තහනම් වල්නාශක සමග දෙකක් සැකපිට මෙරට භාවිතය හා අලෙවිය තහනම් වල් නාශකයක් වන ග්ලයිෆොසෙඩ් කිලෝ 1000ක් සමග සූරියවැව කෘමිනාශක අලෙවිහල් හිමිකරුවෙක් හා ගෝලයකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය. 31 March 2021
ජරාව කෑ ග්‍රාමසේවකට වැඩ වරදි බැංකු ඇපකරයකට ව්‍යාජ සහතිකයක් ලබා දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 15,000ක මේසයක් සහ රුපියල් 15,000 මුදලක් ඉල්ලා ලබාගත් බව කියන වව්නියාව කෝවිල්කුලම් ග්‍රාම නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබිය. 31 March 2021
රන්ජන් ගැන මහින්දානන්දගේ හිත උණුවේ සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 31 March 2021
ජනමාධ්‍යවේදීන්ට වටිටම් සහිත කාඩ්පතක් ජනමාධ්‍යවේදීන් සඳහා වටිටම් සහිත කාඩ්පතක් ප්රදානය කිරිම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දි ඊයේ (29) සිදුකෙරිණි. 31 March 2021
පොඩි ලැසීගේ ගොලයෙක් අහංගමදී අත්අඩංගුවට පොඩිලැසීගේ ගෝලයකු බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමඟ අහංගමදී අද (31) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 31 March 2021
මහ පාරේ ගිනිගත් වෑන් රිය පානදුර - හොරණ මාර්ගයේ ගමන් ගනිමින් තිබූ වෑන් රථයක් වෑකඩ ප්‍රදේශයේදී අද (31) දහවල් ගිනිගෙන දැවී ගිය බව පානදුර දකුණ පොලිසිය කියයි . 31 March 2021
‘‘පාස්කු සැකකරුවනට ඉදිරි මාස දෙකේ නඩු පවරනවා‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන්ට ඉදිරි මාස දෙකක පමණ කාලයේ දී ස්ථීරයෙන්ම නඩු පැවරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජානාධිපති නීතිඥ අලිසබ්රි මහතා පවසයි. 31 March 2021
තැපෑලෙ කටයුතු අඩපණයි තැපැල් වෘත්තිය සමිති අද (31) ගෙනගිය එක් දින වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල කටයුතු සියල්ල අඩපණ වී ගියේය. 31 March 2021
ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරය රුපියල් 202 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (31) 202 සීමාව ඉක්මවා පහළ ගියේය. 31 March 2021
ස්විස්ටර්ලන්තයෙන් සහ ජර්මනියෙන් පිටුවහල් කළ 24 කටුනායකට ස්විස්ටර්ලන්තය සහ ජර්මනියේ නීති විරෝධී ලෙස රැඳී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෝ 24 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් එම රටවල ආගමන විගමන නිලධාරින් විසින් මෙරටට අද රැගෙන ආහ. 31 March 2021
ණයට වෙන් කළ ලොතරැයියේ දිනුම වෙළෙන්දිය හිමිකරුට දන් දෙයි ණයට ඇනවුම් කළ ලොතරැයියට හිමි වූ රුපියල් ලක්ෂයක මුදල හිමිකරුට ලබාදුන් ලොතරැයි වෙළෙන්දියක් පිළිබඳ පුවතක් පිටිගල තලගස්පෙ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 31 March 2021
අඟුණකොළපැලැස්සේ අනතුරින් එකක් මරුට:14ක් රෝහලට අඟුණකොළපෑලැස්ස ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැටිහේන ප්‍රදේශයේදී ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් දාහතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 31 March 2021
රන්ජන්ගේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව ලබන 5ට කල්යයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 05 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද(31) තීන්දු කළේය. 31 March 2021
කඩු 6000 මෙරටට ගෙන්වීම ගැන හොයන්න විශේෂ රහස් පොලිස් කණ්ඩායම් දෙකක් 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේදී කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම ට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 31 March 2021
වැලිකන්ද මඩුමුනේ මහ පරිසර විනාශයක් නැගෙනහිර පළාතෙන් ආ කණ්ඩායමක් පොලොන්නරුව වැලිකන්ද මඩුමුනේ හින්දු දේවාල භූමියක් සහ රක්ෂිතය අල්ලා මහා පරිසර හානියක් කරන බව පරිසරවේදීහු සහ වැලිකන්දේ මහා සංඝරත්නය පෙන්වා දෙති. 31 March 2021
