැබුණු රුපියල් කෝටි 22 කට අධික වටිනාකමින් යුත් ‘ටග් යාත්‍රාව’ ත්‍රිකුණාමලය වරායේ තිබියදී පෞද්ගලික සංචාරයකට යොදාගෙන අනතුරකට ලක්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 July 2025
මෝටර් රථ හිටපු කොමසාරිස් රිමාන්ඩ් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනා ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ බන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජ ලක්මාලි ජයතුංග මහතාමිය අද නියෝග කළාය. 01 July 2025
‘‘මධ්‍යම පළාතේ ආයතන දැන් සම්පූර්ණයි‘‘ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 30ක ප්‍රධානින් පත්කිරීම සාර්ථකව අවසන් කළ බව මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය පැවසුවාය. 01 July 2025
‘‘පළාත් පාලන කොමසාරිස්ට අභියෝග කරන්න හැකියාවක් නෑ‘‘ පළාත් පාලන ආයතනවල සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීමෙදී පළාත් පාලන කොමසාරිස්වරයාට අභිමතයට අනුව කටයුතු කිරීමට ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 01 July 2025
’’ආණ්ඩුව ජනතාව මුලා කරලා’’ ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර වරායේ ගොඩබාන මිලටම තෙල් පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මංමුලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 01 July 2025
මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි යන්ත්‍ර දිරන්න දාලා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කොඩ්බේ යාත්රාංගනයේ කෝටියකට වැඩි ටග් යාත්‍රා තුනක් සහ බත්තල් හයක්ද මුල්මුඩේ යන්ත්රාගාර පරිශ්‍රයේ තිබුණු වීල් ලෝඩර් හතරක් සහ වටිනා ලොරි රථයක්ද කෝකිලායි යන්ත්‍රාගාරයේ තිබූ රුපියල් කෝටි හතරක් පමණ වටිනා සර්පිලාකාර යන්ත්‍රයක්ද කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 01 July 2025
හර්ෂ ඉලූක්පිටියට එරෙහි නඩුව කල් යයි විද්‍යුත් වීසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබු තීරණය වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට දඬුවම් නියම කිරීම ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීරණය කළේය. 01 July 2025
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක් ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පැවසීය. 01 July 2025
“ප්‍රජාශක්ති” ගැන මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කරයි සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ’’ප්‍රජාශක්ති’’ ජාතික වැඩසටහන පිළිබඳ ජනමාධ්‍ය ආයතන දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩමුළුවක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 01 July 2025
දුෂණ විරෝධී වැඩට ජපානෙන් ඩොලර් මිලියන 2.5ක් දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ. 01 July 2025
රට විරු දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයැදුම්පත් කැඳවයි විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයැදුම්පත් කැඳවා තිබේ. 01 July 2025
හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අත්අඩංගුවට ගනියි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 01 July 2025
ත්‍රිපෝෂ සමාගම පැය 24 පුරා වැඩ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිවේදනය කරයි. 01 July 2025
බස් ගාස්තු වෙනසක් නෑ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. 01 July 2025
බස් රථය මල් කැකුලක් බිලි ගනියි කාත්තන්කුඩි පොලිස් වසමට අයත් මඩකලපුවේ ආරයම්පතිහි පිහිටි ප්රිසිද්ධ පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් බස් රථයක පිටුපස රෝදයට යටවී තුන් හැවිරිදි පිරිමි ළමයෙකු ඊයේ (30) සවස ජීවිතක්ෂයට පත් වූ බව කාත්තන්කුඩි පොලිසිය පවසයි. 01 July 2025
ට්‍රම්ප්ගේ තීරණයෙන් 2030දී කෝටි 14කට මරණය? ඇමෙරිකාව විදේශයන්ට ලබාදෙන මානුෂීය ආධාර සහාය බොහොමයක් කපා හැරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය, 2030 වසර වන විට ලෝකයේ අමතර ලක්ෂ 140 ක ජනතාවකට මරු කැඳවනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත. 01 July 2025
මිරිස්කුඩු ගසා මං කොල්ල කෑ පවුලක්ම මාට්ටු තනිවම යතුරු පැදියකින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඔවුන් පැළඳ සිටි රන් ආභරණය කොල්ල කෑමේ නිරතව සිටි මවක් ,පියෙක් සහ පුතෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 01 July 2025
ඊලෝන් මස්ක්ගෙන් නව පක්ෂයක්! ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ’’වන් බිග් බියුටිෆුල් බිල්’’ ලෙස හඳුන්වන අයවැය පනත් කෙටුම්පත සම්මත වුවහොත් ’’ඇමෙරිකන්’’ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවත් සෑම ප්‍රාන්තයකම රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ප්රතිවිරුද්ධවාදියට සහාය ලබාදෙන බවත් බිලියනපති ඊලෝන් මස්ක් සමාජ මාධ්‍ය තුළ තර්ජනාත්මක සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 01 July 2025
රටවල් 13ක රැකියා සඳහා විදේශ ගතවීමේ නීතිය අද සිට ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 01 July 2025
පාසල් දරුවන්ගේ වෑන් ගාස්තු ගැන දැනුම් දීමක් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුව ද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය. 01 July 2025
මයුරපාද සිසු සිසුවියෝ ජනාධිපති මන්දිරය නරඹති මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය. 01 July 2025
ත්‍රිරෝද රථ ගාස්තු ගැන දැනුම් දීමක් පෙට්‍රල් මිල රුපියල් 12 කින් ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය. 01 July 2025
ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන පහළොව දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය. 01 July 2025
හයිවේ මගීන්ට බඳපටි අනිවාර්යයි අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල සියලුම මගීන්ට අගෝස්තු 1 වැනිදා සිට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත. 01 July 2025
ඊශ්‍රායල අගමැති - ට්‍රම්ප් හමුවෙයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එළැඹෙන 7 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වනු ඇති බවත් එහිදී ඇමෙරිකානු ජනාධිපති හමුවී ගාසා තීරය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවත් ධවල මන්දිර ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 01 July 2025
පාස්කු විවාදය 9 වැනිදා පාස්කු ඉරැදින ප්‍රහාරය පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 9 වැනිදා බදාදා පැවැත්වීමට නියමිතය. 01 July 2025
මත් ජාවාරමේ නියැලුණ එකම පවුලේ 3ක් ඇතුළු 7ක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ තැන තැන සඟවා මත්කුඩු ජාවාරම සිදුකළ පුද්ගලයකු සහ එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 12 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරගම- වෑවිට නිවසක දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 01 July 2025
රජ පවුලට වසරකට රජයෙන් කෝටි 3552ක් රජ පවුලේ වියදමට බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 118.50 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3552 ක් පමණ) මුදලක් මෙම වසරේදීද බ්‍රිතාන්‍ය රජය ලබාදී ඇතැයි පසුගියදා රජ පවුල නිකුත් කළ වාර්ෂික මූල්‍ය වාර්තාවෙන් අනාවරණය විය. 01 July 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 01 July 2025
බස් ගාස්තු තීරණය ඉදිරි දින දෙකේදී ඉන්ධන මිල වැඩිවීම සමග බස් ගාස්තු සංශෝධනය වන අාකාරය ඉදිරි දින දෙකේදී තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. 01 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026