ශානිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණයට කියයි
රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ වන විට රෝගාබාධ කිහිපයකින්ම පෙලෙන බවත් , මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය දැඩි සෞඛ්‍ය අනතුරකට ලක්ව ඇතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.