(නිමන්ති රණසිංහ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව විනාශ කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ’ සහායක ඉංජිනේරුවරයා ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා අද (06) ප්රතික්ෂේප කළේය.
මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හළ හොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවට පැමිණීල්ල කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරයා සැකකරුට ඇප ලබාදීම ප්රතික්ෂේප කර ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට නියම කළේය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෙරකදෝරුවත්ත, හීරලුගෙදර, වල්පිට පදිංචි රාමනායක ආරච්චිගේ දොන් ප්රමෝද් දිලුප රාමනායක නැමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකුවොත් හිරේ. සර් එක්ක සෙල්ලම් බෑ. පේනවනේ පහන්තුඩාවේ ජෝඩුවටත් වෙච්චි දේ...
පොඩි එකෙකුට ලෙඩේ ඇදලා මොලකරුවන් නිදහස භුක්ති විඳීමට දරන නීච උත්සාහයක් බව පැහැදිලියි. ඇත්ත වසන් කිරීම සදාකාලික නොවේ...
ඇත්ත තොරතුරු හොයාගන්නකන් ඔය මනුස්සයාව එළියට දාන්න හොඳ නෑ..
මැරෙනකම් හිරේ දාන්න ඕනේ .බරපතල වැඩ සහිතව මේ වගේ හොරු තියන්න හොඳ නැහැ
බංකොලොත් වෙච්ච දේශපාලකයින්ගේ ඕනෑ එපා කම් කරන්න ගිහින් එක සැරයක් කිඹුලෝ කැවා. මේ සැරේ මොනවා කයිද දන්නේ නෑ. අන්තිමට ඔක්කොම හොරුයි බොරුයි අතේ මාට්ටු.
දත්ත නිකම්ම මැකෙන්ඩ විදියක් නැහැනේ. තෝරු මෝරු කොහොමටත් බේරෙනවා. මිටි තැනින් වතුර ගලා යනවා කියලා කතාවක් තියෙනවා .