විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 13 August 2025
බෝමිරිය මැදි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 13 August 2025
කෝටි 7 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි ඉන්දියාවෙ සිට ධීවර බෝට්ටුමාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 284 යි ග්‍රෑම් 415 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය අරුකුවේලි හීදි ඊයේ (12) අත්අඩංගුවට ගත් බව යාපනය,චාවකච්චේරි පොලිසිය පවසයි. 13 August 2025
ඇමති බංගලා තීරණය මේ සතියේ ඇමති බංගලා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 13 August 2025
ඩෙංගු චිකුන් ගුන්යා යළි පැතිරෙන අවදානමක් ඩෙංගු සහ චිකුන් ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 13 August 2025
උණ්ඩ කිහිපයක මරදානේ දමා ගිහින් මරදාන ගාමිණී වටරවුම අසල තිබි ටි 56 ජීව උණ්ඩ සහ රිවොල්වර උණ්ඩ කීපයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි, 13 August 2025
තැනින් තැනට අද දවසෙත් වැසි බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 August 2025
ජනපති - කැනේඩියා මහකොමසාරිස් අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණ. 12 August 2025
වරෙන්තුකරුවෝ 375ක් දැලේ පොලිසිය සහ හමුදාව එක්ව දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 375 දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයය කියයි. 12 August 2025
කේලරයේ කෝවිලක් ලංකාව පිළිගනී ශ්‍රී ලංකා රජය පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස සබරිමලෛ වන්දනා ගමන ප්‍රකාශයට පත් කිරීම හා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
ජිව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට සමනල වැව ,අලුත්නුවර හේන්යාය ප්‍රදේශයේ දි ජිව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයකු අද (12) දා අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය. 12 August 2025
වියට්නාමයේ මහා පරිමාණ ආයෝජන ලංකාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණි. 12 August 2025
බලංගොඩ පාරකදී බඹරු ඇන 10 ක් රෝහලේ බලන්ගොඩ රාස්සගල රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ල වත්ත ප්‍රදේශයේ දි මාර්ගයේ ගමන් ගත් 10 දෙනෙකු බඔර ප්‍රහාරයකට ලක්ව ඉන් තුන් දෙනෙකු අද (12) දා සවස බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත. 12 August 2025
නාවලපිටිය පහේ හපනුන්නට අසාධාරණයක් කරලා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී නාවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ ශාලා අංක 1 දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රය පැය කාලක් පමාකර දී පැය කාලක් කලින් එකතු කර අසාධාරණයක් සිදු කර ඇතැයි පවසා මව්පියෝ පිරිසක් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගම්පොළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට පැමිණිල්ලක් අද භාරදුන්හ. 12 August 2025
අතරමඟ නැවතුණු වැඩ එකොළහක් යළි අරඹයි නාගරික සංවර්ධන විෂය පථයට සම්බන්ධ තාවකාලිකව අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
‘‘ලංකාවේ නමින් කිසිදු යානයක් නෑ‘‘ ලංකාවට අයිති කක්ෂ ස්ථානවල ‘‘සුපිරිම් සැට් වන්‘‘ නමින් හෝ ‘‘චයිනා සැටි 12‘‘ නමින් කිසිදු යානාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නැතැයි ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමයේ තොරතුරු අනුව වාර්තා වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 12 August 2025
‘‘විශ්වාසභංගෙ අපට අභියෝගයක් නොවේ‘‘ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 12 August 2025
ධම්මික පන්නන්න හේතුව නිදහස් සේවක සංගමය කියයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් පෞද්ගලික දුරකථන සමාගමක් සමඟ එකතුව ක්‍රියාත්මක කළ දුම්රිය මාර්ගයේ කේබල් ඇදීමේ වංචනික ගණුදෙනුවක් නතර කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට හේතුව බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් පවසයි. 12 August 2025
සූර්ය බලයෙන් වැඩිපුර වැඩ ගන්න යයි ශ්‍රී ලංකාවේ පාවෙන සූර්ය බල ශක්තිය සංවර්ධනය කිරීම සඳහා උපදේශන සේවා සැපයීම වෙනුවෙන් පිළිගත් සමාගම් වලින් යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සැසියක් ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියාව සඳහා වන කලාපිය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරයෙහි සත්කාරකත්වය දැරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
වරයක් ඉල්ලා ගුරුවරු විරෝධයේ ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලේ අතර මැදි ශ්‍රේණිවලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට යළි අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් පිරිසක් දින දෙකක් තිස්සේ කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක නියැලුණහ. 12 August 2025
වෙළට ඇද්ද විදුලි කම්බියේ පැටලි දෙදෙනෙක් මරුට ඌරහස්මංහන්දිය කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායක අභිරහස් අයුරින් මිය ගිය පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු අද දහවල් සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 12 August 2025
ක්ෂුද්‍ර මූල්‍ය - ණය නියාමනයට අලුත් පනතක් ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයට නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවා නිළධාරියකු වන කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 12 August 2025
හිටපු ජනපති හිමිකම් ඉල්ලා නඩු දාන වැඩට චන්ද්‍රිකා නෑ ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිසිවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ නොවන බව එම මාධ්‍ය ඒකකය පවසයි. 12 August 2025
රොනාල්ඩෝ විවාහ ගිවිස ගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සහ සිය දිගු කාලීන පෙම්වතිය ජෝර්ජියානා විවාහ ගිවිසගත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 12 August 2025
නව පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත. 12 August 2025
’’ලංකාවේ නිෂ්පාදනාගාරවල විෂ මත්පැන් හදනවා’’ ස්කාගාර, ධාන්‍ය මත්පැන් සහ රා බෝතල් කිරීමේ නිෂ්පාදනාගාරවල මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ අනුමත නොකළ ද්‍රව්‍ය යොදාගනිමින් මත්පැන් නිෂ්පාදනය කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පවසයි. 12 August 2025
කහවත්තේ අනතුරින් 11ක් තුවාල ලබති කහවත්ත කෙටේතැන්න ප්‍රදේශයේදි ලංගම බස් රථයක් සහ දැව කොටන් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටිමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 11 දෙනකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 12 August 2025
මීගොඩ වෙඩික්කරු තලවතුගොඩින් අල්ලයි මීගොඩ ප්‍රදේශයේදී හෝමගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු තලවතුගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 12 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026