
(අංජුල මහික වීරරත්න)
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අතිශය අයහපත් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයින් කැඳවීමට හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ගත් මෙම තීරණය අනුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයට බදාදා(3)සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.
දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
2003 සහ 2016 වසර වල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව වජිර අබේවර්ධන මහතා කීය.
මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර අබේවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුරෙන් හරි, මිනීමතින් හරි ගොඩගිහිල්ල එක්ස්පීරියන්ස් තියෙන අයනේ.
ඔහු දේවල් වෙනස් කළ හැකි මිනිසා ය.
කවුරුහරි කියනවද මෙයාට දැන් “එයා expired” කියලා?
මෙයයි, විපක්ෂයයි, කරයි ඉටිගෙඩියක්. රජයට දැන් තාමත් ජාත්‍යන්තර මට්ටමින් ආධාර උපකාර ගලාගෙන එනවා.
සාර්ථකව තමන්ගේ කුට්ටිය නම් බෙදාගත්තා.
වජිරයට ට්‍රැක්ද.මූ හිතන් ඉන්නේ රනිය තාම ජනාධිපති කියලද.සියලු පක්ශ නායකයන් කිවුවම අනුරත් මුගේ ලගට එන්න ඕනද
මෙවැනි ව්‍යසනයකදී තමන්ගේ පළපුරුද්ද හා දැනුම බෙදාහදා ගන්නා එක (knowledge sharing ) ඉතා වටිනවා. නමුත්, මටනම් සැකයි මාලිමාවේ "සියල්ල දත්" උද්දච්චයෝ ටික ඕකට සහභාගී වෙයිද යන්න. දැනටමත් අනාගෙන ඉන්න ගොබ්බ රංචුව.!
පව්. පොරගෙ හිතේ තාම ජනාධිපති කියල
තාම මෙයා හිතාගෙන ඉන්නේ මෙයා තාමත් පින් ජනාධිපති කියලා. මේ විපතෙන් දේශපාලන වාසි ගන්න මෙයා උත්සාහ කරනවා. 2003 අත්දැකීම තමා ඒදා රාජපක්ෂලාට “Helping Hambantota” සුනාමි අරමුදලින් ගසා කන්න අවස්ථාව සලසා දුන්නේ.
කලබල වෙන්නේ නැතුව 2048 වෙනකම් ඉන්න කියන්න වෙන්න ඇති කට්ටියට එන්න කියන්නේ. අනේ කජු සීයේ, ධමනි ටික බලාගෙන ගෙදරට වෙලා ඉන්න.
අර මොකක්ද කහ ගන්න ඇඟිල්ල දිග නැහැ. හැබැයි ටෝක් නං ලෝකේ අල්ලන්න.
දිට්වාගේ උදව්වෙන් මාලිමා ආණ්ඩුව පෙරලන විදිහ සාකච්චා කරන්න වෙන්න ඇති.
බොහොම ස්තූතියි … ඒක විතරක්ද, නැත්තම් ?
හරී ආසාවෙන් කට්ටිය එකතුවෙයි. හොරා කන්න නියම අවස්තාව දුප්පතුන්ගෙ ආදාර නාමල් බේබිටත් කියන්න නාකිමයිනත් එක්ක එන්න කියලා මයිනිත්.
හතර හිනා.
ජාතික ජනබලවේගයට ආරාධනා නැද්ද?
රනිල් , ඔබ ජෙප්පන්ට උදව් නොකළ යුතුය
ඔන්න පටන් ගත්තා කකුලෙන් අදින්න. දැන් තියෙන රජයට සහාය දීපියව්. නැතිනම් පැත්තකට වෙලා බලන් ඉන්න.
සුපුරුදු පරිදි ජවිපෙ මාලිමා විකෘතිය ගොම්පස් හලනවා. රටක් වැනසිලා තියෙද්දිත් මුන්ට ඕන විපක්ෂයට ගහන්න...
හිටපු අටවැනි ජනාධිපති “මේ සැරේ මොකද්ද අටවන උගුල” දෙයියෝ වත් දැන් නැතුව ඇති
2003 ගං වතුර ගැන කතා කරන්න එපා අපිට හොදට මතකයි, මුළු දකුණුම යට උනා කජු සීයාගේ ආණ්ඩුව කිසි දෙයක් කරකිය ගන්න බැරුව බලාගෙන හිටියා ! ජවිපෙ රතු තරුව තමයි ගේමට බැහැලා වැඩේ ගොඩ දැම්මේ, දැන් එනවා තව පම්පෝරි ගහන්න.
කවුද බං මූ...විපක්ෂ නායකද...රටේ නායකයාද ..බොරු ශෝනොදා කරන වැඩක් කරලා පෙන්නුවොත් පුදුමයක්
මෙයා හිතනවා ඇති මේ ගං වතුරත් 2003/2016 වගේ කියලා ඔව් එදා ඔහෙලා විසඳුම් හෙව්වා අපිට මතකයි කෙහෙල් ගෙඩි බෙදල හැමදාම අනාථ ආදාර බෙදල හරියන්නේ නෑ නිකන්වත් හෙව්වද ගංවතුර පාලනයට විසඳුමක්
මේ අවස්ථාවේ රනිල් ඇතුළු සියලු දෙනා එකතු වෙලා දේශපාලනය කළ යුතුය. මෙම මසල ආණ්ඩුව ආතුගා දැමීමට කටයුතු කළ යුතුය.
මතක තබා ගන්න, ඔබ මේ ක්‍රියා කරන්නේ රට වැටිලා තියෙද්දී ඩොලර් එවන්න එපා කියපු නරක පුද්ගලයන් සමඟ බව. ඔවුන්ට කිරි පොවන්න එපා . අවස්තාව ලැබුනාම ඔවුන් ඔබට දෂ්ට කරනු ඇත
රනිල්ට තව නඩු වැටෙයි වගේ. කමක් නෑ මේ අති අසාර්ථක පාන්ඩුවෙන් ජනතාවට සෙතක් වෙයි කියලා හිතන්න බෑ. ඔබවත් ඉදිරිපත් වෙලා යමක් කරන්න.