
(ප්‍රසන්න පත්මසිරි)
බිබිලේ ප්‍රදේශයේ අවාරයේ හටගත් පැණි දොඩම් වගාවට කිසියම් කෘමී උවදුරක් හේතුවෙන් කුණු වි වැටෙන බව ගොවීහු පවසති.
බුළුපිටිය,පිටකුඹුර, හමනව,නාගල,සේරව,නෙල්ලියද්ද,ගල්ගමුව යන ගම්මාන වල දොඩම් වගාව බහුලව තිබේ.
මෙවර අවාරයේ හටගත් දොඩම් ගෙඩිවල කිසියම් කෘමියකු යුෂ උරාබීම නිසා කුණූවී බිමට වැටෙන බව ගොවීන් පවසන අතර සුද පාට සළඹයකු දොඩම් ගස්වල විශාල වශයෙන් සිටින බව ගොවීන් කියයි.
මේ පිළිබදව බිබිල කොටගම ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරි සුනිල් දොඩම්පගේ මහතාගෙන් විමසු විට මෙසේ පැවසීය. මේ දින වල මේ ප්‍රදේශවල දොඩම් අවාරයේ හැදී තිබෙනවා.සලඹයෙක් තමයි ගෙඩියට හානි කරන්නේ.සවස 6-7ට විතර තමයි මේ සතා ඵළදාවට හානි කරන්නේ.කිසිම බෙහෙතක් නෑ.ගිනි මැලයක් ගැසිය යුතුයි,සතාගේ තුඩ අගල් දෙකක් විතර තියෙනවා.ගෙඩියට විදලා දවස් දෙකෙන් ගෙඩිය බිමට වැටෙනවා.කෘමිනාෂක නෑ.ගොවීන් කළ යුත්තේ සවස් වෙද්දී වගා භුමි වල ගිනි මැල ගැසීමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ දොඩම් වලට ප්රසිද්ධ බිබිලේ දොඩම් විනාශ වුනා කියන ආකාරයට සිදුවුණාද බලන්න
ඊයේ ස්ටෝබරි අද දොඩම්. කෘෂිකර්මාන්තය කනවා.
කිසිම බේතක් නෑ. ගිනිමැල ගහන්න. එහෙම නොවේ. ඕවාට තියෙනවා නේද කෘමි උගුල්? අර සීනි, දොඩම් යුෂ දියකර ලිපේ තබා තම්බාගත් මිශ්රණය වගේ ඒවා... නැතිද ඒ වගේ පිහිටක්? ගිනිමැල ගහන්න කිව්වාට ප්රායෝගික නෑ වගේ...
මම හිතුවේ ගම්මිරිස් වගාව නැති භංගස්ථාන කළ ගොයියන් දොඩම් වගාවට රිංගලා කියලා. දොඩම් ප්රතිඅපනයනය කරන්න ගිහිල්ලා එ්කත් කෑවද කියලා...