18ට අඩු දරුවන්ට එන්නත් දීමට තොරතුරු ඉල්ලන අන්තර්ජාල අයදුම්පත බොරුවක් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සදහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන්නැයි සදහන් කරමින් ඇතැම් සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පත්‍රයක් පළ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 03 September 2021
නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ මුළු දිවයිනටම දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මකවන කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය මුළු දිවයින පුරා ආරම්භ කිරීම පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 03 September 2021
විදේශිකයන්ගේ වීසා කාලය දීඝ කරයි ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා කාලය මේ මස 7 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා තවත් දින 30 කින් දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 03 September 2021
’’වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’ කොවිඩ් පාලනය කිරීම සහ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 03 September 2021
රිෂාඩ්ට දුරකතනය දුන් ජේලර්ට මාරුවක් රිමාන්ඩ් බන්ධනාගාරගතව මැගසින් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනය ලබා දී ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කරන ජේලර්වරයකු බවට හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 03 September 2021
සෞඛ්‍ය බලධරයන් චක්‍රලේඛ කඩලා ගර්භනී හා අවුරුද්දට අඩු ළමයින් සිටින රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම නොකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් චක්‍ර චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය සේවකයින් අදාළ චක්‍රලේඛය කඩමින් සේවයට කැඳවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ . 03 September 2021
වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 03 September 2021
කොවිඩ් නිසා තැපැල් - උප තැපැල් කාර්යාල 500ක් වහයි තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තැපැල් සහ උප තැපැල් කාර්යාල 500 ක් පමණ කොවිඩ් අවදානම හේතුවෙන් සම්පූර්ණයෙන් වසා ඇතැයි තැපැල්පති තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. 03 September 2021
පහන්තුඩාව සිද්ධියේ යුවළට පොලිස් ඇප රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි . 03 September 2021
පළාත් පාලන මැතිවරණය ගැන ත්‍රිපුද්ගල කමිටුවෙන් අලුත් යෝජනාවලියක් පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගණනය කිරීමේදී පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගන්නා සමානුපාතික නියෝජන ක්‍රමය යොදා ගැනීම යෝග්‍ය බව පළාත් පාලන ඡන්ද ක්රමයේ අඩුපාඩු හඳුනාගෙන ඊට විසඳුම් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් වෙයි. 03 September 2021
කාබනික පොහොර හදන ගොවීන්ට දෙසතියක් ඇතුළත 7500ක් දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි . 03 September 2021
ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කරයි කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත. 03 September 2021
‘රාජකාරියේදී මිය යන සෞඛ්‍ය සේවක වැටුප පවුල්වලට දෙන්න ‘ රාජකාරියේ යෙදී සිටිය දී කොවිඩ් ආසාදනයවීමෙන් මියයන සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප ඔවුන්ගේ පවුල් වෙත අඛණ්ඩව ලබා දෙන්නැයි ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර ඇත. 03 September 2021
වසර අවසාන මැතිවරණ නිරීක්ෂණය කරන්නැයි ලිබියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි ලිබියානු රජය මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත මැතිවරණ නිරීක්ෂණය කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටි. 03 September 2021
තව සතියක් රට වහයි කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 03 September 2021
ස්පුට්නික් නැතුව මහනුවර එක් ලක්ෂ විසි දහසක් අනතුරේ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ලක්ෂ විසි දාහකට දෙවෙනි මාත්‍රාව සඳහා එම එන්නත නොලැබීම නිසා ඒ අය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 03 September 2021
දිනේෂ්ට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක මුදල් ත්‍යාගයක් ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. 03 September 2021
වතුරේ ගිය කෝටි 114ක් ඖෂධ සංස්ථාව ඉතිරි කරලා ඖෂධ හදිසියේ මිලදී ගැනීම නැවැත්වීමෙන් රුපියල් කෝටි 114කට වැඩි මුදලක් ඉතිරි කරගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 03 September 2021
හදිසි නීතිය සම්මත කිරීමට විශේෂ විවාදයක් මැතිසබයේදී 6 වැනිදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම සඳහා විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 6 වැනිදා සඳුදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත . 03 September 2021
අනවසර ඖෂධ රැගෙන ආ ඉන්දියානුවන් දෙදෙනකු රේගු දැලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය . 03 September 2021
ආර්ථික මධ්‍යස්ථාන 5- 6 විවෘත කරයි සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ තොග වෙළඳාම සඳහා අනිද්දා 5 ඉරිදා සහ ලබන 6 සඳුදා දිනවල විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. 03 September 2021
නවසීලන්තයේ පිහි ප්‍රහාරයක්: සැකකරු ශ්‍රී ලාංකිකයෙක් නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර ’ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ. 03 September 2021
බ්‍රිගේඩියර් ඩි.උදයසේන කොරෝනාවට බිලි කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත් වී ඇත. 03 September 2021
ඉදිරි සතිය ගැන තීරණය කරන්න 11ට රැස් වෙති රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතය. 03 September 2021
තොග වෙළෙඳාම ට රජය මැදිහත් විය යුතුයි කූඨ වෙළඳුන්ගේ ග්රහනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 03 September 2021
ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය වන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 September 2021
දඹුල්ලේ ලොකු ලූනු ගොවියෝ දුක කියති දේශීය ලොකු ළුනු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති නිසා කඩිනමින් විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා දැනට පනවා ඇති ශත 25 බද්ද ඉවත් කොට දේශීය ගොවියාට සාධාරණය වන පරිදි බද්ධ වැඩි කරන්නැයි දඔුලු ලොකු ලූනු ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති. 03 September 2021
මහනුවර ඓතිහාසික ස්ථාන සංරක්ෂණයට ඇමෙරිකාවෙන් ආධාර මහනුවර නගරය් පිහිටා ඇති ඓතිහාසික ස්මාරක සංරක්ෂණය කිරීම සදහා ඇමෙරිකා රජය මෙරටට රුපියල් පන් කෝටි විසි ලක්ෂයකට වැඩි මුදල් ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි. 03 September 2021
පළාත් කීපයකට කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (3) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 September 2021
‘‘කොරෝනා මඩින අතර අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න‘‘ කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද නිරන්තර අවධානයෙන් සිටින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිසියට උපදෙස් ලබා දුන්නේය. 03 September 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026