තැපැල් සේවකයෝ පැය 24ක් වැඩ වරති කැබිනට් පත්‍රිකාව වහා අනුමත කර තැපැල් සේවක ගැටළුව විසදන ලෙසත් නිලධාරීන් බදවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයෙදී සියට 25 ක් ලකුණු දීම වහා නවතන ලෙස රජයට බල කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (30) පැවැත්විණි. 30 March 2021
සතියකට දවසක් රන්ජන් බලන්න අවසර අඟුණකොළපැලෑස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා සෑම බදාදා දිනයකම එක් මන්ත්‍රිවරයකුට පමණක් අවසර දෙන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්තව්තේ මහතා පවසයි. 30 March 2021
අල්ලස් මුදල ගිල්ල පොලිස් ලොක්කා රිමාන්ඩ් රුපියල් දහ දහසක අල්ලස් ගන්නා ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිවේරිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලබන අට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (30) නියම කළේය. 30 March 2021
රවී ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ් මහ බැංකු බඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 පාඩු කළ බවට චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු අට දෙනා ලබන 1 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (3) නියම කළේය. 30 March 2021
ක්‍රිකට් පරිපාලනය ගැන ක්‍රීඩා ඇමති වැඩිදුර උපදෙස් පතයි ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දී ඇති උපදෙස් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් වැඩි දුර උපදෙස් ඉල්ලා ලිපියක් යොමු කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි. 30 March 2021
ඊ.ටී.අයි. අධ්යක්ෂවරුන් යළි රිමාන්ඩ් ගනු දෙනුකරුවන්ගේ මුදල් වංචනිකව ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට රිමාන්ඩ් බාරයට පත් කර සිටින ස්වර්ණමහල් හිටපු අධ්යක්ෂවරුන් සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද (3)) නියෝග කළේය. 30 March 2021
කටාර් රාජ්‍යයේ වැටුප් වැඩි කරයි කටාර් රාජ්‍යයේ සේවය කරන සියළුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය මගින් නිකුත්කරන ලද නිවේදනයක සඳහන් වේ. 30 March 2021
‘‘ආණ්ඩුවට නඟන චෝදනා පදනම් විරහිතයි‘‘ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරමින් විපක්ෂය දිනෙන් දින එල්ල කරනු ලබන චෝදනාවන් පදනම් විරහිත බව පවසමින් ‘පහනට තෙල්’ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද(30) පැවැත්විණි. 30 March 2021
පළාත් ඡන්දෙදී ප්‍රසාද මන්ත්‍රීධූර වැඩි වේ පළාත් සභා මැතිවරණයක දී ජයගන්නා පක්ෂයට හිමිවන ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමය යටතේ ඉහළ නැංවීමට යෝජනා වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසයි. 30 March 2021
ලොරි රියැදුරුට පහරදුන් කොස්තාපල් රිමාන්ඩ් පන්නිපිටියේදී ලොරි රථ රියැදුරකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ කොස්තාපල්වරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (30) නියෝග කළේය. 30 March 2021
චීනය සීනෝෆාම් හෙට ලංකාවට චීනය ප්රදානය කර ඇති සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හය රැගත් විශේෂ ගුවන් යානය දිවයිනට හෙට (31) පැමිණීමට නියමිතව ඇතැයි කොරෝනා මර්දන එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. 30 March 2021
පන්නිපිටියේදී ඊයේ එහෙමයි:වාද්දූවේදී අද මෙහෙමයි මහරගම පොලිසියේ රථවාහන අංශ කොස්තාපල්වරයෙකුගේ අපකීර්තිමත් හැසිරීමක් පිළිබඳ රටම කතාබහට ලක්ව ඇති මොහොතක පොලිස් රථවාහන අංශ නිළධාරින් පිරිසකගේ සත් ක්‍රියාවක් අද (30) දහවල් වාද්දුව ගාලුපාරේ දී දැකගත හැකිවිය . 30 March 2021
‘‘දංකොටුවේ බවුසර්වල විෂ තෙල් ඇතැයි දැන්ම කියන්න බෑ‘‘ දංකොටුව නගරය ආසන්නයේ පාළු ඉඩමක සඟවා තිබියදී සොයාගත් තෙල් බවුසර්වල ඇත්තේ විෂ පොල්තෙල් බවට කිව නොහැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. 30 March 2021
කොළඹට ගුවන් කෝච්චි කොළඹ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස සමස්ත කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මතින් ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 30 March 2021
