ඩෙංගු නසන්න වඳ මදුරුවන් ලක්ෂයක් පරිසරයට වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී මෙරට පළමු වරට අද (29) පෙරවරුවේ සිදු කෙරිණි. 29 March 2021
පිළිකා පරික්ෂාවට පොල්තෙල් සම්පල් 125ක් අරන් ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් විවෘත වෙළෙඳපොලේ තිබේදැයි පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි සාම්පල් 125 ක් ලබාගෙන ඇතැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 29 March 2021
ගල්කිස්සේ වැලිපරය ප්‍රතිනිර්මාණය වෙලා ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රතිනිර්මාණය වී ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා පවසයි. 29 March 2021
‘‘අස්පර්ශ‘‘ උරුම රාජ්‍ය සම්මාන ප්රදානය ලෝක කවි දින සහ රූකඩ දින සැමරුමට සමගාමීව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ අස්පර්ශ උරුම රාජ්‍ය සම්මාන ප්රදානෝත්සවය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (29) පැවැත්විණ. 29 March 2021
ලොරි රියැදුරකුට කෘෘර ලෙස පහරදුන් කොස්තාපල්ට වැඩ වරදි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයේ රියැදුරුට මහ පාරේ දී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 29 March 2021
ජල ගැලුම් නිම්නය හරහා මාර්ගයක් හැදීම වළක්වන්නැයි ඉල්ලයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා කිලෝමීටර් 13 මාර්ගයක් ඉදිකිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (29) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 29 March 2021
ඇවන්ට් ගාඞ් සභාපතිට රට යන්න අවසර ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා එල්ල වී සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට විදේශගත වීමට අවසර දුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට විදේශගතවීම වළකාලමින් පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කොට ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දුන්නේය. 29 March 2021
වාහන තුනක් එකට ගැටී හතරක් රෝහලේ වාද්දුව පොතුපිටිය ගාලුපාරේ අද (29) පස්වරුවේ වාහන තුනක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනකු ඇතුලු සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය කියයි. 29 March 2021
එජාපයට එරෙහිව වාරණයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධම්මික වීරරත්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ලබන 12 වැනිදා තෙක් වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද ( 29) වාරණ නියෝගයක් නිකුත් කළේය. 29 March 2021
හමුදා සෙබළු දෙදෙනා කතකගේ මරුවා පරදවති අනුරාධපුර නුවරවැවට වැටී ගිලෙමින් සිටි තරුණ කතකගේ දිවි බේරාගැනීමට ඒ අසලින් ගමන් ගත් යුද හමුදා සෙබළු දෙදෙනෙක් අද සමත් වූහ. 29 March 2021
අයාලේ යන බල්ලන්ගෙන් සිසුවාට බේරෙන්න බැරි වේ මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාල තුළදී අයාලේ යන බලු රංචුවක් සපා කෑ එහි පළමු ශ්‍රේණියේ සිසුවකු බරපතල තුවාල ලබා මාතලේ මහ රෝහලට අද (29) දහවල් ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. 29 March 2021
දිවිපිදූ රණවිරුවන්ට විශ්‍රාම වැටුප ඉල්ලා පාගමනක් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවයේ නියතුව සිටියදී මියගිය රණවිරුවන්ට අවුරුදු 55 යෙන් පසු ලබා දෙන විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා සියලුම ත්‍රිවිධ හමුදා හා පොලිසියේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ එකමුතුව සංවිධානය කරන පා ගමනක් හා උද්ඝෝෂණයක් අද ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි. 29 March 2021
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන අගරදගුරු පදවි ප්‍රකාශක් පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කරමින් මහා විනාශයක් සිදුකළ අය සොයාගන්නට සහ ඔවුන්ට දඬුවම්දීමට ප්‍රහාරයෙන් වසර දෙකක් ගතවන තුරුත් නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේලිකාවක් බවත්, මෙම පරීක්ෂණ සිදුකරන ආයතනවල කාර්යක්ෂමතාවයට යම් බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් එතුළින් මතුවන බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 29 March 2021
ත්රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට යාපනය නවලර් වීදියේ රහසිගතව යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එල්.ටී.ටී. ඊ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන දෙදෙනකු ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 29 March 2021
