
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය අදියරෙන් අදියර විසඳන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය විසඳුම ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ගුරු විදුහල්පති සංගම්වලට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.
මෙහිදී අදහස් දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා දුම්කොළ බද්ද වැඩි කර ඒ මුදල් යොදවා ගුරු විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.
බුද්ධික මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා එය වැදගත් යෝජනාවක් බව පැවැසීය.
තමා එම යෝජනාව මුදල් ඇමැතිවරයාට ඉදිරිපත් කරන බවද ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ත් හොඳ යෝජනාවක් .
මේ තවත් විදුර වගේ කෙනෙක් තමයි. කයිවාරුව විතරයි
ගුරුවරුන්ට සාධාරණ වැටුපක් හිමිවිය යුතුයි වගේම ගුරුවරුන්ගේනුත් සාධාරණ සේවයක් ළමයින්ට විය යුතුයි. ගුරුවරු හරියට උගන්වනවා නම් ජනප්‍රිය පාසල්, ජනප්‍රිය නොවන පාසල් තියෙන්න බැහැ .හැම විදුහලකින්ම ළමයින් බහුතරයක් විභාග පාස් වියයුතුයි . නමුත් බහුතර විදුහල් වල දුර්වල අධ්‍යාපන තත්වයට වගකිවයුත්තේ වැඩි පඩි ඉල්ලන ගුරුවරු ,විදුහල්පති වරුන් නොවේ ද ?
ඇත්ත වශයෙන්ම ඉතාමත් හොද යෝජනාවක්.... එම යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට හැකි වේවා..... එලෙසම අප මෙසේ යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. කිසියම් හෝ රජයේ සේවකයන් වැඩ වර්ජන කරන්නේ නම් ඒ අදාළ කාල වකවානුව තුළ ඔවුනට හිමි වැටුප් ගෙවීම නතර කල යුතුය. නැවත සේවයට එන්නේ කවදාද එදා සිටි වැටුප් ගෙවීම් කල යුතුය. "මෙය දියවන්නාවේ ඉතා ඉක්මනින් සම්මත කරගෙන රජයේ ආයතන සංග්‍රහයට හැකි ඉක්මනින් ඇතුලත් කල යුතුමය." එමගින් ඒ ඒ වැලේ වැල් නැති දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් වලට රජයේ සේවකයන් නිකරුනේ නැටවීමට නොහැකි වෙනු ඇත.අප දන්නා පරිදේ වෙනත් රටවලද රජයේ සේවකයන් කිනම් හෝ වැඩ වර්ජනයක යෙදෙන කාලයට වැටුප් ගෙවීම් නොකරන බවය. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව "ප්‍රේම් අයියාට කියවීමට හැකි වේවා"......
දේශපාලුවන් හොරාකාලා තැන්තැන්වල හන්ගලා තියෙන බිලියන ගණන් මුදල් තියෙන්නේ... අනික එයාලා අවුරුදු සියගණන් ජීවත් වෙයි කියලා පොදිගහගෙන ඉන්නවා ඇති.