(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබූ ඇති නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා (1) අලුයම 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
රට විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට නිකුත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා පැතිරීම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම පනවනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන දින ගණන 43කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. දැන් ඔය හොඳටම ඇති. මිනිස්සු දැන්වත් තමන්ගේ පැත්තෙන් පරිස්සන් වුණොත් ඇති. රට ගැන හිතන්න ඕනෑ නෑ. තමන් ගැන සහ පවුලේ අය ගැන හිතලාවත් මීටරේ තියන් පරිස්සමෙන් හිටපල්ලා...
ඕක දැකපු ගමන් ජෙපි, සහ සජබ සෙට් එක බලන් ඉන්නෙ උද්ඝෝශන 1000ක් කරලා අලුත් ප්‍රබේදයක් ලෝකෙට හඳුන්වල දෙන්න. ඒක නිසා ඒවා නවත්තන්නත් වැඩක් කරන්න ඕන. මේ ලෙඩේ හොඳ උනාම, හිතේ හැටියට උද්ඝෝශන කරන්න දෙන්න. ඒත් දැන් නෙමේ.
පොදු ප්‍රවාහනවල යන්න වැක්සීන් කාඩ් එක අනිවාර්ය කරන්න. නැත්තන් වැක්සීන් නොගත් සෙට් එක බෙදෙනවාමයි. ඒක ඇත්තමයි.
කට්ටිය මොන කුණු කතා කිව්වත් මේකෙන් මරණ සහ ආසාදන සෑහෙන්න අඩු වෙලා තිබීම සතුටක්... ඒත් පොදු ප්‍රවාහන සේවා වල පාලනයක් නොකළොත් කෙල වෙනවා කියලා වෛද්‍යතුමෙක් කියලා තියෙනවා දැක්කා. ඒක නිසා කෝච්චි සහ බස් වල යන පිරිස් මේ පාර හොඳින් පාලනය කරන්න වෙනවා.
දැන් ඉතින් උද්ඝෝෂණ, රැළි, වැඩ වැරීම් නොකර සෞඛ්‍ය රීති පිළිපදිමින් තමතමන්ගේ වගකීම සෑම පුරවැසියෙක්ම දැරිය යුතුයි. රටට ගොඩ එන්න සලස්වා ප්‍රශ්න තියෙනවා නම් ඒවා පසුව සලකා බැලිය යුතුයි. NGO නඩයට ඉතින් ඒක අදාල නෑ...
ස්තුතියි
අමුතුවෙන් මොනව අරින්නද අති ගරු උතුමාණෙනි ..මේ ඇරපු ඇරිල්ල හොඳටම ඇති..හොඳටම කෙරුව කියල අපිට නම් තේරෙනවා.පාර මැද්දෙ කිරි බතක් උයල කන්න හාල්,පොල් ගෑස් නැති එක තමයි එකම අවුල..
රට අරින්න වහලා තිබුණේ නෑ නේද?
රට අරිනකොටම ගුරු විරෝධය පටන් ගන්න. ගොවියෝත් පාරට බහින්න..
එහෙනම් ඉතින් තෙල් නැව ලබන මාසේ මුලදී එනවා ඇති.
රෝගය මර්ධනය කිරීමට හොඳම ක්‍රමය මේ දැන් කරන ආකාරයට ලොක්ඩවුන් එක දිගටම පවත්වාගෙන යාමයි. මොකද ලොක්ඩවුන් කිව්වාට එහෙම එකක් නොපෙනෙන නමුත් රෝගීන් හා මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන බව දක්නට තිබීමයි.
අරින්න මොන රටද වහලා තිබ්බේ? ඔය කියන්නේ අර විහිළු නීතිය ගැන නම් වෙන එකම වෙනස කෝච්චි සහ බස් දුවන්න පටන් ගැනීම පමණයි.
කොහෙද ඇදිරිනීතියක් තිබ්බේ ?හැම තැනම කඩ ඇරලා .වාහන සියල්ල පාරේ .බාර් ඇරියා .මිනිස්සු ට්‍රිප් නොගිය එක විතරයි .ඇදිරිනීතියක් කියන වචනේ විහිළුවක් උනා .නගරවල පොලීසි ඉස්සරහ කඩත ඇරියා .චෙක් පොයින්ට් තිබ්බා .ඒවගෙන් උන එකම දේ ඒ තැන්වල වාහන තදබදයක් ඇති උන එක විතරයි
ඊයේ දත්ත අනුව මරණ 61 ක් සහ අසාදිතයින් 1000 කට ආසන්න අගයක් තමයි තිබ්බෙ. මේ ගාන එන්නෙ දවස් 43ක් රට වහල තිබුනටත් පස්සෙ. මෙහෙම රට වහල තියන්න හැමදාම බෑ ,ඒ වගේම එහෙම වහල තියන්න ඕනෙත් නෑ. මේ රට වහල කියල ඇරල තියන එක නවත්තල ආරක්ශිත ක්‍රමයක් හැදුවනම් තමයි හොඳ . ඔය උත්සව වගේ එව්වා නැවැත්තුවනම් තමයි හොද මොකද ඔය උස්සව වගේ එව්වගෙන් තමයි වැඩිපුරම කොවිඩ් පැතිරෙන්නෙ. තව මිනිස්සුන්ගෙ වගකීමක් තියෙනව උද්ඝෝෂණ වගේ එව්වා අඩු කරන්න .ඒ වගේම රජයේ වගකීමක් තියනව රටට අහිතකර පනත් මේ වෙලාවේ නොගෙන ඉන්න සහ අහිතකර දේවල් නොකරන්න. දැන් රට ගොඩක් නය වෙලා තියෙන්නෙ ඒක හින්ද මොනා හරි ක්‍රමේකට රජයේ වියදම් අඩු කරගන අනවශ්‍ය ව්‍යාපෘති වගේ එව්වා නවත්තලා රට ගොඩගන්න හැදුවනම් තමයි හොද.
රට විවෘත කළත් ඔය පිටකොටුවේ පදික වෙළඳුන්ට නම් ඉඩ දෙන්න එපා. දැන්වත් ඒක නවත්වන්න පියවර ගන්න. චන්ද්‍රිකා කාලේ මංගල නාගරික සංවර්ධන ඇමති වෙලා හිටිය කාලේ ඔය වෙළඳුන් සියල්ලම අයින් කලා. නැවතත් ඔවුන් අයින් කල යුතුයි. පදික වේදිකාවේ වෙළඳාම් කරද්දී මිනිස්සු යන්න ඕනේ මහ පාරේ.