ඉන්ධන ගැටළුවක්, බේරුවල නගර සභා වාහන කොට උඩ බේරුවල නගර සභාව මගින් පාලනය වන කසල බැහැර කරන ට්‍රැක්ටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල යොදවා තිබෙන වාහන රැසක් ඉන්ධන අර්බුදයක් හේතුවෙන් නගර සභා පරිශ්‍රය ඉදිරිපිට ගාලු පාරේ ගාල්කර තිබේන බව නගර සභාව කියයි. 05 September 2021
දිස්ත්‍රික්ක 4 ක 20-29 අතර පිරිසට එන්නත් හෙට සිට කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 05 September 2021
‘ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්’ ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා වයිරස බෝම්බ බිහිවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. 05 September 2021
කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි දැරණියගල ප්‍රදේශයේ කාන්තාවක දැලිපිහි ප්‍රහාරයකින් දැරණියගල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීම නිසා ප්‍රතිකාර සඳහා දරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි සීතාවක කොට්ඨාස විශේෂ අපරාධ පොලිස් විමර්ශන ඒකකය කියයි. 05 September 2021
හදිසි නීති රෙගුලාසි විවාදය හෙට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම සඳහා විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට ( 6 ) පැවැත්වේ. 05 September 2021
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යළි ඇන්ටිජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් හෙට (6) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 05 September 2021
මැණික් කරුවන්ට පොඩි පහේ ’’ඉල්ලමක්’’ රට වසා තැබීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු මැණික් ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බැවින් ඔවුනට රුපියල් 25,000 ක පොලී රහිත ණයක් දෙන්නැයි රජයට යෝජනා කළ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 05 September 2021
පහන්තුඩා සිද්ධියේ සමාජ ජාලා ඡායාරූප බොරු පහන්තුඩාව දියඇල්ල අසල නිරුවත් ජවනිකා සහිත ආන්දෝලනාත්මක වීඩියෝවේ සිද්ධීයට සම්බන්ධ බව කියමින් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වූ යුවළගේ ඡායාරූප ඊට කිසිසේත්ම සම්බන්ධ නැති යුවලක ගේ බව හෙළි වී තිබේ. 05 September 2021
’එන්නත්කරණයෙන් පසු පාසල් විවෘත කළ හැකියි’ ළමයින් එන්නත්කරණයට ලක් කළ පසු පාසල් විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. 05 September 2021
රටවල් 10 කට පිලිපිනය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවතට මාස තුනක්ට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක සිටි පැමිණෙන පුද්ගලයින් සඳහා පිලිපීනය රජය පනවා තිබූ සංචාරක තහනම හෙට (06) සිට ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි මැනිලා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. 05 September 2021
එ.ජා.ප 75 සංවත්සර සැමරුම සවස 5ට එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 05 September 2021
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (5) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2021
කොරෝනා අස්සේ හොටල් කඩන පහක් මාට්ටු කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති සංචාරක හෝටල් බිඳ ඒවායේ ඇති ගෘහ උපකරණ සහ විවිධ වටිනා භාණ්ඩ සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් පස්දෙනකු සොරාගත් විශාල භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 05 September 2021
ඔක්සිජන් තවත් ටොන් 150ක් ඉන්දියාවෙන් ගෙන්වයි මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි. 05 September 2021
සයිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් කටුනායකට ශ්‍රී ලංකාව විසින් , මෙරට පැතිරෙන කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා චීනයෙන් මිළදී ගත් ’’ සයිනොෆාම් ’’ එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය. 05 September 2021
ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය ’’හීන් මැණිකේ’’ කොරෝනාවට බිලි කොවිඩ් ආසාදිත ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය ’’හීන් මැණිකේ’’ ඊයේ (04) රාත්‍රියේ මිය ගියාය. 05 September 2021
රජය නව වීසා ක්‍රමයක් හඳුන්වා දෙයි ඩිජිටල් සංචාරක වීසා (Digital Nomad Visa) නමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය කියා සිටී. 04 September 2021
දත්ත මැකූ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයන් කවුදැයි හඳුනා ගත් පසු ඒ අයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 04 September 2021
කොරෝනා ආසාදිතයන් අද 3333යි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 693 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 September 2021
ශ්‍රී ලංකාව ‘කොරෝනා’ රතු කළාපයක් ශ්‍රී ලංකාව ‘කොරෝනා’ වයිරසයේ ව්‍යාප්තිය සහ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත රතු කළාපයක් ලෙස නම් කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥා වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි. 04 September 2021
කොරෝනා මරණ 145ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 145 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 September 2021
ඝාතනය කෙරුණු ’’ෂන්සයින් සුද්දා’’ ට කොවිඩ් සාහසිකයකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායකයෙකුවූ හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න නොහොත් සන්සයින් සුද්දා නමැත්තා මියයන අවස්ථාවේදී කොවිඩ් ආසාදිතවී සිට ඇතැයි හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. 04 September 2021
අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නන්ගේ දේපල තහනම් කෙරේ අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ට දඩ නියම කිරීමට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටද නියෝග දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. 04 September 2021
කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,640 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 September 2021
එන්නතට උනන්දුවෙන ලාංකිකයන් ගැන ආඩම්බරයි කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ගැන තමා ආඩම්බර වන බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 04 September 2021
නවසීලන්ත අපරාධකරු ගැන තොරතුරු රැසක් සොයාගනී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළෙඳසල තුළ සිදු වූ සිදුවීමේ දී මරණයට පත් ශ්‍රී ලාංකිකයා ඉකුත් 2011 වර්ෂයේ දී ශිෂ්‍යයකු වශයෙන් මෙරටින් පිටව ගොස් ඇති බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 04 September 2021
මාදුරුඔයට දඩයමේ ගිය තුනක් අල්ලයි වන සතුන් දඩයම් කිරීම සඳහා මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුලුවූ පුද්ගලයන් තිදෙනකු මෙරට සාදන ලද වෙඩි බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ අද අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති. 04 September 2021
’’60 ට වැඩි ලක්ෂ තුනකට තවම එන්නත් ලැබී නෑ’’ මෙරට වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් ලක්ෂ තුනකට තවමත් කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලැබී නැතැයි වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 04 September 2021
වෙළඳපොළේ පාන් පිටි හිඟයක් ශ්‍රී ලංකාව තුළ තිරිඟු පිටි (පාන් පිටි) හිඟයක් ඇති වීම නිසා පිටි මිල ද ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 04 September 2021
’’සතොසෙන් සීනි කිලෝ 3ක් ගන්න පුළුවන්’’ ලංකා සතොස ඕනෑම ශාඛාවකින් පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය. 04 September 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026