
(ගයාන් සූරියආරච්චි)
අනවසර ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිමෙන් ආපදාවට ලක්වූ ජනතාව බේරාගැනීමේ මෙහෙයවුම්වලට මෙන්ම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජීවිතවලට සහ ගුවන් යානාවලට බරපතළ තර්ජනයක් එල්ල වන බව ගුවන් හමුදාව පවසයි.
එබැවින් සියළුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා දැනුම් දෙන ලෙස ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971 වලට අමතා හෝ ක්ෂණික දුරකථන 115 අංකයට අමතා ඒ පිළිබදව දැනුම්දෙන ලෙස ගුවන් හමුදාව පවසයි.
දැනට පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවගේ සහයෝගය ගුවන් හමුදා බලාපොරොත්තු වන අතර මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අවදානම් තත්වයක් ඇති කරන බවද ඔවුහු පවසති.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල මානුෂීය මෙහෙයුම්වල නිරතවීමේදී ගුවනේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 නොවැම්බර් මස 21
291
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඩ්‍රෝන යවද්දි දැනුම් දෙන්න දුරකතන අංක