
(සුජිත් හේවාජූලිගේ)
බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර දෙකක් සටන් කිරීමට තමාට සිදුවූ නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට තමා ජනතාවට පොරොන්දු වන බවද හෙතෙම සඳහන් කළේය.
රට වසා තැබීම සහ විවිධ පාලන නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණ බව පැවසූ ජනාධිපතිවරයා එවැනි තත්වයන් පෙන්වා දෙමින් නිදහසට කරුණු දැක්වීමට තමා සූදානම් නැතැයිද පැවසුවේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ඊයේ(10) පැවති උත්සවයේදීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද පැවැසීය.
අද හමුදා දිනය වෙනුවෙන් මෙම ස්ථානයේ පැවැත්වුණු පෙළ පාළියට සහ අනෙකුත් උත්සවවලට සහභාගි වීමට ලැබීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. මම තරුණයෙකු හැටියට මගේ ජීවිතය ආරම්භ කළේ යුද හමුදාවෙන් නිසා. මම යුද හමුදාවේ අවුරුදු 20ක් සේවය කළා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් අවුරුදු 10ක් සේවය කළා. මම මුලින්ම හමුදා ජීවිතය ආරම්භ කළේ සංඥා බලකායෙන්. ඊළඟට මම සිංහ රේජිමේන්තුවේ සේවය කළා. ඊට පසුව මේ ස්ථානයේ ජෙනරාල් ඩෙනිස් පෙරේරා හමුදාපතිවරයා වශයෙන් ඉන්න කාලයේ ”රජරට රයිෆල්” කියලා අලූත් රේජිමේන්තුවක් පටන් ගත්තා. මම එකේ ආරම්භක නිලධාරියෙක් හැටියට පැමිණියා. මේ භූමිය තෝරාගත්තෙත් මමයි.
අද සමහර ගොඩනැඟිලි ගොඩක් වෙනස් වෙලා. ඊට පස්සේ ගජබා රේජිමේන්තුව වුණා. මම තරුණ නිලධාරියෙක් හැටියට ගජබා රේජිමේන්තුවේ තමයි වැඩි කාලයක් සේවය කළේ. මේ ස්ථානයට පැමිණීම මම මහගෙදරට ආවා වගේ දැනෙනවා.
විශේෂයෙන්ම ගජබා රේජිමේන්තුවේ තමයි, එහි නායකත්වය දැරූ ජෙනරල් විජය විමලරත්නගේ නායකත්වය, මග පෙන්වීම යටතේ මම, ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපි සියලූ දෙනාම හමුදාව කියන්නේ මොකක්ද? නායකත්වය කියන්නේ මොකක්ද? නොබියව සටන් කරන්නේ කොහොමද? හමුදාවක් පුහුණු කරන්නේ කොහොමද? රට වෙනුවෙන් හමුදාවක් මෙහෙයවන්නේ කොහොමද? කියලා අපි ඉගෙන ගත්තේ ජෙනරල් විමලරත්නගේ යටතේ මේ ස්ථානයේ.
ගජබා රේජිමේන්තුවේ, මේ ස්ථානය ගැන මට හරිම ආඩම්බරයි. අපේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනඥයෙකුගෙන් තොරව රටේ සේනාධිනායකයා බවටත්, ජනාධිපතිවරයා බවටත් පත් වෙන්නට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ, මම හමුදාවේ නිලධාරියෙක් හැටියට රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළා. ආරක්ෂක ලේකම්වරයා, හැටියට මගේ යුතුකම ඉටු කළා. ඒ නිසා තමයි ජනතාව මා කෙරෙහි විශ්වාසය තියලා, මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ තමුන්නාන්සේලා සියලූ දෙනාට ඒක ආඩම්බරයක් කියලා මම හිතනවා.
