
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුලතිව් කොකිලායි රජයේ පාසලේ ප්‍රථම වතාවට සිසුවියක අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇතැයි විදුහල්පතිනී සුජිවනී ප්‍රනාන්දු කන්යසොයුරිය පැවැසුවාය.
ඩබ්ලිව්.එම්. දිල්මි නවෝද්‍ය සිසුවිය පාසලට මහත් අභිමානයක් ගෙන දෙමින් වසර 23කට පසු මෙම ජයග්‍රහණය ලැබුවාය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට නවෝද්‍යා සිසුවිය ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙක් පෙනී සිටියහ.
දැඩි දුෂ්කරතා මැද්දේ මෙම සිසුවිය ජයග්‍රහණය ලබා ඇති බවත් පාසලේ උසස් පෙළ පන්ති නොමැති වුවත් ඇයට උසස් පෙළ හැදෑරිමට අවශ්‍ය වටපිටාව සලසා දෙන බව ද විදුහල්පතිනිය කියන්නීය.
මෙම ජයග්‍රහණය ලබාගැනීමට උදව් උපකාර කළ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට ස්තුති කරන නවොද්ය සිසුවිය තමාගේ එකම අභිප්‍රාය උසස් අධ්‍යාපනය ලබා රටට වැඩදායි සේවයක් කිරීමට බව කියා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබපැතුම් දුව... ඔබේ අනිත් සොයුරු සොයුරියන්ට ඔබ දෙන්නේ විශාල ආශීර්වාදයක්....
මේ පාසලේ ප්‍රතිඵල වලින්ම තියෙන දුෂ්කරතාවය ගැන හිතාගන්න පුළුවන්. ඒ දරුවාට සුබ පතන ගමන්ම අනෙකුත් දරුවන්ට තව තවත් උදව් කරන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ධම්මික පෙරේරා මහතාගේ අධ්‍යාපන නාලිකාව බලන්න.. අච්චු පොත් වෙනුවට පාඩම සජීවීව රූපගත කර ළමයින්ට බෙදා දුන්නොත් පොත් මුද්‍රණය කරන්න යන වියදම ඉතිරි කරගෙන ප්‍රයෝජනවත් විදිහට රටට භාවිතා කරන්න පුළුවන්.... දුප්පත් ළමයි කියලා ලංකාවේ වෙනසක් නැතිව නිදහසේ ඉගෙන ගන්න පුළුවන්...
දියවන්නාවේ මාලිගා වගේ වාහනවල යන හොර තක්කඩින්ට මේවා පෙනේවා...!!!
මේ පළාත්වල සිංහල පාසල් තවතව දියුණු කර ළමයින් ඉදිරියට ගෙන ආයුතුයි. නැත්නම් ඒක වෙනත් කාගේ හරි බූදලයක් කියලා හිතා ගනියි.
රජයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය මේ දුෂ්කර පාසල් සඳහා යොමුකළ යුතුයි. විශේෂයෙන් සිංහල පාසල්...
මේ ප්‍රවෘත්තියට වැඩි අවධානයක් දුන් ලංකාදීප පුවත්පතට ස්තුතියි.
දිරිය දියණියට සුබ පැතුම්.
අපේ සුබ පැතුම් නංගි. කොමිස් මංතීරු විතරක් හදන දේශපාලුවන්ට මේ දුෂ්කර පාසල් පෙනේවා... ඔබේ අධ්‍යාපනය සාර්ථක වේවා.. බාධා මැද නොපැකිළව ඉදිරියටම යන්න. ජීවිතය ජයගෙන අනිත් නංගිලා මල්ලිලාටත් පිහිට වෙන්න.
අපේ සුබ පැතුම්...! ඒ වගේම අධ්‍යාපන ඇමතිවරයා මේ පිළිබඳව සොයාබලා පාසලේ දියුණුවට යමක් කළ යුතුයි...
සුබ පැතුම් !...
අනේකවිධ බාධක මධ්‍යයේ ඔබ ලබාගත් ඒ ජයග්‍රණයට අපගේ උණුසුම් සුබපැතුම්... පුතේ ඔබට අනාගතේ නීතිගරුක පුරවැසියකු වී තමන් උපන් රටට අවංකව සේවය කිරීමට හැකි වේවා...!!!
අපේ සුබපැතුම් දුවට.. ඉදිරියට යන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා..!!!
ඔබගේ අනාගතය සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා... හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා.