වැරැදි කළ යතුරු පැදිකරුවන් 4500ක් අල්ලයි යතුරු පැදි අනතුරු අවම කර ගැනීම සඳහා දිවයින පුරා ආරම්භ කර ඇති යතුරු පැදි පරීක්ෂාකරන මෙහෙයුමේ දී පැය 24ක කාලය තුළ යතුරු පැදිකැවන් 4500ට අධික පිරිසකට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 02 April 2021
හොර නීතිඥයාට වැඩ වැරදේ නිවාස,ඉඩම්,රැකියා ලබා දිය හැකි බව පවසා ජනාධිපති නීතිඥවරයකු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් පෙනී සිටි පුද්ගලයෙක් බොරැල්ල බේස්ලයින් පාරේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 April 2021
මන්නාරමේ කැලෑවක් වනසලා මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්ෂිතයෙන් පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 02 April 2021
ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ බ්‍රහස්පතින්දා (1 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 377 ක ඉලක්කයක් කරා යමින් සිටියේය. 02 April 2021
රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය මාස හයකින් දික් කරයි රියදුරු බලපත්‍රයේ වංලගු කාලය මාස හයකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 April 2021
සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 01 April 2021
බක්මහේ සැණකෙළි තහනම් එළඹෙන අවුරුදු සමයේදී මහා පරිමාණ සැණකෙළි හා සංගීත ප්‍රසංග යනාදිය පැවැත්වීමට සම්පූර්ණයෙන්ම තහනම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 01 April 2021
ඊ.ටී.අයි අධ්‍යක්ෂවරුන්ට ඇප රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එක් එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය 01 April 2021
රාජකීය විදුහල්පතිගේ පෙත්සම ඉවතට කොළඹ රාජකීය විදුහල්පති ධූරයේ කටයුතු කළ තමා දේශපාලන බලපෑම් මත,නීතියට පටහැනිල ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ ධූරයකට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් ,එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති බී.ඒ.අබේරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01)තීන්දු කළේය. 01 April 2021
විස පොල්තෙල් තෙවැනි පරීක්ෂණයත් අසමත් පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩා කර ඇති පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තෙවැනි පරීක්ෂණයෙන් ද තහවුරු වී තිබේ. 01 April 2021
වනාන්තර රකින්න රනිල් අත ගසයි ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා((4) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. 01 April 2021
දැදුරුඔයෙනුත් විදුලිය දැදුරුඔය ජලාශයට අනුබද්ධ මෙගා වොට් 1.3 ක ධාරිතාවයකින් යුතු ජල විදුලි බලාගාරය අද (01) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් විවෘත කළහ. 01 April 2021
නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්ම්තේ දී උත්කර්ශවත් අයුරින් අද ආරම්භ කෙරිණි. 01 April 2021
කොරෝනා අලුත් ප්‍රභේද සොයන්න පරීක්ෂණ කොරෝනා නව වයිරස ප්‍රභේද හඳුනාගැනීමේ පරික්ෂණ දෙවැනි වටය අද (1) ආරම්භ කෙරුණු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 01 April 2021
තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලි තලවකැලේ, ආගරපතන, බෝපත්තලාව, මැණික්පාලම ප්‍රදේශයේදී කම්බ් මදුවකට හසුව දැඩි ලෙස තුවාල ලබා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා මිය ගිය බව වනජීවී නිලධාරීහු පවසති. 01 April 2021
මහ බැංකු තවත් නඩුවකින් රවී ඇතුළු පිරිසට ඇප මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කළේය. 01 April 2021
තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළෙයි නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 01 April 2021
කොරෝනා තුන්වැනි රැල්ලක් ගැන සෞඛ්‍ය අංශ කලින් කියයි සිංහල හින්දු අලුත් අවරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව නොපිළිපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 01 April 2021
පරාක්‍රම සමුද්‍රයෙන් යල කන්නට දියවර මෙවර යල කන්නයේ වී වගාව සඳහා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම සුබ මොහොතින් අද (01) ආරම්භ කල බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 01 April 2021
පලස්තීනුවාගේ හැංගිමුත්තන් ඉවරයි වසර පහකට ආසන්න කාලයක් මෙරට හොර රහසේ රැඳී සිටි බව කියන පලස්තීන ජාතිකයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පවසයි. 01 April 2021
කොරෝනා රෝහලෙන් සුබ ආරංචියක් අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. 01 April 2021
අල්ලස් නඩුවෙන් පා. මන්ත්‍රී සහ ප්‍රා.සභා මන්ත්‍රී නිදහස් කළුගල් බලපත්‍රයකට අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගම්පහ දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රි මිලාන් සජිත් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි අජිත් සිසිර කුමර යන දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා නියම කළේය. 01 April 2021
රායප්පු ජෝශප් විශ්‍රාමික රදගුරු තුමෝ ස්වර්ගස්ථ වෙති මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමෝ අද (01) අලුයම යාපනය රෝහලේදී ස්වර්ගස්ථ වූහ. 01 April 2021
මරදානේ පාළු නිවෙසකින් කෝටියක මත් කුඩු මරදාන ලොකට් පාරේ අතහැර දමා තිබූ නිවෙසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 78 ක ප්‍රමාණයක් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 01 April 2021
රවී ඇතුළු හත්දෙනාට ඇප මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය. 01 April 2021
අන්තවාදි මත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ දෙකක් සැකපිට සහරාන් හසිම් නැමැත්තාගේ අන්තවාදී මත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 01 April 2021
වෙඩි වැදි විදුලි සේවකයකු මිය යෑමේ සිද්ධියට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට අම්බලන්ගොඩ නිවසක් තුළදී විදුලබල මණ්ඩලයේ සේවකයකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රිවෝල්වරය සැපයූ බව කියන මීටියාගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 01 April 2021
අද වැසි රහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (1) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01 April 2021
පෞද්ගලික රසායනාගාරයකින් දුන් වැරැදි රුධිර වාර්තාව උස්සලා වැරැදි රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාදී එය රෝගියාගේ ඇඳඉහපත් ගොනුවෙන් අස්ථානගත කළ සිදුවීමක් ගැන කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. 01 April 2021
ශ්‍රී ලංකාව කඩුලු 8 ට 250 යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ බදාදා ක්‍රීඩාව නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියේය. 01 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026