13 කණුවේ කළු ගල ඉවත් කරන්න-ඌව ආණ්ඩුකාර පස්සර 13 කණුව අසළදි බස් රථයක් ප්‍රපාතයට පෙරළීමට ප්‍රධානම හේතුව බව කියන මාර්ගයට වැටී තිබෙන කළු ගල වහාම ඉවත් කරන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළේය. 21 March 2021
තෙල් පිරිපහදුවෙන් කොරෝනා පොකුරක් කොරෝනා නව රැල්ලක් ඇති කරමින් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් කෝවිඩ් ආසාදිතයන් 474ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 21 March 2021
ඉන්දියාවේ සහායත් ලංකාවට-ජයනාත් කොළඹගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සිය සහාය ලබාදෙන බව ඉන්දියාව තහවුරු කළේ යැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. 21 March 2021
පිලියන්දල ෆේස්බුක් සාදය පොලිසියෙන් වටලයි ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාර්ගයෙන් පිරිස එක්රැස් කරමින් පිලියන්දල මඩපාත ප්‍රදේශයේ ලැගුම්හලක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 March 2021
සිසුහු දෙදෙනෙක් මාඔයේ ගිලි මරුට මාවනැල්ල මා ඔයේ නාමින් සිටි පාසල් සිසුන් හත් දෙනකුගේ දෙදෙනකු අද දහවල් (21) දියේ ගිලී මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය කියයි. 21 March 2021
‘‘ජේවීපී පරසරවේදියෝ‘‘ කාගේද:ජවිපේ හිටපු මන්ත්‍රිගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක් පරිසර විනාශයන් පිළිබඳ ව්‍යාජ පුවත් පළකරමින් ජේවීපී පරිසරවේදියෝ නමින් පවත්වාගෙන යන ෆේස් බුක් පිටුව සම්බන්ධයෙන් විමර්ශන කර එය පවත්වාගෙන යන්නන් කවුදැයි ජනපතිට හා රටට හෙළිදරව් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළේය. 21 March 2021
පස්සර අනතුරේ රියැදුරන් දෙන්නාම රිමාන්ඩ් පස්සර දී පෞද්ගලික බස් රථ අනතුර දැක දැකත් පළාගොස් සැගව සිටි බව කියන ට්‍රිපර් රථ රියදුරා සහ අනතුරට ලක්වු බසය පැදවු රියදුරා ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා නියෝග කළේය. 21 March 2021
අවුරුදු කන්න ඇමැතිගෙන් බඩු මල්ලක් අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයනට රුපියල් දහසක සහන බඩු මල්ලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 21 March 2021
අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි දාහතර දෙනකුට මරු කැඳවමින් ලුණුගල - පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. 21 March 2021
‘‘මගී බස් ධාවනයට නව බලපත්‍රයක්‘‘ දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 21 March 2021
බංග්ලාදේශයේ සහායත් ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට, බංග්ලාදේශයේ සහාය ලැබෙන බව එරට අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ලැබේ. 21 March 2021
‘‘අඩු ආදායම් තව ලක්ෂයකට රැකියා‘‘ රැකියා ලක්ෂයේ ප්‍රථම වැඩසටහන අවසන් වූ පසුව අඩු ආදායම් පවුල්වල තවත් ලක්ෂයකට රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 21 March 2021
හන්තානේ අතරමං වූ සිසුන් සොයා ගනී මහනුවර හන්තාන රක්ෂිතයේ චාරිකාවකට ගොස් අතරමංව සිටි පාසල් සිසුහු හය දෙනා මහනුවර විශේෂ කාර්ය බලකා කඳවුරේ භට පිරිසක් විසින් සොයා ගනු ලැබූහ. 21 March 2021
‘‘පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට කඩිනමින් නඩු‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයනට එරෙහිව නීතිපතිවරයා කඩිනමින් නඩු පවරනු ඇතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා පවසයි. 21 March 2021
බන්ධනාගාර නියාමක විහින් අමාරුවේ වැටේ යාපනය බන්ධනාගාර නියාමකයකු හෙරොයින් ග්‍රෑම් 45 ක් සමග අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 21 March 2021
බස් අනතුරේ රියදුරා බීමත්දැයි පරීක්ෂණ බදුල්ල - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අනතුරට පත් බසයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය වන අවස්ථාවේ ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් හෝ මත්පැන් ලබාගෙන තිබුණේ ද යන්න හෙළි කර ගැනීම සඳහා ඔහුගේ මුත්‍රා සහ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 21 March 2021
අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනකු අල්ලයි ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධ කරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් බව කියන දෙදෙනකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 March 2021
කාන්තාවට ලක්ෂ 80 සඟවන්න බැරි වෙයි රුපියල් ලක්ෂය 80කට අධික මුදලක් ත්‍රි රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක පැල්මඩුල්ලේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 March 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2021
ප්රවීණයන්ගේ අවසන් ගැටුම අද රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල සහ සචින් තෙන්ඩුල්කාර් මෙහෙයවන ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අතර අද (21) මුම්බායිහිදී පැවැත්වේ. 21 March 2021
ලොතරැයි මුද්‍රණයට වසර හතරට කෝටි 200ක්:කෝප් විමර්ශන ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 200කට අධික මුදලක් 2016 - 2019 වර්ෂය දක්වා වසර හතරේදී වැය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) විමර්ශනයක් අරඹා ඇත. 21 March 2021
සෙල්ලම් පිස්තෝල සමග සැබෑ පිස්තෝලය ගෙනා අය අල්ලයි දෙමටගොඩ කාගෝ සමාගමකට ජපානයේ සිට සෙල්ලම් පිස්තෝල දෙකක් සමග එවන ලද ගිනි අවි හා ජීව උණ්ඩ හය ලබා ගැනිමට පැමිණි සිටි පුද්ගලයකු දෙමටගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 20 March 2021
තෙවන කළු ඉරිදා හෙට පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාව තුන්වැනි දිනටත් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 20 March 2021
ඉන්දියානු මහ කොමසාරිස්, විදේශ ඇමැති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හදිස් හමුවක් අද සිදුවිය 20 March 2021
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය කියා සිටී. 20 March 2021
‘‘ජනපතිවරණයට නැවත එනවාද නැද්ද තීරණය ජනතාව අතේ‘‘ තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 20 March 2021
පාකිස්තාන අගමැතිට කොරෝනා පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කියයි. 20 March 2021
ජීවිත 15 අහිමි කළ කළුගල ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති. 20 March 2021
රක්ෂිතයේ ඉඩම් බෙදූ ප්‍රා.මන්ත්‍රී අල්ලයි කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කට්ටිකර පුද්ගලයන් පිරිසකට බෙදීමේ නිරතව සිටී කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 20 March 2021
බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා මේජර් ජෙනරාල් ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කීරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කර ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. 20 March 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026