‘‘සෝෆා‘‘ ගිවිසුම අත්සන් කරන්න රජය තීරණයක් ගෙන නෑ-නීතිපති
ඇමෙරිකා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය ද ප්‍රකාශයට පත්කර ඇති බවත් , ඇමෙරිකා හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ ’’සෝෆා’’ ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.