(තරංග ගුණරත්න)
දකුණු පළාතේ ඇති සිසුන් 200 අඩු පාසල් 514ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා තවදුරටත් පැවසීය.
කොවිඩි මර්ධන කමිටු සක්‍රීයකර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් , විදුහල්පතිවරුන් , ගුරුවරුන් , මව්පියන් සමග සාකච්ඡා කොට එහිදී ගැටලු හඳුනාගෙන එම ගැටලු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමටත් උපදෙස් ලබාදි ඇත.
මෙම කමිටුව මගින් පාසල් පිරිසුදු කිරීමටත්, විසබීජහරණය කිරීමටත් කටයුතු සැලසුම් කර තිබේ
එ සදහා අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා නගර සභා මගින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමටත් අපේක්ෂා කෙරේ
ඒ අනුව ලබන 06 දින සිට එම කටයුතු සිදුකරන බව ද ඉන් අනතුරුව ලබන 15 දින සිට දරුවන් 200 අඩු පාසල් 514 ක් මෙ යටතේ ආරම්භ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් නොයවා දිනයක් තීරණය කිරීම ඉතා හොඳයි. මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන් බොහෝ විට මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවත්ව නොලැබූ කොටසයි. 2020 අපොස සාපෙ ප්‍රතිඵල අනුව මෙම ගණයට වැටෙන පාසල්වල දරුවන්ගේ ප්‍රතිඵල අතිශය දුර්වල මට්ටමක පවතින අතර, උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය බින්දුව හෝ ඊට අාසන්න අගයක ඇත. දැන් තත්වය ඊටත් වඩා බැරෑරුම් තැනක ඇති. දරුවන් ඇගයීමට ලක්කර ගැටළු හඳුනාගෙන විසඳුම් ක්‍රියාත්මක කරන්න. කලබලයේ විෂය නිර්දේශ ආවරණයේ කිසිදු ඵලක් නැත. මෙම පාසල්වල අධ්‍යාපන පසුබෑම දිස්ත්‍රික්කයේ පහසුකම් සහිත පාසල්වල ප්‍රතිඵල වලින් වැසී ඇත. රජය පිරිවැය යොදා නඩත්තු කරන මෙම පාසල්වලින්ද අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකර දීම ගුරු, විදුහල්පති, කොට්ටාශ, කලාප, පළාත්, අමාත්‍යංශ නිලධාරීන්ගේ වගකීමකි...