තැනින් තැනට සිහින් වැස්සක් බස්නාහිර, වයඹ, සහ සබරගමුව පළාත්වලත නුවරඑලිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත සිහින වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. 11 August 2025
ලොව සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට පිලිපීනයේ පැවති ’’ මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 ’’ ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ’’ ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය 11 August 2025
‘ඩේලි මිරර්’ - ‘ඩේලි එෆ්ටී’ ජනප්‍රියතම සම්මාන ලබයි ‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඉංග්‍රීසි පුවත්පත ලෙස ‘ඩේලි මිරර්’ පුවත්පතට ද, ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික පුවත්පත ලෙස ‘ඩේලි එෆ්ටී’ පුවත්පතට ද, සම්මාන හිමිවිය. 10 August 2025
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’ ‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස ‘ලංකාදීප’ පුවත්පතට සම්මාන හිමිවිය. 10 August 2025
වීසා ගාස්තු නිදහස් කිරීම නිවැරදි තීරණයක් තවත් රටවල් 40 ක සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් මෑත කාලීන තීරණය නිවැරදි තීරණයක් බවත් සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ඇති ආර්ථික අවස්ථා සම්පූර්ණයෙන්ම විවෘත කර ගැනීම සඳහා වීසා ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇඩ්වොකාටා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය. 10 August 2025
සා.පෙළට, උ.පෙළට දින නියම කරයි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය. 10 August 2025
ගාසාවේ දරුවන් 100 කුසගින්නේ මැරිලා කුසට ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ගාසා තීරයේ තවත් 5 දෙනකු මියගොස් ඇතැයි අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය. 10 August 2025
ගාල්ල ධීවර වරායේ ගින්නක් ගාල්ල ධිවර වරායේ ගාල්කොට තිබු පැරණි භාවිතයට නොගත් බෝට්ටු කිහිපයක අද (10) පෙරවරුවේ ඇති වු ගින්නක් හේතුවෙන් බෝට්ටු හතරක් දැවි විනාශවි ගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 10 August 2025
එස් අයි වෙඩි වැදී මිය ගිහින් වීරගුල පොලිස්ථානය තුළදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 10 August 2025
බඹරු ඇන 5ක් රෝහලේ අනුරාධපුර,එච්.බි.සේමසිංහ මාවතේ පිහිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකු එම කාර්යාල භුමියේදි බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (09 රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 10 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට බාරදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට හෙට බාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 10 August 2025
ශිෂ්‍යත්වය අහවර කොට- මල් පිපිලා පොඩි හිත් වල 2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්විණි. 10 August 2025
නීතී විරෝධී දැල් මගින් මසුන් ඇල්ලූ තිදෙනෙක් අල්ලයි මාදැල් ධීවර කර්මාන්තය සඳහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති කින්නියා මුහුදු තීරයේ කිලෝමීටර් එකහමාරක මුහුදු වපසරිය තුළ කෘතිම ආලෝක ධාරා සවිකල නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ තිදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. 10 August 2025
දේශපාලනය ඈඳාගෙන යෞවන සමාජ වල රණ්ඩු ඇති කරගන්න එපා වසර හතළිහක් තිස්සේ තරුණ තරුණියන්ට ඉදිරියට එන්නට අත දුන් යෞවන සමාජ වල වර්තමානයේ උද්ගතව ඇති ප්රශ්නය දෙපාර්ශවය සාකච්ඡා කොට විසඳා ගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. 10 August 2025
හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි? මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 කගේ විශ්‍රාම වැටුප අහිමි වී යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 10 August 2025
ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාරවරිය තෙදින සංචාරය නිම කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද(10) පිටත්ව ගියාය. 10 August 2025
මත්පැන් හලට මාර්ගය වසා විරෝධය බණ්ඩාරගම අළුබෝමුල්ල රවුම් කඩේප්රදේශයේ ආරම්භ කිරීමට නියමිත මත්පැන් හලකට විරෝධය පාමින් මහා සංඝයා ප්රමුඛ පිරිසක් එක්ව අද(10) එම ස්ථානයේදී විරෝධතාවයක් පැවැත්වුහ. 10 August 2025
ජාතියේ අනාගතය තීරණය කරන හැටි ජනපති කියයි ජාතියේ අනාගතය තීරණය කිරීමේදී විද්‍යා හා තාක්ෂණයේ ජයග්‍රහණ මෙන්ම ඓතිහාසික උරුමයද උකහා ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවැසීය. 10 August 2025
ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය මගින් ගලේවෙල ප්‍රා දේශිය සභාවට සහ ඒ අවට පොදු භුමියට සිදුවන ගංවතුර හානිය වලක්වාගැනිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් 43,297,181 වැයකොට ගලේවල මහජන ක්‍රිඩාංගනය හා ප්‍රේක්ෂකාගාරය අලුත්වැඩියා කළද මෙකි ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටුවි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. 10 August 2025
වරායේ බහාලුම් අංගනයක වු අනතුරකින් අයෙක් මරුට කොළඹ වරායේ සි අයි සි ටි බහලුම් අංගනයෙන් ගබඩා කර තිබූ බහලුමක් ප්‍රයිමුවර් රථයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කොළඹ වරාය පොලිසිය කියයි. 10 August 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වල නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 August 2025
‘‘වලස් කටා‘‘ පැන යන්න හදලා සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පත්මේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වන තිරින සම්පත් අපුආරච්චි නොහොත් වලස්කටා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. 10 August 2025
රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත. 10 August 2025
වතු නිවාස පිළිසකරයට අරඹයි ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වතුකම්කරුවන් පදිංචි නිවාස අලුත්වැඩියා කිරිමේ කටයුතු ජාතික ජන බලවවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ කෙරිණ. 09 August 2025
ඉල්මනයිට් හෝදන්න විල්පත්තුව වනසලා විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ අරුවක්කාඩුව අධි සංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා රුපියල් කෝටි 200 කට අධික යන්ත්‍ර සුත්‍ර ඇතුළු දෑ තම තම භාරයට ගත් බව වලාන මධ්‍යම ප්‍රහාරක බලකාය කියයි. 09 August 2025
ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගී වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (9) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමිවරු වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 09 August 2025
ගින්නෙන් දරුවා මරුට : මව පියා අනියම් සැමියා පොලිසියට බලන්ගොඩ දෙහිගස්තලාව මහවත්ත ප්‍රදේශයේ ඇති නිවසක අද (09) දා ඇති වු ගින්නකින් නිවස සමිපුර්ණයෙන්ම විනාශ වි එහි සිටි අට හැවිරිදි පිරිමි දරුවෙකු පිළිස්සී මිය යැමෙි සිද්ධියට පියා, මව සහ මවගේ අනියම් පෙමිවතා අද (09)දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 09 August 2025
ඇමැතිගේ ලේකම්ට රඟපා පොලිසියට ඇමතුම් දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ පෞද්ගලික ලේකම් බව පවසා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 09 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026