(යොහාන් භාසුර)

නීති විරෝධීව තරග කළේ යැයි වරදකරු වූ ක්‍රීඩකයෙකුගේ විරෝධතාවයක් පිළිබඳ සලකා බලමින් බොරලැස්ගමුවේදී අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත එස්.එල්.ඒ.ඩී.ඒ. මෝටර් රථ ශූරතාවලියේ ජයසංකේත ප්‍රදානෝතසවයේ ford laser/Mazda 1300cc ඉව්වේ ජය සංකේතත ප්‍රදානය අත්හිටුවීමට  ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කළ ඇතැයි වාර්තාවේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියෙකු කිසිදු පරීක්ෂණයකින් තොරව එම ජයසංකේත ප්‍රදානෝත්සවය  අත්හිටුවන ලෙස සංවිධායකයන්ට දැනුම් දී ඇති බවත් එම තීරණය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩාවට දැඩි හානියක් බවත් ක්‍රීඩකයෝ පවසති.

මෙම තත්වය මත ජයසංකේතත  එම ඉසව්වට සහ ජය සංකේත ප්‍රදානෝත්සවය සඳහා වැය වැයකළ ලක්ෂ ගණනක මුදල ද දැඩි අවදානමකට ලක්ව ඇති බව කියන ක්‍රීඩකයෝ බලධාරීන් මෙවැනි තීරණ ගැනීමට පෙර අදාළ පැමිණිල්ලේ සත්‍යා සත්‍යතාවය පිළිබඳ සොයා බැලිය යුතු බව ද ඔවුහු සඳහන් කරති.

පසුගිය නොවැම්බර් මස 23 වැනිදා පැවැති SLADA RACING තරගාවලිවයේදී අදාළ ක්‍රීඩකයාගේ මෝටර් රථය පිළිබඳව ඇතිවූ සැකයක් මත තවත් ක්‍රීඩකයෙක් පැමිණිලි කර බවත්  ඒ අනුව සංවිධායකයන් කළ පරීක්ෂණයෙන් පසු රථයේ තරග නීති රෙගුලාසිවලට පටහැනි රථයේ අමතර කොටසක් හදුනාගෙන ඔහුගේ අවසන් තරගයෙන් ලකුණු ඉවත් කළ බවත් ක්‍රීඩකයෝ පවසති.

අවසන් තරගයේ ලකුණු ද සමග පළමු ස්ථානයේ පසුව අදාළ ක්‍රීඩකයාට එම ලකුණු 10 ඉවත් කිරීමත් සමග දෙවැනි ස්ථානයට පත්වීමට සිදුවූ බවද කියන ක්‍රීඩකයෝ ඒ හේතුවෙන් ඔහු මෙම විරෝධතාවය ගොනුකර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළහ.