සයිනොෆාම් තවත් හතළිස් ලක්ෂයක් හෙට චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා හතළිස් ලක්ෂයක් හෙට සපයන බව එම නිෂ්පාදන සමාගම තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. 03 September 2021
‘‘අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර‘‘ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ සැණින් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි මෙරටට ගෙන්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසයි. 03 September 2021
‘‘රට වසා දැමීමේ ප්‍රතිඵල බලන්න තවත් සති දෙකක්වත් රට අගුලු යුතුයි‘‘ පවතින සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල දැක ගැනීමටනම් දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අවම වශයෙන් තවත් සති දෙකක්වත් දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 03 September 2021
සහල් - සීනිවලට උපරිම සිල්ලර මිලක් සහල් සහ සීනිවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (02) රාත්‍රී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 02 September 2021
පානදුරේ දරුවන්ට කොරෝනා බෙදන මධ්‍යස්ථානයක් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත විවිධ එන්නත් මාත්‍රා ගැනීම සඳහා රැගෙන එන කුඩා දරුවන් දැඩි සෞඛ්‍යය තර්ජනයකට මුහුණ පා ඇතැයි මවුපියවරු පවසති. 02 September 2021
ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකික තරුණ තරණියෝ යුතුකම් ඉටු කරති ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන තරුණ තරුණියන් පිරිසකගේ ධන පරිත්‍යාගයන් පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත රුපියල් ලක්ෂ 30 ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි. 02 September 2021
බ්‍රිතාන්‍යය කොටින්ට එරෙහි තහනම අඛණ්ඩව බ්‍රිතන්‍යය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇතැවි විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 September 2021
’’එන්නතින් අලුත් ප්‍රභේද මට්ටු කරන්න බැරි වෙයි’’ කොවිඩ් වයිරසය වෙනස් වීම් වලට ලක් වෙමින් පැමිණ යම් දිනක එන්නත් වලට ක්‍රියා නොකරන තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය. 02 September 2021
අද ආසාදිතයන් 3,619ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 846 දෙනකු අද(2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,619 කි. 02 September 2021
කොවිඩ් මරණ 204ක් කොරෝනා ආසාදිත වූ තවත් 204දෙනකු ඊයේ (1) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද(2) තහවුරු කළේය. 02 September 2021
වැඩබැරි ආණ්ඩුවට හදිසි නීතියෙන් කළහැකි ඉටිගෙඩියක් නෑ. විධායක බලය,පාර්ලිමේන්තුවේ අති බහුතරය හා සියලු රාජ්‍ය යාන්ත්‍රණය තිබියදී ජනතාවට අවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් හදිසි නීති විධි විධාන පැනවූවා නම් සතියක් ඇතුළත එහි ප්‍රතිඵල පෙන්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 02 September 2021
කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 ක් ආනයනයට පියවර මහ කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත. 02 September 2021
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් බාර ගැනීම දීර්ඝ කරයි 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.මෙවර සෑම විභාග අපේක්ෂකයකුම අයැදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ ඔන්ලයින් ක්‍රමවේදයට පමණක් බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 02 September 2021
දැය දිනවන වැඩපිළිවෙලකට සූදානම් වෙන්න සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ 70 වැනි සංවත්සර වැඩසටහන අමතමින් අද (2) පැවසීය. 02 September 2021
වයස 18ට වැඩි සියලු දෙනාට අද සිට එන්නත් රටපුරා වයස 18-30 අතර පිරිස් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම පළමු වරට දිස්ත්‍රික් මට්ටමින් අද (2) ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. 02 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,773ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,773 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 02 September 2021
හමුදාවට ෆයිසර් දීම ගැන වෛද්‍ය සංගමයෙන් දෝෂාරෝපණයක් ෆයිසර් එන්නත් යුදහමුදාවට ලබාදී විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව විවිධ ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට ලබාදීම අනුමත නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි . 02 September 2021
මුද්‍රා තැබූ වී කිලෝ ලක්ෂ 90 සතොස හරහා ජනතාවට උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ලියාපදිංචි නොකළ වී ගබඩා 52 කින් පසුගිය සති කීපයේදී සොයාගැනීමෙන් පසුව මේ වන විට මුද්‍රා තබා ඇති වී මෙට්‍රික්ටොන් 9000 ක් හෙවත් වී කිලෝ ලක්ෂ 90 වී අළෙවි මණ්ඩලය ලබාගෙන සහල් කර සතොස හරහා ජනතාවට සහන මිල ලබා දෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය. 02 September 2021
අක්කරේපත්තුවේ වී ගබඩාවකට සීල් තියයි අක්කරේපත්තු ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ ගබඩාවකින් වී මෙට්‍රික්ටොන් 585 ක් හෙවත් වී කිලෝ 585,000 ක් අද (02) පස්වරුවේ සොයාගත් බවත් එම වී ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය. 02 September 2021
හිටපු ජනාධිපතිනිගෙන් පවුල් 175කට වියළි ආහාර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කොළඹ නගරයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 175ක් සඳහා වියළි ආහාර මලු පරිත්‍යාග කරනු ලැබුවාය. 02 September 2021
ලොව අංක එකේ වනජීවී ඡායාරෑප තරගයෙන් ලාංකිකයින් දෙදෙනෙකුට ජයග්‍රහණ දෙකක් ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා - 2021 (bbc wildlife photographer of the year 2021) තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ ඇගයුමට ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරෑප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරෑප ශිල්පියෙකුට සමත් වී ඇත. 02 September 2021
පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ගලක් මතුපිට අඹු සැමියන් ලෙස හැසිරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 02 September 2021
ඔක්සිමීටර් සඳහා උපරිම සිල්ලර මිලක් ඔක්සිමීටර් සඳහා රුපියල් 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තීරණය කර ඇත. 02 September 2021
මහජන ආධාර ගන්න දිගු පෝලිම් අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් අද 02 ග්‍රාන්ඩ්පාස් තැපැල් කාර්යාලයේදී ලබා දීම සිදු කළේය. 02 September 2021
තවත් සීනි ගබඩාවකට සීල් තියයි කුරුණෑගල, උයන්දන ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 165 ක් හෙවත් කිලෝග්‍රෑම් 165,000 ක් අද (02) පස්වරුවේ බාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය. 02 September 2021
බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. 02 September 2021
කෝටි 288 කුඩුවල අයිතිකරු හඳුනා ගනී බේරුවල මුහුදු තීරයේදී ටෝලර් යාත්‍රාව සමඟ පොලිසිය භාරයට ගත් රුපියල් කෝටි 288 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයේදී භාරගැනීමට සිටි පුද්ගලයා කවුදැයි හඳුනා ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය 02 September 2021
සතොස ඉදිරිපිට දිගු පෝලිම් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්ට පාලන මිලක් පැනවීමට රජය තීරණය කිරීමත් සමග සතොස හා සමුපකාර අලෙවිසල් අද දිගු පොලිම් දක්නට ලැබිණි. 02 September 2021
රිජ්වේ රෝහලෙන් සුබ ආරංචියක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 95ක් දක්වා පහත බැස ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය. 02 September 2021
සෞඛ්‍ය බලධාරීන් හදන්නේ අලුත් ඇමැතිත් ’’ෆේල්’’කරන්න ජනතාවට ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් මර්දනය කිරීම නතර කොට කොරෝනා මර්දනයට එකතු වෙන්නැයි සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 02 September 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026