අනුන්ගේ ගිණුම්වලින් මුදල් ඇද්ද අයෙක් අල්ලයි අන්සතු ගිණුම් වලින් සොරාගත් 1,3500000 ක මුදලක් සිය බැංකු ගිණුමේ තැන්පත් කරගෙන සිටි පුද්ගයෙක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 31 March 2021
හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි, උණ්ඩ සමඟ 6 ක් කේරලයේදී අල්ලයි ඉන්දියාවේ කේරළයේ විජින්ජම් වෙරළ තීරයේදී හෙරොයින් කිලෝ 300 ක්, ගිනිඅවි සහ පතරොම් තොගයක් සමඟ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සමඟ ඉන්දීය වෙරළාආරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. 31 March 2021
හොර ඒජන්සි හිමිකරුට පැන ගන්න බැරිවේ කොළඹ නගරයේ ව්‍යාජ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමින් කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 අධික මුදලක් වංචා කළැයි කියන පුද්ගලයකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 31 March 2021
වැස්ස තරමක් අඩුවෙයි බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (31) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 March 2021
ශ්‍රී ලංකාව කඩුලු 3 ට 136 යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අඟහරුවාදා ක්‍රීඩාව නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය. 31 March 2021
පරිසරය රකින්න පොලිස්පතිගෙන් චක්‍රලේඛයක් පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්රීයාමාර්ග ගන්නා ලෙසත්, පරිසරයට එරෙහි වන්නන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විශේෂ චක්‍රලේඛයක් මගින් පොලිපති සී.ඩී.වික්‍රමරත්න මහතා සියලුම පොලිස් නිලධාරීන් දැනුම්දී ඇත. 31 March 2021
හොර සල්ලිවලින් බඩු ගන්න ගිහින් විහින් අමාරුවේ වැටේ රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 7 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි. 31 March 2021
ත්‍රිපිටකය ආරක්ෂා කරන්න නව පනතක් ත්‍රිපිටක සංරක්ෂිත පනතක් ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 31 March 2021
‘‘ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවනවා‘‘ වත්මන් රජයේ කටයුතුවලට සහයෝගය දෙන අතරම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහාත් කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 31 March 2021
ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවා නංවන්න ජපානයෙන් අතහිත ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ශීතාගාරදාම පද්ධතිය දියුණු කිරීමට ජපාන රජය ඇමෙරිකා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි. 31 March 2021
කමිටු රැස්වීමේදී ඇමැති-දේවානි ගැටෙති මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර අද (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 30 March 2021
පේරාදෙණිය පශ්චාත් උපාධි ආයතනයේ කෝටි පහක වංචාවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ ස්ථාවර තැන්පතුවල මුදල්වලින් රුපියල් කෝටි පහක මුදලක් එහි ප්‍රධානියකු වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 30 March 2021
විවෘත විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය ගැන නව උපාධියක් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණ විද්‍යා නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන අතර ඒ සඳහා සිසුන් 1000 ක් වසරකට බඳවාගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කොළඹදී අද (30) පැවසීය. 30 March 2021
ටොම් මූඩිට ප්‍රශ්නයක් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක කමිටුවේ නිල කාලය ඉකුත් වී ඇතිබව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් මෑතකදී පත්කරන ලද ක්‍රිකට් අධ්යක්ෂවරයා වන ටොම් මූඩි මහතා කලබලයට පත්වී නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි. 30 March 2021
තැපෑලේ නිවාඩු අවලංගු කරයි තැපැල් කාර්ය මණ්ඩලයේ නිවාඩු සියල්ල අවලංගු කළ බව දැනුම් දෙමින් තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරයි. 30 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026