(ඩයනා උදයංගනී සහ නිමන්ති රණසිංහ)
පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදීත්, එම දැනුම්දීම අනුව කටයුතු නොකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසද අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන හැටියට දිවවල් එකකට වැඩි ගණනක් තියෙන්නත් ඕනෑ මෙහෙම කියන්න. ඒ භාෂා දෙක තේරුම් ගන්න වෙනම භාෂා ඥාණයක් තියෙන්න ඕනෑ. අනේ මන්දා? මේ අපබ්‍රංශ මොනවද කියලා?
අනේ මෙහෙමත් ආණ්ඩුවක්.. ලංකාව ඉවරයි දැනටම...
බොරු සෝබන. ඔය ඇමති වරයාගේ කථා දැන් පීචං වෙලා ඉවරයි.
පොලිසිය පිළිපදින්න ඕනේ ශ්‍රීලංකා ජනරජයේ නීතිය කියලයි මම මෙච්චරකල් හිතන් හිටියේ
වැඩේ දුරදිග ගියාම දැන් එහෙම කියනවා.
ඇමතිතුමා දැන් ඔහොම කියයි. බොරු ප්‍රචාර දීලා කලබැගෑනියක් වුණාම සී.අයි.ඩී නිලධාරීන් අහයි බුදියන් හිටියාද කියලා. රටේ ආරක්ෂාව පිළිබඳව තීන්දු තීරණ ගන්නේ.. ඒ හා කටයුතු කරන නිලධාරීන්... ඔවුන්ගේ කටයුතුවලට මැදිහත් වීම එතරම් සුබදායක නැහැ...