විදුලි ජනනයේ අඩුපාඩු සොයන්න අනුකාරක සභාවක් විදුලි ජනන සැලසුම් අඩුපාඩු අව කිරීම සඳහා ක්‍රියාමර්ග ගැනීමට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් ඇමැති අනුකාරක සභාවත් කරයි. 29 March 2021
‘‘මුතුරාජවෙල ගොඩකිරීම් ගැන පැමිණිලි හමස් පෙට්ටියට‘‘ මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබී ඇතත් එම ආයතන එම පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි. 29 March 2021
අලියෙක් පාසලේ ගේට්ටුව අසලදී මවකට පහරදෙයි අරලගංවිල සඳගලතැන්න ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී තම දරුවා පාසලට කැඳවාගෙන එමින් සිටි මවකට වන අලියකු පහරදී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 29 March 2021
බස්නාහිර පාසල් පටන් ගත්තෙ මෙහෙමයි බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ කෙරිණි. 29 March 2021
කොරෝනා බිලිදු මළසිරුර ආදහනයට එරෙහි පෙත්සමෙන් විනිසුරු කෝදාගොඩ ඉවත් වේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී දින විස්සක බිළිදෙකු කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත්වීමෙන් පසු එම බිළිඳු මෘත ශරීරය අත්තනෝමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම බිළිදා ගේ මාපියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි සාමාජිකයකු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත් වන බව ඒ මහතා අද (29) විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 29 March 2021
ශ්‍රී ලංකා කණ්ඩායම පතුළටම වැටෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීම අනුව මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් පෙළ ගැස්වෙන ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබේ. 29 March 2021
තව පොල්තෙල් සමාගම් තුනක් තත්ත්ව පරීක්ෂණයෙන් අසමත් තවත් සමාගම් තුනකින් ආනයනය කළ පොල්තෙල් දෙවැනි තත්ත්ව පරීක්ෂණයෙන් ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි. 29 March 2021
රාජ්‍ය ඇමැති ජනතාවගේ දුක දකී අපේ ජනතාව නිරන්තරවෙන් පිඩා විදින වල් අලි ගැටළුව ගැන විෂය බාර ඇමතිවරයාට පැවැසූවිට එයා මට කියනවා ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා කියලා යැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. 29 March 2021
යාපනය කිට්ටු උද්‍යානයේ පිවිසුමට ගිනි තියලා යාපනය නල්ලූර් කිට්ටු උද්‍යානයේ පිවිසුම් දොරටුවේ ඇති ගොඩනැගිල්ලට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. 29 March 2021
හාගල රක්ෂිතය අතරමං වූ තරුණ ජෝඩු දෙක සොයාගනී බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතය තරණය කිරිම සදහා ගොස් එහි අතරමං වී සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණියන් දෙදෙනකු පෙරදින රාත්‍රීයේ සොයාගත් බව පොලිසිය පවසයි. 29 March 2021
හුණුගල් ප්‍රවාහන ඇරැඹීම නිමිත්තෙන් දුම්රියේ ඇත්තන්ට මධු සාදයක ගාල්ලේ පිහිටි සිමෙන්ති කම්හලට හුණුගල් ගෙන ඒම ආරම්භ කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකවරුන් හා රියැදුරු මහත්වරුන් වෙනුවෙන් පුත්තලමේ පිහිටි තරු හෝටලය දී යළිත් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 29 March 2021
චීන එන්නත එන්නේ ශ්‍රී ලංකන් යානයකින් චීනයේ ප්‍රදානයක් ලෙස, එරට නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබන බදාදා (31) මෙරටට ලැබීමට නියමිත බවත් එන්නත් තොගය චීනයේ සිට මෙරටට රැගෙන එනු ශ්‍රී ලංකන්’ ගුවන් යානයකින් බවත් චීන තානාපති කාර්යාලය පවසයි. 29 March 2021
ජල පාරදීගේ ආ මාරයා දෙදරු මව බිලිගනී මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගිය බව පොලිසිය කියයි . 29 March 2021
ධීවරයන්ට හා නාවිකයන්ට අනතුරු ඇඟවීමක් ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ අද (29) දිනයේදී ක්ෂණිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 March 2021
‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි. 29 March 2021
ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු ප්‍රාදේශීය ලේකම්ලාගේ දොස් දකිති ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ කටයුතු කිරීමේදී දැඩි හිරිහැරයට පත්වන බව ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ට පැමිණිළි කළහ. 29 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026