( තිළිණි ද සිල්වා)
ඉදිරි මාස 03 ක කාලය තුල මෙරට සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ලබන වසර තුළ සිට දෛනිකව 5,000 ක් පමණ සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් , පසුගිය කාලය තුළ මෙරටට සංචාරකයන් 45,000 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට පසුගිය කාලය තුළ විවිධ සහන ලබාදීමට රජය කටයුතු කළ බව මාත්‍යවරයා කීවේය.
සංචාරක ක්ෂේත්‍ර යේ නිරත වූවන්ට ණය සහන පැකේජය, විදුලි හා ජල බිල්පත් ගාස්තු ගෙවීමට සහන සැලසීම, ලීසිං ගෙවීම සදහා සහන සැලසීම මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි රියදුරන් හා මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 15,000 බැගින් හා රුපියල් 20,000 බැගින් වූ දීමනාවක් ලබා දීමට ද කටයුතු කළ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන දකිනවා. 5000 කෙසේවෙතත් දවසකට 50ක් වත් ඒවිද කවුද දන්නේ...?
තාමත් ගුවන් තොටුපළ PCR කරන්නේ නෑ. තාමත් හෝටල්වලට තමයි දාන්නේ රටවිරුවෝ.. ජනාධිපති කිව්වොත් මෙයාලා බිස්නස් එක ජයටම කරගෙන යනවා. සිරිසේන ජනාධිපති හොඳයි වගේ..
රට විවෘත වුවත් සති 2ක් නිරෝධායන කථාන්තරය නිසා තමයි විද්ශිකයින්ගේ පැමිණීම පහළට ගියේ.. බහුතරයකට නිවාඩු ලැබෙන්නේත් සති 3 ක් නිසා, විදේශීය රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින් පවා සති 2 ක් හෝටලයක ඉන්න කැමති නැහැ...
ඇයි බලාගෙන ඉන්නේ .ඥානසාර හාමුදුරුවන් කියලා තියෙන්නේ ලඟදි ප්‍රහාරයක් වෙනවා කියලා
දෙවියනේ, මෙයාලගේ දැනූමේ තරම තෙරුම් ගන්න පුලුවන් මේ කතාවෙන්ම. දවසකට 5000 ගේන්න ෆ්ලයිට් කීයක් එන්න ඕනෙද. ෆ්ලයිට් එහෙක සීට් 300 තිබිලා 300 පිරුනත්, දවසකට ෆ්ලයිට් 10 ආවත් එන්නේ කීදෙනාද?? නිකං ඔහේ කියවනවා රැවටෙන ජනතාවට රැවටෙන්න. ඒත් මහත්තයෝ දැන් අපි ඔය හිතන තරම් මෝඩ නෑ. අපිව රවට්ටන්න හෝ ඔබලා ඔය ගොතන රස කතා අනුව අපි ඔබලාගේ මොලේ තරම තමා තෙරුම් ගන්නේ. දකින සිහින වලට ජය!!
තවමත් (සැප් 25) ඇමෙරිකන් පාස්පෝර්ට් එකකින් ලංකාවට එන්න බෑ. එමිරටෙස් වලින් බාරගන්නේ නෑ අමාත්‍යංශ ලියුමක් නැත්තන්. ලංකාවේ පාස්පෝර්ට් ඕනෑම කියනවා. අන්න ඒක හදනවා වෙන බන කතාකරන්නේ නැතුව
කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට නීති? ඕගොල්ලෝ හිතන්නේ ලංකාව සත්තු වත්තක් කියලද
කලින් වගේ වැඩිහිටි සංචාරකයන් මහා පරිමානෙන් දැන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන්ට තමයි මුදල් සහ කාලය නිදහස තිබුනේ.
සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන රටක් බවට පත්වෙලා