
(ඩයනා උදයංගනී)
පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මසක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඊයේ (5) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දීද සාකච්ඡා වූ බව කී අමාත්‍යවරයා,වත්මන් ආණ්ඩුවේ කිසිවෙකුට මෙම පැන්ඩෝරා පත්‍ර මඟින් ඇඟිල්ල දිගු කර නොමැති බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත සම්බන්ධයෙන් මෙම දැවැන්ත හෙළිදරව් කිරීම සිදු කර ඇත්තේ,ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර කොන්සෝර්ටියම (ICIJ)විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන දෙපල රටින් පිටවී ගොහින්ලු, දැන් ? අර සින්ගප්පුරු පැන්න හාදයා වගේ කොහොමද විමර්ශන කොරන්නෙ ?
පරීක්ෂණයක් කිරීම ඉතා හොඳ දෙයක්. ඒ වගේම මේ රටේ පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයන්ගේ වත්කම් බැරකම් ගැන වාර්තාවක් කැඳවන්න. දේශපාලකයන්, ඔවුන්ගේ පවුල් වල අය, නෑදෑ හිතවතුන් ගැන, හිතවත් ව්‍යාපාරිකයන් ආදී අය ගැන, දේපල ගැන පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තරයට ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න. කිසිදු බලපෑමක් නොකොට එසේ විනිවිද භාවයකින් කටයුතු කළ හැකි වේ නම්, එය ඉතාමත් සතුටට කරුණකි.
මහබැංකු හොරු සතියෙන් හිරේ දානවා කිව්වා අය තමන්ගේ අය හිරේ දමාවිද.?
අන්තිමේදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරයි.
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
පවුලේ කෙනෙක් වුනත් හොරකම් කරලා අහු වුනොත් ගෝටාභය ජනාධිපති තුමා එක්ක සෙල්ලම් වෙන්නේ නැති බව එතුමාගේ භාවිතාවෙන්ම පෙන්නලා තියනවා. ඔබතුමා අපිට විස්වාසයි. - මීට කොන්ඩෙ බැඳපු චීනෙක්.
සර් දන්නේ නැහැලු, දවසේ විහිළුව.
පැන්ඩෝරා වාර්තාව හදපු අයව හිරේ දාන්න කියයිද දන්නැහැ?
අපි නොදන්න රාජපක්ශලා....
හොරු දැන් සෑහෙන්න බය වෙලා ඇති .අනේද කියන්නේ
හරියට මුකුත් වෙයි වගේ හ ..
ෂුවර් එකටම පැන්ඩෝරා පේපර්ස් හදපු අය අතිමට වැරදි කරයා වෙනවා. අපේ අයියලා හොරකන් කරන්නේ නෑනේ.
මෝඩ පුරවැසියන් සඳහා තවත් නාට්‍යයක්. මල්වානේ ද මන්දිරයක් ඇත ...
ඒකත් අර ලොහාන්ගේ පරීක්ෂණය වගේ වේවිද ?අපි ඔක්කොම නාඩගම් බල බලා පෝලිම් වල දුක් විඳ විඳ 2024 වෙනකම් ඉන්නම්
එක වල්ලෙ හොරු.. මුන් කවද්ද හොරු ඇල්ලුවෙ...
ඔය පරීක්ෂා කරන්නේ මොන මාධ්‍ය වේදියාද .ලංකාවේ ඉන්නේ මේ හෙළිදරව්ව කරපු සෙට් එකේ (අයි.සී.අයි.ජේ )කියලා වෙන්න බැරිද .එහෙම කව්රු හරි අහුවුනොත් සුදු වෑන් පදින්න පුළුවන්
අපේ අගමැතිතුමා ගේ පේපර් ආවොත් ඉලක්කම් ටික ගණන් කරන්නම අවුරුද්දක් විතර යනවා
ඔය ප්‍රකාශය කරපු මාධ්‍ය වේධියෝ අල්ලන්න සි අයි ඩි එක යවනවද.?
