IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කල් ගිය උ.පෙළ විභාගය ජනවාරි මුල

(අංජුල මහික වීරරත්න)

රටේ පැවති අයහපත් කාලගුණයත් සමග පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා  පැවසීය.

එමෙන්ම පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් සමාලෝචනය කරමින් ගමනාගමන පද්ධතියේ බිඳ වැටීම්, සන්නිවේදන අපහසුතා, විදුලිය බිඳ වැටීම් වැනි අපදාවන්ට ලක්නොවු පළාත් සහ දිස්ත්‍රික්ක වල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බවයි.

අනෙකුත් පාසල් ආරම්භ කිරීම පිළිබඳ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් අදාළ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඉදිරියේ දී හැකි ඉක්මනින් තීරණ ගන්නා බවයි.

එමෙන්ම ආපදාවන්ට ලක් නොවූ විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කරන බවත් යම් කිසි ප්‍රායෝගික අපහසුකම් ඇති යම් කිසි ආයතනයක් වේ නම් අදාළ ආයතනයේ ප්‍රධානියාට ආරම්භ කරන දිනය පිළිබඳ තීරණයක් ගත හැකි බවත් ඒ මහතා පැවසීය.



අදහස් (0)

කල් ගිය උ.පෙළ විභාගය ජනවාරි මුල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 452 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 460 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site