විශේෂයෙන්ම අද ති‍්‍රවිධ හමුදාවටම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මේ රටේ පසුගිය වසර දෙක තුළ ඔබ කළ සේවය ගැන. අපි මුහුණ දුන්න කොවිඩ් වසංගතය පාලනයට ඔබ කළ කැපවීම ගැන. සෞඛ්‍ය සේවය සහ අනෙකුත් අය සමග විශේෂයෙන් නිරෝධායන කටයුතුවලදී ඒ වගේම එන්නත ලබාදීමේ දී ඔබ කළ සේවය ඉතාමත් විශිෂ්ටයි.
කොවිඩ් වසංගතය පාලනයට එන්නත ලබාදීමේ දී අපි ලෝකයේ ඉහළ තැනක සිටින රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ, ඔබ කළ සේවය නිසයි. මම ඒ වෙනුවෙන් සියලූ දෙනාටම ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම මම බලයට ආවට පස්සේ කිව්වා, මේ රටේ ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වයක් දීලා වැඩ කරනවා කියලා. මම ප‍්‍රතිපත්තියක් හැටියට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය සුදුසු නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හෝ වේවා හමුදාපතිවරුන් වශයෙන් හෝ වේවා බුද්ධි නිලධාරීන් වශයෙන් හෝ සුදුසුම නිලධාරීන් මම ඒ ස්ථානවලට පත් කරලා තියෙනවා. ඒ වගේම ති‍්‍රවිධ හමුදාවේ, බුද්ධි අංශවල මානසිකත්වය මම ඉහළට ගෙනල්ලා තියෙනවා. හමුදා නිලධාරීන්ට, බුද්ධි නිලධාරීන්ට පහර ගැසීම් නවත්වලා ඔවුන්ට තමන්ගේ රාජකාරිය කිරීමට අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවා. මේ රටේ නැවතත් කිසිම ත‍්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්ෂාව තහවුරු කිරීම අපේ ප‍්‍රධාන වගකීමක්. අපි බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කළා. දැන් අපි ඒක ස්ථාවර කරන්න ඕනෑ. එයට හේතු වුණු කරුණුවලට අපි විසඳුම් දෙන්න ඕනෑ. එම පළාත් අපි දියුණු කරන්න ඕනෑ. ඒ පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න අවශ්‍යයි. ඊළඟට අන්තවාදී ආගමික ත‍්‍රස්තවාදය මුළු ලෝකයේම පවතින දෙයක්. ඒකට අපි මුහුණ දෙන්න ඕනෑ. එවැනි දෙයක් මේ රට තුළ ඇති නොවන ආකාරයට, කිසිම ආගමකට පහර ගැසීමක් නොවෙයි, අපි කවුරුත් දන්න, ලෝකයේම දන්න අද පවතින තත්ත්වයක්. අපි ඒකට මුහුණ දෙන්න ඕනෑ. අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑ. මම එය ජනතාවට පොරොන්දු වුණු දෙයක්. මම එය ඉෂ්ට කිරීමට කැප වෙලා ඉන්නවා. මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව පත් කර ගත්තේ විශාල බලාපොරොත්තු ඇතිව. මම පත්වුණු දවසේ ඉඳලා, පසුගිය අවුරුදු දෙක තුළ ලෝක ඉතිහාසයේ කවදාවත් මුහුණ දුන්නේ නැති තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි පසුගිය අවුරුදු දෙකම සටන් කළේ කොවිඩ් වසංගතය පාලනය කර ගන්නට රට වසා තැබීම්, විවිධ පාලන, මේවා නිසා අපේ ආර්ථිකය විශාල පසුබෑමකට පත් වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ. නමුත්, මේ තත්ත්වය යටතේ ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ජනතාව මා කෙරෙහි, රජය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ගැන ඔවුන්ගේ අප‍්‍රසාදයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම විතරක් නොවෙයි සියලූ මැති ඇමතිවරු ඒක පිළිගන්න ඕනෑ. නමුත් අපි කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කරලා, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කරලා, නව ජවයකින් මේ රට ඉදිරියට ගෙන යන්න, මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලූ දෙනාම එක්ව එකට කටයුතු කරන්න ඕනෑ.