මිග් යානා වලින් ගහපු ගැහිලි මතක් වුනා.
අනිත් අය ළඟ කොච්චර මුදලක් ඇතිද කියලා හිතලා බලන්නකෝ. වේලක් කන්න බයියනේ...
බිලියන ගණන් චීනගෙන් ණය අරගෙන කොමිස් තියාගෙන කරන වැඩ රහසක් නොවේ...
මේ සල්ලි නිකන් මහ මුහුදෙන් දිය දෝතක් වගේ... මෙයාලා හොරාකාපුවා පැන්ඩෝරාගේ තාත්තා ආවත් හොයන්න බෑ..
මහබැංකු, ගල් අඟුරු, බිරින්දලාට කෝටි ගණන් ගෙවල්.., පිටරටවල ගෙවල්... මෙකී නොකී සියල්ල බැලුවොත් ගොඩ දෙනෙක් අහුවෙයි.
චෝදනා එල්ලවෙලා තියෙන කෙනා කුරුණෑගලින්, ගම්පහින් ඡන්දෙ ඉල්ලුවොත් වැඩිම මනාපයෙන් දිනනවා.
මෙන්න මේක යට ගහලා රිපෝට් එක්ක දෙන්න....
බම්බුවක් කරයි... බලාගෙන ඉඳහල්ලා...
" බඩුත් හොරුන්ගේ - නඩුත් හොරුන්ගේ " කියලා කතාවක් තියෙනවා. පරීක්ෂණ කරන්නේ කවුද...?
අන්තිමට අයිතිකාරයෙක් නැති මල්වානේ සුඛෝපභෝගී නිවස වගේ තමයි ,ගේ හැදුවේ නෑ පැල වුනා
මේවා මාධ්‍ය සංදර්ශන... මිනිස්සුන්ගේ අපවාදයෙන් බේරෙන්න පරීක්ෂණ නම් කරන්න බැරිය... පාස්කු කොමිසමේ වාර්තාව වත් තවම එළියට දාගන්න බැරිවුණු එකේ...
හොරාගේ අම්මගෙන් පේන අහන්න හදනවා
ජනපතිලාගේ අතට ලැබුණු වාර්තාවලට මොකද වුණේ කියලා... මම දන්නවා.
කටුගෙයි වටිනා පුරාවස්තු බහිරවයා අරන් ගිහින්.හෙල්පින්ග් හම්බන්තොට සිරිලිය ගිණුම ,තව කොච්චර තියෙනවද?
බොරුවට රගපාන්න නම් ඒපා
69 ලක්ෂයේ දෑස් ඇරෙන්නේ නැහැ... ඉඟුරු දීලා මිරිස් ගන්න හපන් ජාතිය...
මුලු පවුලක් වෙනුවෙන් කැප වුණ ජාතියක් අම්මපා
තවමත් උත්සාහ කරන්නේ අර 96 මෝඩ රැල රවට්ටන්න...
ඉහළ තියෙන කොමෙන්ට් බැලුවාම පේන්නේ ජනාධිපති ගැන විශ්වාසය තබා තියෙන බව. එය කඩ කල යුතු නැහැ. හරියටම පරීක්ෂණ කරන්න.
මට සුදු තීන්ත ටිකක් එවන්න පුළුවන්.
නිරූපමා හට එවැනි දැඩි වත්කමක් ආයෝඡනය කිරීමට ඇති ප්‍රභවය කුමක්ද? පැන්ඩෝරා පේපර්ස් මල්වානේ මන්දිරය ද ඉස්මතු කර ඇති බව ඩලස් නොදන්නවා විය හැකිය! අපි සියලු රාජපක්ෂලාගේ වත්කම් ප්‍රකාශ කරන මෙන් කියා සිටිමු . එසේ නොමැතිනම් ඔවුන්ද නිරූපමා කණ්ඩායමට අයත් යැයි අපට සිතිය යුතුය.
හොරාගෙ අම්ම ගෙන් පේන ඇහීම.......