( ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු නොකරන්නේ නම් කතෝලික සභාව ලෙස නඩු පැවරීමක් කළ හැකිද යන්න සොයාබලමින් සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
මෙම ප්‍රහාරයේ වගකිවයුත්තන් සොයාගැනීමට කතෝලික සභාව ගෙන යන අරගලය මුළු මහත් රට වෙනුවෙන් කරන අරගලයක් බවත්, කොපමණ කල් ගත වුවත්, කොපමණ මිලක් ගෙවීමට වුවත්, කුමන පරිත්‍යාග කරන්නට වුණත් එම අරගලය අත් නොහරින බව ද සිරිල් ගාමිණී පියතුමෝ කීහ.
මෙම අරගලය ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී හා විද්‍යානුකූලව සිදුකරන බව ද පියතුමෝ සඳහන් කළහ.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ ඇති නිර්දේශ අනුව වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයාගේ යුතුකම සහ වගකීම බවත්, ඔහු එසේ නොකරන්නේ නම් ඒ බව ඍජුව ප්‍රකාශ කළ යුතු බවත් පියතුමෝ ප්‍රකාශ කළහ.
නීතිපතිවරයා නඩු පවරන්නේ නැතිනම් කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාවල ඇති කරුණු අනුව කතෝලික සභාව ලෙස නඩු පැවරිය හැකිද යන්න ගැන නීති විශාරදයන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බව ද සිරිල් ගාමිණී පියතුමෝ කීහ.
නීතිපතිවරයා ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් කොමිෂන් සභාව දැමීමේ තේරුමක් නැති බවත්, එය ජනතා මුදල් නාස්තියක් පමණක් බත් පියතුමෝ සඳහන් කළහ.
පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයාගන්නා අරගලය නොනවත්වන බව කී පියතුමෝ මඩගැසීම් හා බියකිරීම් තුළින් මෙය නැවැත්විය හැකි බව කවුරුන් හෝ සිතන්නේ නම් එය වැරදීමක් බව ද පැවසූහ.
එය වෛරය ගැන ප්‍රශ්නයක් නොවන බවත්, වරදකරුවන්ට සමාව දී අවසන් බව කී පියතුමෝ සමාවදීම හා සත්‍ය හෙළිදරව් කිරීම යනු දෙකක් බව ද කීහ.
මෙම ප්‍රහාරය එල්ල කළ අය මෙන්ම දැන දැන ප්‍රහාරය වළක්වා නොගත් අය යන දෙපිරිසම එක හා සමාන අපරාධයක් කර ඇතැයි කී පියතුමෝ එහි සත්‍ය සොයාගැනීමේ සටන කතෝලික සභාවම එක්ව සිදුකරන්නක් බව ද කීහ.
විදේශ රටවල මේ සම්බන්ධයෙන් සිදුවන විරෝධතා එම ජනතාව විසින් සංවිධානය කරන ඒවා බවත්, කතෝලික සභාව ඊට සම්බන්ධ නැති බවත් සිරිග් ගාමිණී පියතුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා පියතුමනි. ජයවේවා. අපිදු සාධාරණය හා යුක්තිය වෙනුවෙන් ඒකමතිකව හා එකහඬින් ඔබ වහන්සේගේ මතය අනුමත කරමු. මම බෞද්ධයෙක්...
ඒක හොඳයි... එතකොට තවත් අයගේ පැටිකිරිය එළියට එයි.
මහ මොලකරුවන් මේ දවස් වල ඔවුන්ගේ බල්ලන්ව ලිහලා ඇරලා තියනවා මේ සම්බන්ධව කතා කරන අයට සද්දෙට බුරන්න. ඔබතුමාටත් ඇහෙන්න ඇතිනේ බල්ලන්ගේ සද්දේ? එ්ත්, අපි නම් දන්නවා ඔබතුමාලා දඩාවතේ යන බල්ලන්ට බය නොවන බව...
මෙයාලට පුදුම තදියමක් තමයි තියෙන්නේ... N.G.O. ඩොලර්ද කියලා සැකයක් තියෙනවා.
අන්න හොඳයි. එතකොට මහා මොලකාරයා කොහොමද ගෙනෙන්නේ...? එයා මැරිලා අවුරුදු 1426ක් පමණ වෙනවා. හැබැයි පාදිලිතුමෝ ඔතැනදී මහා මොලකාරයාගේ නම කියවුණාම... දෙගොල්ලන් වැඩ පටන් ගන්නේ... අපි නම් මොලකාරයාගේ නම දන්නවා කියන්න බයත් නැහැ...
පාදිලිතුමෝ එතකොට ප්‍රහාරය සිදුවෙන දිනය,වෙලාව, ස්ථාන දැනගෙන පල්ලියට, පාදිලි කෙනෙකුට, කාදිනල්ට නොකිව්ව ක්‍රිස්තියානි කාරයෝ ගැනත් කියවෙයි නේද? අනික පාදිලිතුමෝ 2015 කාලෙම ත්රස්තයෝ ඇල්ලුවාම සාලිලා බද්යුදීන්ල නේද ගොයියන්ව බේරාගෙන ගියේ? ඕවා ගැන විස්තර ඒවි . අනික පාදිලිතුමෝ එසේ බේරාගෙන යාම ගැන ඔබලා මීක් කිව්වේ නැහැ නේද?
නඩු දාන්න පුළුවන් නම් කිය කිය ඉන්නැතිව දාන්න. ඔයගොල්ලෝ ඔක්කොම යාලුවෝ තමයි.