‘‘ආණ්ඩුවෙන් යන්න අදහස් නෑ‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සූදානමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 01 September 2021
කොරෝනා මරණ විකුණන මිනී කාක්කන් ගැන පොලිසියට තොරතුරු කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය සඳහා රෝහල් මෘත ශරීරාගාරයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ලබා දීමට අල්ලස් වශයෙන් දහස් ගණන් මුදල් ඉල්ලන මෙරට ප්‍රධාන පෙළේ රෝහල්වල සෞඛ්‍ය සේවකයන් කීප දෙනකු සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. 01 September 2021
රෝහල්වල අමාරු ලෙඩ්ඩු අඩුවෙලා කොවිඩ් ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 01 September 2021
ඇඳිරිය තවත් සති දෙකක් දීර්ඝ කළ යුතුයි කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 01 September 2021
කොරෝනා කාලයේ රිය අනතුරු 3111ක් කොරෝනා වයිරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා මාරක රිය අනතුරු සංඛ්‍යාව 3111ක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා පවසයි 01 September 2021
පාස්කු නඩුව අහන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත් තුන්සියයකට තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මවුලවිවරුන් ඇතුළු විසි පස් දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද පත් කරන ලදී. 01 September 2021
දකුණු අප්‍රිකානු කොරෝනා මාරයා ලංකාවට ඇතුළු වීමේ අවදානමක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා ප්‍රභේදය මෙරටින්ද වාර්තා වීමේ අවදානමක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය . 01 September 2021
2023 ආණ්ඩු පෙරළියක් ගැන අනාවැකියක් 2023 වසර වන විට රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දී ආණ්ඩුවට පල්ලම් බසින්නට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 01 September 2021
කෝවිඩි ආසාදනය වී සුව වූ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි සාර්ථක සීසේරියම් සැත්කමකින් පසුව සති 06 කට පෙර කොවිඩ් ආසාධිතව සිට ගැබිණි මතාවක් තුන් නිවුන් දරුවන් බිහි කල බව පුත්තලම මූලික රෝහල පවසයි. 01 September 2021
හොරෙන් ගබඩා කර තැබූ සීනි තොග රාජයේ බාරයට බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 01 September 2021
රනජන්ට නිදහස ඉල්ලා සජිත්ගෙන් ජනපතිට ලිපියක් සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන ලිඛිත ඉල්ලීමක් කරනු ලැබීය. 01 September 2021
පහන්තුඩාව වීඩියෝ පටය ගැන පොලිස් පරීක්ෂණයක් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි 01 September 2021
‘නීති විරෝධිව ගබඩා කර ඇති වී රාජසන්තක කරනවා’ අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (1)පැවසීය. 01 September 2021
‘රෙගන් කොව්’ ඖෂධය ගෙන්වීමට අවසර බරපතළ සංකූලතා සහිත කොවිඩ් රෝගීන්ට ලබාදෙන ’’ රෙගන් කොව්’’නමැති ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇත. 01 September 2021
‘ආර්ථික දැනීමක් නැති අයගේ තීරණ වලින් රට ප්‍රපාතයක’ හදිසි නීතිය පනවා හමුදා නිලධාරීන් යොදවා රටේ ආර්ථික ප්‍රශ්න විසදීමට නොහැකි බව රජය දැන්වත් තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 01 September 2021
දෙවැනි මාත්‍රාව නිසි කාලයටම කොරෝනා පළමු මාත්‍රාව දුන් ජනතාව සඳහා දෙවන මාත්‍රාව ලබා දීමෙිදී නියමිත දින වකවානු අනුව නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය බලධරයන්ට උපදෙස් ලබා දුන්නේය. 01 September 2021
මහළු මව සතිපොළට ගෙනත් දමලා නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට අවුරුදු 75 පමණ වයසැති මහළු මවක් ගෙනත් දමා අතරමං කර ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි. 01 September 2021
අද වැස්ස නැති කාලගුණයක් පසුගිය දිනවල පැවති වැසි තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) දිනයේදී මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 September 2021
පරිභෝජනයට නුසුදුසු කිරිපිටි පිටකොටුවෙන් අල්ලයි මිනිස් පරිභෝජනයට නොසුදුසු කිරිපිටි පැකට් ගබඩා කර තිබු පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන තුනකට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලිම් අංශය නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය. 01 September 2021
මැති ඇමැතිවරු 27ක් කොරෝනාවට ගොදුරු වෙති මැති ඇමැතිවරු 27 දෙනෙක් කොවිඩ් වයිරසයට මේදක්වා ගොදුරුවී සිටිති. 01 September 2021
ඉදිරි දෙසතියෙන් පසු කොවිඩ් මරණවල අඩුවක් කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි දෙසතියෙන් පසු බලාගත හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 01 September 2021
රට අරක්කු සිගරැට් තබා ගත් අයෙක් මාට්ටු තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් ලක්ෂ 30 ක ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සහ විදේශ මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් රත්මලාන පන්සල පාරේ දී, විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකය විසින් අතඩංගුවට ගනු ලැබීය. 01 September 2021
වවුනියාවේ අවමඟුලකට ආ තිහෙන් විසිඅටකට කොරෝනා වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයන් 28 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. 31 August 2021
වැවට එළියක් වගාවට පොහොරක් රසායනික පොහොර නොමැති විමත් සමග පුත්තලමේ ගොවින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වැව්වල සරුවට පැතිරි ඇති ජපන් ජබර රැගෙන යන අයුරු අප කැබරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 31 August 2021
පුත්තලමට ආ බෝදිලිමා තබ්බෝවට යවයි පුත්තලම - පාලවිය ප්‍රදේශයේ නිවසක වත්තක සිටි බෝදිලිමකු (CHAMELEON) හමුවු බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි. 31 August 2021
අනාරක්ෂිත බිත්තියක් වැටී දරුවකු මරුට වවුනියාව, පම්පෙමඩුව, පෙරියකට්ටු ප්‍රදේශයේ නිවසක ඉදිකරමින් තිබූ කුකුල් කූඩුවක බිත්තියක කොටසක් කඩාවැටීමෙන් අවුරුදු එකහාමාරක පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි. 31 August 2021
රාජ්‍ය ඇමති චන්න ජයසුමන වෛද්‍ය ජයරුවන්ට පිළිතුරු දෙයි මෙරට නිෂ්පාදනය කෙරෙන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 31 August 2021
මිහින්තලේ රාජගිරිලෙන හෑරු 11 පොලිසියට මාට්ටු ඓතිහාසික මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ්රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනකු අද දහවල් අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. 31 August 2021
කොවිඩ් මරණ 9,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 August 2021
සීනි ගබඩා 4කට සීල් තියයි වත්තල ප්‍රදේශයේ ගබඩා තුනක සහ මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී මාස අටක පමණ කාලයක් වෙළඳපොළට නිකුත් නොකළ සීනි මෙට්‍රික්ටොන් 11, 070 කට පාරිභෝගික අධිකාරිය අද (31) මුද්‍රා තැබිය. 31 August 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026