( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම කන්දතොඩුවාව ගම්මානයේ බඹර ප්‍රහාරයකට ලක්වු සිව් දරු මවක් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන අතර තුර මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම කන්දතොඩුවාව ගම්මානයේ පදිංචි 57 හැවිරිදි ලලිතා තෙරේසා සෝවිස් නැමති සිව්දරු මවක් බව කියයි.

සැත්කමකට ලක් කර ඥාතියකු සුව දුක් බැලිම සදහා තම සැමියා සමග යමින් සිටි කාන්තාවක් මෙසේ බඹර ප්‍රහාරයට ලක්වි තිබුණී.

මෙම බඹර කුඩුව පොල් ගසක අත්තක බැද තිබි ඇති බවත් පැවති අධික සුළං හේතුවෙන් බඹර කුඩුව කඩා වැටිමේන් ඇවිස්සිමේන් මෙම කාන්තාව ඇතුළු 15 කට ආසන්න පිරිසක් බඹර ප්‍රහාරයට ලක්වි තිබුනී.

කෙසේ වෙතත් අදාල කාන්තාවගේ සැමියා ඇතුළු ඉතිරි පිරිස ආසන්නයේ පිරිස් විසින් බේරා ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබුනද කාන්තාව බේරා ගැනිමට නොහැකි වි ඇති බව කියයි.

එයට හේතුව වි ඇත්තේ අදාල කාන්තාව බඹර ප්‍රහාරයට ලක්විමත් සමග බිම ඇද වැටිමේන් පසු ඇයට දහසකට ආසන්න බඹරුන් වට කරගෙන තිබිම හේතුවෙන් බවද කියයි.

කාන්තාව බේරා ගැනිමට උත්සහ කල පිරිසටද ඇවිස්සි සිටි බඹරුන් එලව එලවා ප්‍රහාර එල්ල කිරීම සිදුවුවද විනාඩි 15 කින් පමණ ඇය ගලවා ගැනිමට කටයුතු කළද ඒ වන විටත් ඇය අසාධ්‍යව සිටි බව කියයි.

දරුණු ලෙස බඹර ප්‍රහාරයට ලක්වු කාන්තාව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන අතර තුරදී මරණයට පත්ව ඇති අතර කාන්තාවගේ සැමියා ඇතුළු පිරිසක් රෝහලේ ප්‍රතිකාර වලට ලක්කර තිබුණි.

කෙසේ නමුත් ගම්වාසින් පවසන්නේ අදාල බඹර කුඩුව දින දෙකකට පෙර ද ඇවිස්සි පුද්ගලයින් කිප දෙනෙකුට විද තිබුණිද අදාල පොල් ගස තිබු ඉඩමේ නිවැසියන් එය තැකිමකට ලක් නොකිරිම නිසා මෙසේ ජිවිතයක් අහිමි වු බවයි. අදාල මරණයට සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය අද 29 දින පුත්තලම මූලික රෝහලේ දී සිදුවිමට නියමිතව තිබුණි.