කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා රාශියක ගුවන් ගමන් රාශියක් ප්‍රමාදවීම් වලට සහ අවලංගු කිරීම් වලට ලක් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද(28) සවස පැවසීය . 28 November 2025
දේදුගල නාය යාමක් :12 ක් අතුරුදන් බුලත්කොහුපිටිය දේදුගල ගගවැරලිය සෙන්බ්ලේම් වතුයායේ සිදුවු නාය යෑමකින් නිවාස හයක් මුළුමනින්ම ව්නාශවී තිබේ. 28 November 2025
ආපදාවට පිහිට වෙන්න ඉන්දියාවෙන් ගුවන් යානා ශ්‍රී ලංකාවේ ආපදා වෙනුවෙන් සහන සැලසීමට ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට එකඟත්වය පළ කර ඇත. 28 November 2025
මුදවා ගැනීමේ මෙහෙයුම්වලට ජාත්‍යන්තර සහාය මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා සිටී. 28 November 2025
‘‘කැලණි ගං නිම්නයෙන් හැකි ඉක්මනින් පිට වෙන්න‘‘ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම ඒ පෙදෙස් වලින් ඉවත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 28 November 2025
ආපදා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරියක් ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය සම්බන්ධව තොරුතුරු දැනුම් දීම සඳහා පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබේ. 28 November 2025
ප්‍රා.ලේ ආපදා වියදම් සීමාව මිලියන 50 තෙක් ඉහලට ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ ආපදා සහන වියදම් සීමාව රුපියල් මිලියන 50 දක්වා ඉහල නංවමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 28 November 2025
අවතැන් අයට වරායෙන් කෑම අවතැන් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිසූ ආහාර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. 28 November 2025
අසීරු වෙලාවේ කවුරුත් එකට වැඩ කරමු විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව කාර්යක්ෂමව කටයුතු කරමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් හමුවේ අද (28) පැවැසීය. 28 November 2025
මන්ත්‍රී පුටුවක් හිස්: මහ ලේකම් මැකෝට දන්වයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුවක් වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාවට අද දැනුම්දී ඇත. 28 November 2025
ජීවිත බේරගන්න ඕන නම් මෙන්න අංකය ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමටත් පොලීසිය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත 28 November 2025
අයවැය විවාද සඳුදා අඟහරුවාදා රෑ දොළහ වනතෙක් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ලබන සඳුදා සහ අඟහරුවාදා රාත්‍රී දොළහ දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 28 November 2025
මාකුඹුරට මහ සෙනඟක් රජයේ ආයතන විශ්ව විද්‍යාල නිවාඩු ලබා දීමත් සමග අධිවේගී මාර්ගය භාවිතා කරමින් තම ගම් බිම් බලා යාමට විශාල මගීන් පිරිසක් අද (28) දින උදෑසන සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිනෙමින් සිටිති. 28 November 2025
මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන සියලු දෙනාට මගේ ආචාරය මේ මොහොතේ මනුෂ්‍යත්වය මූලික කර ගනිමින් කටයුතු කරන සැමට හිස නමා ආචාර කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි. 28 November 2025
ගිනි අවිය ලොක් වි ඝාතනය වැළකේ පැරැලියේදී යතුරු පැදියකින් ආ දෙදෙනකු තරුණයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කිරීමේදී ගිනි අවිය ක්‍රියා විරහිත විම නිසා ඝාතනය වැළකී ගිය බව පෙලිසිය කියයි. 28 November 2025
අවතැන් කඳවුරු පාලනය යුද හමුදාවට අයහපත් කාලගුණ විපත් හමුවේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරු වල පාලනය යුද හමුදාවට බාර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. 28 November 2025
පාර්ලිමේන්තුවත් යටවෙන අවදානමක් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද යටවීමේ අවදානමක් මතුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 28 November 2025
විපතට පත් ප්‍රදේශ හොයන්න ගුවන් මෙහෙයුමක් විපතට පත් ජනතාව බේරා ගැනීමට ගුවන් යානා සහ නාවික හමුදාවේ බෝට්ටු සූදානම් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 28 November 2025
තියුණු අයුධවලින් කපා අයෙක් මරලා සමච්චතිව් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුල්ලි මූලච්චතිව් ප්‍රදේශයේ නිවසකට අද (28) අලුයමක් කඩා වැදුණු සිව් දෙනකු නිවසේ නිදා සිටි අයෙකු තියුණු ආයූද වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි කින්නියා පොලිසිය කියයි . 28 November 2025
විදුලි බිඳ වැටීම් 65,000 ක් අයහපත් කාලගුණය නිසා අද උදෑසන විට විදුලි බිඳ වැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. 28 November 2025
සහන දෙන විට මුදල් බාධාවක් කරගන්න එපා විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට අද (28) උපදෙස් දුන්නේය. 28 November 2025
විපතට පත් ජනයා බේරාගන්න හමුදාවෙන් 20,500ක් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භටපිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයාට උපදෙස්දී ඇත 28 November 2025
කන්තලේ වාන් දොරටු අරියි ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග කන්තලේ ජලාශය උපරිම ජලධාරිතාවයට ලගාවිම වන අක්කර අඩි 114,000 ක ප්‍රමාණය සම්පුර්ණවිමත් සමඟ ජලාශයේ වාන් දොරටු සියල්ලම ඊයේ (27) රාත්‍රියේ විවෘත කළ බව ජලාශය භාර කන්තලේ ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු චින්තක එස්.සුරවිර මහතා පැවසිය. 28 November 2025
පන්නලත් යට වෙයි ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීමෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහත් බිම් රැසක් ජලයෙන් යටවී නිසා පවුල් සියයකට අයත් පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. 28 November 2025
වාරිමාර්ගයෙන් කළු ගඟ අවට ජනතාවට අවවාදයක් කළු ගඟ ද්‍රෝණියේ ඉදිරි පැය කිහිපයේදී මහා ගංවතුර තත්වයක් ඇති වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවා ඇත. 28 November 2025
සහන වැඩට සම්පූර්ණ සහය දෙනවා පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන වැඩපිළිවෙළට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2025
පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තුනක් මරුට නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් නැන්දම්මා,ලේලිය සහ මාස තුනක බිලිදෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසීය. 28 November 2025
බදුල්ල රෝහලට දැඩි හානි මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මහියංගන රෝහලට දැඩි හානි සිදුව ඇතැයි පළාත් සෞඛ්යෙ සේවා කාර්යාලය කියයි 28 November 2025
ගම්පහ මහ ගංවතුර තත්වයක්: පැති කීපයක් යටවේ අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔය මහ ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. 28 November 2025
‘‘දිට්වා‘‘ තමිල්නාඩුව දෙසට නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශය සහ ශ්‍රී ලංකාව හරහා දැනට හමා යන ‘‘දිට්වා‘‘ සුළි කුණාටුව උතුරු සහ වයඹ දෙසට ගමන් කරන බවත් සුළි කුණාටුව 30 අලුයම වනවිට තමිල්නාඩුව සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 28 November 2025
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026