
(අමදෝරු අමරජීව )
ජල ගැලීම්වලින් විපතට පත් නැගෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා ආධාර තොගයක් රැගත් "සුඛන්‍යා" (INS Sukanya ) නැමැති ඉන්දියානු නාවික නෞකාව අද (01) ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු වුහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව ඉන්දීය නාවික නෞකාව පිළිගනු ලැබූ අතර රජය වෙනුවෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා මෙම අවස්ථාවට එක් වූහ.
මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මාවිල්ආරු අමුණ කැඩී යැමෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා තවත් සහනාධාර තොගයන් ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය වෙත එවනු ලැබූ අතර නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් නාමල් තලංගම අතිරේක දිසාපති එස්. සුදාකරන් යන මහත්වරු එම ආධාර තොගය දිසාපති කාර්යාලයේදී නිල වශයෙන් බාරගනු ලැබූහ.
නිල වශයෙන් භාරගත් මෙම සහනාධාර තොගය විපතට පත් ජනතාව වෙත බෙදා හැරීම සඳහා ගුවන් මගින් වෙරුගල්, සේරුනුවර සහ මූතූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට යවනු ලැබූ බව අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා පැවසීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සහන කටයුතු සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මෙම කටයුතු සඳහා යොදාගත් අතර අර්බුදකාරී අවස්ථාව තුළ මෙහෙයුම් කටයුතු සඳහා පමණක් ගුවන් හමුදාව මෙම යානාව යොදා ගත්තද මෙම යානය ප්‍රභූ රාජකාරී සඳහා පමණක් භාවිතා කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.

2025 නොවැම්බර් මස 21
291
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අධාර රැගත් ඉන්දියානු නෞකාවක් ත්‍රි‘මලේ වරායට