දෙනුවර මැණිකේ යළි බදුලු යයි තාවකාලිකව නතර කරන ලද කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය හෙට (01) සිට යළි ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 30 March 2021
නාකොටික් විසි දෙනා යළි රිමාන්ඩ් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට රිමාන්ඩ් බාරයේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (30) නියෝග කළේය. 30 March 2021
‘‘දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ අධ්‍යනයට ජනාධිපති, කොමිසමක් පත් කරලා‘‘ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශ පිළිබද අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා වෙනම කොමිසමක් මේ වන විට පත් කර ඇති බවත් , ඒ අනුව එම කොමිසම අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබද කරුණු සලකා බලමින් සිටින බව ජනාධිපති නීතී අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (30) අභියාචනාධිකරණයට දැන්වීය. 30 March 2021
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදහස් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඒ.එම්.ඩී. නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට එරෙහිව ගොනුකර තිබෙන අල්ලස් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (30) නියෝග කළේය. 30 March 2021
කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබන 19 වැනි දා සිට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ලබන 19 වැනි දා සිට අරඹන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටී. 30 March 2021
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයෙන් කොරෝනා රෝගීන් නවයක් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක අලුතින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් නම දෙනකු හමු වී ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 30 March 2021
බිරිය මරා ජලාශයට දැමූ සැමියාට වැඩ වරදී සිය බිරිඳට පහරදී ඝාතනය කර ඇගේ සිරුර වෑන් රථයකින් රැගෙන ගොස් ඉහළ කොත්මලේ ජලාශයට විසිකළ බව කියන සැමියා ආගර පතන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 30 March 2021
විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැක ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 30 March 2021
ආබාධිත රියැදුරා පොලිස් නිලධාරියා යට කරන්න හදලා රථවාහන මෙහෙයුමක යෙදී සිටී සිටි පොලිස් කණ්ඩායමක් පෑලියගොඩ මාළු වෙළෙඳපොල අසන්නේ දී මෝටර රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ආබාධිත පුද්ගලයෙකු එම රථය පදවා ඇති බවට අනාවරණය කරගෙන ඇත . 30 March 2021
පළාත් රැසකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2021
කොදෙව් පිල කඩුලු 7 ට 286 යි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහිදී අද (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කොදෙව් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටියේය. 30 March 2021
පන්නිපිටියේ කොස්තාපල් අත්අඩංගුවට පන්නිපිටිය මාර්ගයේ දී ලොරි රථ රියදුරකුට පහර දීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටින මහරගම පොලිසියේ රථවාහන අංශය කොස්තාපල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 30 March 2021
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි දාහතර දාහසක බදු ගෙවා නෑ ආයතන හා පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දාහතර දහස් හාරසියපනස් තුනකට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි. 30 March 2021
පළාත් සභා ඡන්දය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවී ඇතැයි වාර්තා වේ. 30 March 2021
ඩෙංගු නසන්න වඳ මදුරුවන් ලක්ෂයක් පරිසරයට වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී මෙරට පළමු වරට අද (29) පෙරවරුවේ සිදු කෙරිණි. 29 March 2021
පිළිකා පරික්ෂාවට පොල්තෙල් සම්පල් 125ක් අරන් ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් විවෘත වෙළෙඳපොලේ තිබේදැයි පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි සාම්පල් 125 ක් ලබාගෙන ඇතැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 29 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026