
(මාතලේ මහේෂ් කිර්තිරත්න, ජේ. ඒ. එල්.ජයසිංහ, හැටන් රංජිත් රාජපක්ෂ සහ හැටන් සුදත් එච්. එම්. හේවා)
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මරණ 103ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 75 ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 62 ක් අතුරුදන්ව ඇතැයි ද මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 24ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 06ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනය කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම්, ගල් පෙරළීම්, ජල ගැලීම් ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මරණ 103ක් ද තිබෙන බවත් පෙරේදා(30)වන දා වන විට පුද්ගලයන් 180ක් අතුරුදහන් වී තිබෙන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක , පවුල් 11129 කට අයත් 40821 ක් වූ පිරිසක් පීඩාවට ලක්ව අවතැන්ව සිටින බවද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික රණවීර මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් සංඛ්‍යාව 6874 කි. පුද්ගලයන් සංඛ්‍යාව 21500ක් බවද ආපදා කළමණාකරණ ඒකකය පවසයි. මෙම පිරිස අවතැන් කඳවුරු වෙත යොමු කර තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 24 දෙනෙකුගේ මේ වනවිට ජීවිත සිදුව ඇති බවත් පුද්ගලයින් 06 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් ආපදා හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතා ඊයේ(01) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහේම පවුල් 3142ක් පුද්ගලයින් 10565 පීඩාවට පත්ව ඇති අතර සුරක්ෂතා මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 5481 ප්‍රමාණයක් රඳවා ඇති බවද නිසා දිසාපතිවරයා පැවසීය.
මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 24 දෙනෙකුගේ මේ වනවිට ජීවිත සිදුව ඇති බවත් පුද්ගලයින් 06 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් ආපදා හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතා අද(01) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
මාතලේ දිස්ත්රිතක්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහේම පවුල් 3142ක් පුද්ගලයින් 10565 පීඩාවට පත්ව ඇති අතර සුරක්ෂතා මධ්යුස්ථාන 53ක පුද්ගලයින් 5481 ප්රිමාණයක් රඳවා ඇති බවද නිසා දිසාපතිවරයා පැවසීය.

2025 නොවැම්බර් මස 21
291
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මධ්‍යම පළාතේ පුද්ගල මරණ 202ක්