(යොහාන් භාසුර)
තොරතුරු තාක්ෂණය දියුණු වර්තමාන ලෝකයේ පළාත් පාලන ආයතනවලින් සපයන මහජන සේවා ස්මාර්ට් ජංගම දුරකතනයකින් ඉටු කරගැනීමේ අරමුණින් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කරන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සමස්ත ශ්‍රී ලංකාව ආවරණය කරන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 න් ජනතාව විවිධාකාරයේ සේවා ලබාගන්නා බව කී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන නව තාක්ෂණය සමග මුසුව ඩිජිටල්කරණයවීම ඔස්සේ ජනතාවට කාර්යක්ෂම සහ වේගවත් සේවයක් සැපයීමේ අවස්ථාව උදාවන බව සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම තුළින් ව්‍යාපාරික බදු අයකරගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් සළසාගැනීම, ක්‍රීඩාංගණ හා ශාලා පහසුකම් වෙන්කරගැනීම ඇතුළු පළාත් පාලන ආයතනවලින් සපයන ප්‍රධාන සේවා 15 ක් සහ සෙසු සේවා 60 කට අධික සංඛ්‍යාවක් නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාවක් ජනතාවට ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඩිජිටල් තාක්ෂණය වැරදෙන්න හේතුවක් තමයි එය මූලික දේවල් වලින් අාරම්භ නොකිරීම. අපි විදෙස් රටවල අත් දකින්නේ වැඩිම අවශ්‍යතාවය ඇති මූලික කරුණක් තෝරා එය 'ONLINE " එකෙන් අත්හදා බැලීමයි. අනතුරුව ක්‍රමිකව අනෙක් සේවාවන් ඉකතු කරන අතර නිරතුරු යාවත්කලීන කරනු ලැබේ. ලංකාවේ සියලු සේවා එක්කොට මහා පරිමාණයෙන් නොකෙරන තාලයටම කන්දක් විළිලා මී පැටවකු වදයි. යාවත්කාලීන කරුම කෙසේවෙතත් ටික දිනකින් සියල්ල නිමයි..
ඩිජිටල් කරන එක හොඳයි. ඒත්, අවශ්‍ය වෙලාවේදී දත්ත මැකී ගියොත් එහෙම... එසේ නොවන සේ වගබලා ගන්න...
විශිෂ්ඨ යෝජනාවක්...
ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් බොහෝ ප්‍රදේශවල විදුලි පහන් අක්‍රීයයි. රෑට පාරවල් කළුවරයි. ප්‍රාදේශීය සභාවෙන් හදන්න එන අය හරියට හදන්නේ නෑ. ලයිට් කණුවල විදුලි පහන් එල්ලි එල්ලී තියෙන්නේ... මීට විසඳුමක් ලබාදෙන්න...
අර හාල් ඔරකල් ඩේටාබේස් එකට දැම්මා වගේ. මේකත් එහෙම කරා නම් පට්ට. අපරාදේ කියන්න බෑ හොඳ දැක්මක් තියෙනවා.
කෝ අර සූම් වෙනුවට ළමයින්ට දෙනවා කිව්ව ඇප් එක? අර නොමිලේ ඩේටා එක්ක? කයිය විතරයි වැඩ නෑ...
බාප්පා වගේ මෙයා පර්සන්ට් ගන්න වැඩ කොන්ත්‍රාත්තුව දෙන්න..
අවුරුදු 2 ක් කොරෝනාවෙන්ම ඉවරයි .කිසිම වැඩක් වෙලා නෑ නිකන් කියවනවා විතරයි