සීනි මිල යන විට නිහඩ වන ආණ්ඩුවකින් තවත් කුමන සහනද සීනි මිල ඉහළ ගියාට කරන්නට දෙයක් නැතැයි කියමින් කරබා ගන්නා ඇමතිවරුන් සිටින ආණ්ඩුවකින් ජනතාවට යහපතක් බලාපොරොත්තු විය හැකිදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය. 31 August 2021
හරක් ප්‍රශ්නයක් බේරන්න ගිය විවාහකයා මරුට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ගෙවතු වගාවකට ගවයන් හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ආරවුල විසැඳීමට මැදිහත් වූ පුද්ගලයකුට තියුණු ආයුධ පහරක් වැදීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට වරාය පොලීසිය කියයි. 31 August 2021
’සෞඛ්‍ය ඇමැති ධනාත්මක වුවත් වැඩපිළිවෙල සෘණාත්මකයි’ ලෝකයේ රටවල් කොරෝනා රෝගීන් සහ රැළි අඩුකර ගන්නේ විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමෙන් වුවත් ලංකාව කොරෝනා රෝගීන් අඩුකර ගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් යැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 31 August 2021
නිරෝධායන නීති කඩා මඟුල් කෑ 15 ක් නිරෝධායනයට කොටගල කුඩාගම හෝටලයක නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය. 31 August 2021
මව්බිම රනින් සැරසූ දිනේෂ් ගේ බිරිය කියන කතාව මගේ මහත්තයා රන්පදක්කමක් දිනලා රටට ගෞරවය ගෙනාව කියලා අහන කොට මට හිතට දැනුනේ මහ පුදුම සතුටක්. ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිවේ හෙල්ල විසිකිරීමේ තරගයට ගියේ රන් පදක්කම දිනනවා කියලම යැයි ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් වූ රන්පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් ඉපලෝගම කාගම 5 ඇළ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ප්‍රියශාන්ත මහතා ගේ බිරිස වන ඉසිංකා මධුවන්ති මහත්මිය පැවසුවාය. 31 August 2021
නිරෝධායන ඇඳිරිය කැඩූ පොලිස් සැරයන් අල්ලයි නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් තවත් පිරිසක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකුව අත් අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි. 31 August 2021
කතානායක සූම්වලින් අද චීනය අමතයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ චින පාර්ලිමේන්තුවේ (ජාතික මහජන කොංග්‍රසය ) ප්‍රධානියා අතර විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිතය. 31 August 2021
අප්‍රිකාවේ කොරෝනා මාරයා ලංකාවට රිංගලා දැයි සොයන්න පරීක්ෂණ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 31 August 2021
ස්පුට්නික් මාත්‍රා 15,000ක් කටුනායකට රුසියාවේ නිෂ්පාදිත’’ස්පුට්නික් - V එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට, එම එන්නත් මාත්‍රා 15,000 ක් අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 31 August 2021
ඩෙල්ටා හඳුනාගන්න යන්ත්‍රයක් පේරාදෙණියටත් බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වයිරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 70 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළ බව එම සංවිධානය පවසය. 31 August 2021
ව්‍යාජ නෝට්ටු 602ක් සමග තුනක් මාට්ටු රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 602 ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු සීදූව ලියනගේමුල්ල දී සහ වීරගුල අංගම්පිටිය යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් පවසයි. 31 August 2021
පළාත් හතරකට වැසි:පළාත් පහකට වැස්ස නෑ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද (31) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 August 2021
මත්කුඩු කිලෝ 290 සමග පහක් පොලිස් දැලේ හොරොයින් කිලෝ 290 ක තොගයක් ගැඹුරු මුහුදේ සිට ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් අද (31) අලුයම බේරුවලට ආසනන ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 31 August 2021
මූල්‍ය අර්බුදය හමුවේ රජය වියදම් සීමා කරයි රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත. 30 August 2021
ගුරු - විදුහල්පති වැටුප් යෝජනා අයවැයට ඇතුළත් කරන තෙක් 5000ක දීමනාවක් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ . 30 August 2021
රසායනික පළිබෝධ නාශක සඳහා පැනවූ තහනම ලිහිල් කරයි රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. 30 August 2021
අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අවශ්‍ය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි වී, සහල්, කිරිපිටි සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇතැයි ජනාධිපති මධ්‍ය අංශය කියයි. 30 August 2021
ජයරුවන් බණ්ඩාර සී.අයි.ඩීයට කැඳවයි ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙට 31 පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. 30 August 2021
මිලින්ද ඉන්දිය මහ කොමසාරිස් ලෙස වැඩ බාරගනී ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී අද (30) වැඩ භාරගත්තේ ය. 30 August 2021
කොරෝනා මරණ 216ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 216 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,588ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,588 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,35,107 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 30 August 2021
පාළු ළිඳට වැටුණු අලි පැංචා ගොඩගෙන කැලයට මුදා හරියි කරුවලගස්වැව - කුඩාමැදවච්චිය ප්‍රදේශයේ අතහැර දැමූ ලිදක වැටී සිටි වන අලි කෙනර පැටිවකු මුදා කැලයට මුදා හැරි බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය පවසයි. 30 August 2021
ඇඳිරිනීතියෙන් ආදායම් අහිමි පවුල් 7,27,339කට 2,000දීමනාව ලබාදී අවසන් නිරෝධාන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව අද (30) වනවිට පවුල් 7,27,339ක් සඳහා ලබා දී ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 30 August 2021
ශ්‍රී ලංකාව රනින් සැරසූ සාජන් ප්‍රියන්තට උසස් වීමක් පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බලලත් නිලධාරි(2) (වොරන්ට් ඔෆිසර්) නිලයට අද උසස් කරනු ලැබීය . 30 August 2021
කොවිඩ් ලැම්ඩා ප්‍රභේදයටත් එන්නත්වලින් ආරක්ෂාවක් ලැබේවි කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදය වන ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිතා කරන කොවිඩ් මර්දන එන්නත්වලින් ආරක්ෂාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය. 30 August 2021
ඩෙල්ටා පිට පළාත් වල පැතිරීම ගැන සොයන්න තවත් පරීක්ෂණයක් ලබන සතියේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පිට පළාත්වල පැතිර ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේදී පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 30 August 2021
කොවිඩ් ආසාදිත භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා පළමුවරට “කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්” කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අද (30) ආරම්භ කෙරිණී. 30 August 2021
ඇළකන්දේ ධීවරයෝ බෝට්ටුවලම මාළු අලෙවි කරති හැදල ඇළකන්ද ප්‍රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 30 August 2021
කොවිඩ් හැදුණත් දරුවාට මවුකිරි දීම නතර කරන්න එපා මවුවරුන්ට කොවිඩ් වැළඳුණත් දරුවන්ට මවුකිරි දීම නතර නොකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 30 August 2021
කොවිඩ් මරණවලින් සියයට 85කට හේතුව දිගුකාලීන රෝගාබාධ කොවිඩ් ආසාදිතවීමෙන් මරණයට පත්වූවන්ගෙන් සියයට 85කටම කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්වයක් තිබී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කළ සමීක්ෂණයකදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 30 August 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026