රාජකීය විදුහල්පති ස්ථාන මාරුවට අභියෝග කරයි
දේශපාලන බලපෑම් මත රාජකීය විදුහලේ, විදුහල්පතිධූරයෙන් තමා ඉවත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්යක්ෂවරයකු ලෙස පත් කළ එම විදුහලේ හිටපු විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ගොනු කළ පෙත්සම අප්‍රේල් පළමු වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළෙය.