(නිමන්ති රණසිංහ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ’ සහායක ඉංජිනේරුවරයා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෙරකදෝරුවත්ත, හීරලුගෙදර, වල්පිට පදිංචි රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලුප රාමනායක නැමැත්තාය.
මෙම සැකකරු 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සහ 1982 අංක 12 දරන පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගත යුත්තේ මොහුට දත්ත මකා දැමීමට උපදෙස් දුන් තැනැන්තායි.