
(සුජිත් හේවාජුලිගේ )
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.
විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.
විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට සහ දුම්රිය මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමට ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද අද මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය
මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ආපදා තත්ත්වයෙන් හානිවූ සෞඛ්‍ය සේවා සහ පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද බන්
දැන් බුකින් කැන්සල් වෙලා සංචාරක වියපාරේ කඩ වැටෙන්න පුළුවන් , ඍජු සහ වක්‍ර ලෙස සංචාරක වියපාරේ නිසා ජිවත් වෙන ලක්ෂ 40 පමණ රටේ සිටිනවා , සහනයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් සහ ආර්ථික අගාදයෙන් පසු 2022 කල ආකාරයට යුරෝපා සංගමේ ඇතුළු රටවල් 40 සංචාරකයන්ට ON arrival free visa ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ස්ථාපිත කරන්න , යුරෝපා සංගමේට නොදී රුසියාව චීනය වැනි රටවල් වලට පමණක් මේවා දෙනකොට ඔවුන්ගේ හිත නරක වෙනවා , ඔවුන් හිතනව අපිට ඔවුන් අවශ්‍ය වෙන්නේ ආපදාවකදී පමණක් කියල
මේ නිකං ලැබෙන ආධාර මෙයා කියපු නිසා ලැබුණේ කියලා ලකුණු දාගෙන පොර වෙන්න උත්සාහයක්. දැං වැඩේට පමා වැඩියි අයියෝ...
අම්මේ! එයා ඉල්ලුවේ නැත්තං කිසිම රටක් අපට ආධාර දෙන්නේ නැතිවෙයි. ඉල්ලන හැටි දන්නේ එයා විතරයි. ගොන් පාට් වල කෙලවරක් නෑ වගෙයි.
සිල්වාගේ කතාව සහතික ඇත්ත... බලධාරියෝ මේ තරම් මෝඩද? යුරෝපා සංගමේ කියන්නේ හොඳට සල්ලි වියදම් කරන සුද්දෝ , රුසියාව යනු ඔවුන්ගේ පසමිතුරන්, පැරණි කොමියුනිස්ට් රටවල වන රුසියාවට, චීනෙට නොමිලේ වීසා දීලා යුරෝපා සංගමේට නොදෙන එක ඔවුන්ට කරන මදි පුංචි කමක්..., පිස්සු කෙලින්නේ නැතිව වියට්නාමේ, ඉන්දුනීසියාව, තායිලන්තේ, මාලදිවයින කරන ආකාරයට යුරෝපා සංගමේට දින 30 ක ON Arrival free visa දෙන්න, සාධාරණව සිතලා බලන්න... යම්කිසි කෙනෙක් තමන්ට නොමිලේ නොදෙන දෙයක් අල්ලපු ගෙදර ඉන්න තරහ කාරයෙකුට නොමිලේ දෙනකොට අපිට වුණත් තද වෙනවා නේද? එහෙම වුණාම අපි ඔවුන්ට උදව් කරනවාද?
මෙයා ආධාර ඉල්ලන්න හදන කොට අපේ අනුර ජනාධිපතිතුමා ඔය රටවලින් ආධාර ඉල්ලලා ලබාගෙනත් ඉවරයි.
තමන් රාජ්‍ය නායකයා කියලා හිතාගෙන මෙයා වැඩ කරන්නේ...
මෙන්න හිගා තෑමෛ් මහාචාර්‍ය.. බෙලෙත්තයක් දීලා බොරැල්ලේ පාලම යටින් තිබ්බා නං දවසෙන් ආධාර හොයලා දෙයි..
සජියයි, රනියයි හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ ජනාධිපති කියලා...
ඇයි දැක්කේ නැද්ද ඒ රටවල් ආධාර දුන්නා කියලා. ඉදලා හිටලා හරි පත්තරේ බලනවා. නිකන් ලකුණු දාගන්න බලන්නේ නැතිව. මට හිතෙනවා අනේ මම ජනාධිපති කියලා...
ආධාර විතරක් ඉල්ලලා මදි. ළාමක ටින් ටින්ට ආපදා තත්වය පාලනය කරන්න බාර දෙන්න කියලත් ඉල්ලීමක් කෙරුවා...
එකවුන්ට් එක එවන්න ඉක්මනටම දාන්නම්...
පිටරටවල් වලින් හිගා නොකනු. රජය සියල්ල බලාගන්නවා. අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. දේශපාලන වාසි ගැනීමට කටයුතු නොකරනු. සමාජ මාධ්‍ය ලිපි නොදුටුවේද?