
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බරවාහන රියදුරු බලපත්‍ර ලාභීන් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් , බරවාහන සදහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ,දිවි ඇති තෙක් අවලංගු කිරීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
දිස්ත්‍රික් කාර්යාල 25 කදී ඊයේ දි සිට මෙම පරීක්ෂණ ආම්භ කළ බවත් බලපත්‍ර දීර්ඝ කිරිම සහ අලුතින් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම රියදුරන් එම පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව ද වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා වැඩිදුරටත් කීය .
පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවීම හේතුවෙන් සිදු වූ මාරක රිය අනතුරු අවම කිරීමේ අරමුණින් , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකය .
ඒ අනුව කල් ඉකුත් වූ බලපත්‍ර අලුත් කිරීමට සහ නව බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියළුම අයදුම්කරුවන්,මෙහිදී විශේෂිත මුත්‍රා පරීක්ෂණයකට ලක් කරන අතර,එහිදී මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් ,දින 14 ක සහන කාලයක් ලබා දී ,නැවත මුත්‍රා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව පැවසේ .
එහිදී දෙවන පරීක්ෂණයෙන් ද මත්ද්‍රව්‍ය පානය කරන බවට වාර්තා වුවහොත් , දිවි ඇති තෙක් බර වාහන රියදුරු බලපත්‍ර සඳහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ලබා නොදීමට පියවර ගන්නා බව වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා කියාසිටී.
මෙහිදී පළමු වාර්තාව පිළිගන්නේ නම් පමණක් දින 14 කින් ,දෙවන පරීක්ෂණයට යොමු කෙරෙන අතර ,යම් හෙයකින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් , වැඩිදුර පරීක්ෂාව සඳහා අයදුම්කරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට යොමු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යෝජනාවනම් මත්ද්‍රව්‍ය පානය කරන අයගේ රියදුරු බලපත්‍රය සදහටම තහනම් කර එම වාහනයද රාජසන්තක කලයුතුයි කියලා
ඔය නීතිය චන්දෙ ඉල්ලන මිනිස්සුන්ටත් දැම්මොත් නරකද ?
එය ඉතා හොඳ තීරණයක්, එය බර වාහන සඳහා පමණක් නොව සියලුම වාහන සඳහා ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ අතරතුර මත්පැන් පානය කිරීමෙන් පසු යමෙකු රිය පැදවීමකට හසු වුවහොත් වාහන ලයිෂන් දීර්ඝ කාලයක් හෝ ජීවිතාන්තය දක්වා තහනම් කළ යුතුය.