දරුණු අපරාධකරුවෝ 826ක් එල්ලුම් ගහ ළඟ මිනීමැරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණු 826 දෙනකු බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2025
මාලිමාවත් ගොවියා මංමුලා කළා මාලිමා ආණ්ඩුවත් ගොවියා මංමුලා කර දැමූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 19 October 2025
බාලේ සිට සතුටින් ඉන්න හැටි කියන්න වැඩක් අරඹයි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න නමින් ජීවිතයේ සියලු අදියර වල පුර්ණ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් අරඹා ඇත. 19 October 2025
හිරවුණු ලුණු රට පටවන්න නියෝගයක් ගැටළු සහගත කරුණු හේතුවෙන් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව එම ආනයනකරුවන්ට දැනුම් දී ඇත. 19 October 2025
සුව ඇමති බදුලු රෝහලේ හදිසි නිරීක්ෂණයක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයකට එක් විය. 19 October 2025
පොලිසියට බැටන් පොලු 3000ක් පොලිසියට බැටන් පොලු තුන්දාහක් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇත. 19 October 2025
පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි ඉදිරි මැතිවරණ වලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදි වලට සම්බන්ධද? නැද්ද?යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 19 October 2025
ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිටවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2025
පොන්නි සම්බා ආනයන ගැසට්ටුව නිකුත්වේ පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත 19 October 2025
පළාත් ඡන්දය: මැකෝගේ අලුත්ම කතාව පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය 19 October 2025
කන්ටේනර් පැන්නීම හොයන්න විශේෂ කාරක සභාවක් වරායෙන් කන්ටේනර් 323ක් නීති විරෝධී ආකාරයෙන් පිට කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. 19 October 2025
පුතාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ පියා අත්අඩංගුවට පල්ලම මදවක්කුලම කම්මන්දළුව ප්‍රදේශයෙ පියෙකු තම පුත්‍රයාට වායු රයිපලක් යොදා ගනිමින් කළ වෙඩි තැබිමේන් තුවාල ලැබු පුතා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති බව කියයි. 19 October 2025
හන්තානේ ’’ට්‍රිප් එක’’ රෝහලෙන් නිමාවේ කොළඹ ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක්ව අතරමංව සිටියදී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන් සොයාගෙන බඹරුන් ඇනීමෙන් අසාධ්‍යව සිටි තරුණයන් තිදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ. 19 October 2025
විදෙස් ගිනි අවි -අත් විලංගු සමඟ අයෙක් අල්ලයි කළුතර දකුණ , මතුගම පාරේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක් වටලා විදේශීය රටවල් තුනකට අයත් ගිනි අවි ජිව උණ්ඩ සහ අත්විලංගුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 19 October 2025
ගම්පහ ‘‘බබාගේ‘‘ තොරතුරකට උණ්ඩ සමග අයෙක් මාට්ටු නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඩබ්ලිව්. ඩි. නිශාන්ත කුමාර නොහොත් ගම්පහ බබා නැමති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත කෙළවරපිටිය අධිවේගී ප්‍රවේශ ස්ථානයට පිවිසෙන මාර්ගයේ වම් පස ඇති 18 වන කොන්ක්‍රීට් කණුව අසල සඟවා තිබූ මිලි මිටර් 7.62 - 39 ප්‍රමාණයේ ජීව උන්ඩ 50 ක් සොයා ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයකියයි 19 October 2025
පළාත් කීපයකට අද තද වැසි බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 October 2025
පලා යන්න ගිය සැකකරුට වැඩ වරදි බොරැල්ල, කාදර් මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයට පලායෑමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගුවන්තොටුපළ ඒකකය පවසයි. 18 October 2025
ඉෂාරා දින 90 ක් රඳවන්න අවසර පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දී ඇත 18 October 2025
මහින්ද ගත සිත සුව කරන බෙහෙත හෙළි කරයි තම ගත සිත සුවපත් කරන්නේ ජනතා ඇසුර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 18 October 2025
හොර ඉන්ධන ගබඩාවක් වරකාපොළින් අල්ලයි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අද (18) පස්වරුවේ වරකාපොල මාහේන, ප්‍රදේශයේ ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන ගිය ඉන්ධන ගබාවක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. 18 October 2025
හරිනි -ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශූරියන් හමුවෙයි ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නව දිල්ලි නුවරදී එරට දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමු වූවාය. 18 October 2025
කතානායකට ගේන විශ්වාසභංගයේ වැඩ අවසන්: 21 පක්ෂ නායකයන්ට කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සකස් කර අවසන් වී ඇත, 18 October 2025
ඇමෙරිකාවේ සිට බෞද්ධ දූතපිරිසක් දිවයිනට ඇමරිකාවේ වෙසෙන වියට්නාම ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලා සහ දායකදායිකාවන් ඇතුළු 86 දෙනෙක්ගෙන් සමන්විත බෞද්ධ දූත පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ. 18 October 2025
ලොකු මෝරු 18ක් සතොසට පොලු තියලා සුදුසු පරිදි ගොඩනැගිලි ඉදිකිරීම් නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සතොසට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බව කෝප් කමිටුව පවසයි 18 October 2025
විනයක් වගකීමක් ඇති රාජ්‍ය සේවයක් රටට ඕනෑ සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය 18 October 2025
මෝදිගෙන් හරිනිට පොරොන්දුවක් අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේ පවසා තිබේ. 18 October 2025
නාය අනතුරු: දිස්ත්‍රික්ක 11කට රතු එළි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 11කට අදාළව නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම අද තවදුරටත් දීර්ඝ කර ඇත 18 October 2025
වන්නිනාක සහ පුතාගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනියි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයාගෙන් ගල්කිස්ස පොලිසිය අද ප්‍රකාශයක් ලබාගෙන ඇත 18 October 2025
පෝසත් ලංකාවක් හදන්න කාගේත් සහය ගන්නවා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සුදානම් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 18 October 2025
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026