
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යාංශයේදී අද කැඳවූ පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම එකඟතාව පළ කර ඇත.
එම සමුළුවට මෙරට සිටින විදේශ දූත මණ්ඩල, ද්වී සහ බහු පාර්ශ්වික හවුල්කරුවන් සහ ණය දෙන නියෝජිත ආයතන සහභාගී වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හයවැනි වාරිකය නිදහස් කිරීමත් මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.082 දක්වා ඉහළ යනු ඇත. මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කර අනුමැතිය ලබාදීම සඳහා විධායක කමිටුව එළැඹෙන 15 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි.
මෙරට වත්මන් තත්වය පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි ගමන්මග තීරණය කිරීමටත්, දිට්වා සුළි කුණාටුවෙන් පසුව නැවත ගොඩ නැගීමේ කටයුතු, මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සැපයීම සම්බන්ධීකරණය කිරීමටත් මුදල් අමාත්‍යාංශය මෙම පරිත්‍යාගශීලින්ගේ සමුළුව කැඳවා තිබිණි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් මෙම සමුළුව පවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය අරන් රටවල් කරන්න ජනාධිපතිලා ඕනෙද? පොලී මුදලාලි කෙනෙකුටත් ඕක කරන්න පුළුවන්. කා විසින් කාහට කියන ලද්දක්ද?
අනුමානයක් නෑ පුතානෝ කතා කරලා කියන්න ඇති, මං නරක මිනිහා කියන්න එපා, වහාම මුදල් දෙන්න කියලා. බැරි නං අපට කියන්න කියලනේ කිව්වේ...
ණයට අරන් කැබ් ටික එහෙම ගේමු නේද ? තිබ්බ ඒවා විකුණලා රටම සංවර්ධනය කළානේ. මෙයාලා යන්නේ පරම්පරා කීපයකම ගෙළ හිර කරලා...
අපේ පැත්තෙන් බැලුවාම මේක අපිට අවාසියක් සතුටුවෙන්න කොහොමවත් බැහැ. IMF එකට ලියමු. ඒකාබද්ද විපක්ෂය
ණය ගන්න නායකයෝ ඕනෙද? පොලි මුදලාලි කෙනෙකුත් ඕක කරන්න පුළුවන්. හා නැද්ද?
අනේ අයියේ අපි ඉවරයි...
ආපහු ලොන්ඩරිකාරයෝ වැඩ පටන් අරන් වගේ. හොඳ ගණනක් ගෙවනවා නම් මටත් ආසයි සම්බන්ධ වෙන්න...
කොහොමත් රට හරි පැත්තට ගමන් කරනවා. මේක බබලාගෙන ඉන්න බැරි පොහොට්ටු පිරිස නොයෙක් මඩ ප්‍රචාරය කරනවා. පොහොට්ටු සමාජ මාධ්‍ය ලොකු විරෝධතාවක් කරනවා fb හරහා...