ඒදා මම පොරොන්දු වුණු විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ලබාදීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක‍්‍රමයත් මම ඇති කරනවා. මම රුවැන්වෑලිසෑය වැඳ ගන්නට ගිය වේලාවේ පඩිපෙළ නගිනකොට තරුණ ස්වාමීන්වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නිතීයක් ගේනවා කිව්වා, අපි ඒ ගැන බලාගෙන ඉන්නවා කියලා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා.
අපි හරිත කෘෂිකර්මන්තයක් මේ රටේ ඇතිකරනවා කියන එක මම පොරොන්දු වෙච්ච දෙයක්. අපහසු වෙනස් කිරීමක්. ඔබතුමන්ලා බොහෝ පිරිසක් ගමේන් පැමිණි පිරීසක් බව මම දන්නවා. දෙමාපියන්, නෑදෑයන් කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසක් බව මම දන්නවා. මම කාබනික පොහොර භාවිතයෙන් හරිත කෘෂිකර්මාන්තයක් බිහි කරන්නට පෙළඹුනේ, එකක් එය මා දුන් පොරොන්දුවක්. දෙක එය තමයි හරි දේ. ජනතාව වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අප කළ යුත්තේ එයයි. එය අමාරු දෙයක්. ගොවි ජනතාව වෙනුවෙන් මම සෑම විටම කැප වී වැඩ කරනවා, මොකද ජනගහනයන් 75%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඉන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය. බලන්න, කාටද වකුගඩු රෝගය තියෙන්නේ? කාටද විවිධ රෝග තියෙන්නේ?
විශේෂයෙන් මේ ගොවි ජනතාව ජිවත්වෙන ප්‍රදේශවල. අපි රසායනික පොහොරවලින් ඈත්වෙලා අපේ ඉදිරි පරම්පාරව වෙනුවෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා යන්න ඕනේ. අපි තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ. මම තමයි වී සහතික මිල රුපියල් 50ක් දක්වා වැඩි කෙරුවේ. මට අවශ්‍ය ඒ වැඩි ජනකොටසකගේ කර්මාන්තය වන කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට, ඔවුන්ගේ අදායම වැඩි කරලා ඔවුන්ට හොඳ ජිවන තත්ත්වයක් ගත කරන්නට සලසා දීමටයි. මා ගැන විශ්වාසය තියන්න. අපි එකමුතුව මේ කාර්යය ඉටු කරමු.
ඒ වගේම මම පොරොන්දු වුණා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපි රට ඉදිරියට ගෙනයනවා කියලා. අපිට තෙල් නෑ, අපට ගෑස් නෑ, අපට ගල් අඟුරු නෑ. අපට තිබෙන්නේ ජලය, සුර්ය බලය, සුළං. මේ දේවල් හරහා අපේ බලශක්තිය අපි දියුණු කරන්නට ඕනෑ.
යමේකු කියනවා නම් නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්න කියලා, එය විහිළුවක්. ඒකට මම සුදානම් නෑ. අද ලෝකයම එයින් ඔබ්බටයි යන්නේ. අපි එය සඳහා කැප වෙන්නට ඕනෑ. අද ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට විශේෂයෙන්ම මේ කඩාවැටීලා තියෙන සංචාරක කර්මාන්තය, විශාල ජනකොටසක් එයින් ජීවත් වෙනවා. විශාල විදේශ විනිමයක් අපට ලැබෙනවා. මේ සඳහා අපට කොවිඩ් පාලනය කර ගැනීම අවශ්‍යයි. ක්‍රමයෙන් දැන් විදේශිකයන් පැමිණීම ආරම්භ කරලා තියෙනවා. අපි අපේ ආර්ථිකය නඟාසිටුවීමට ඉදිරි වසර කීපය තුළ කැපවීමෙන් වැඩ කරනවා.
ජනතාව මගෙන් බලාපොරොත්තු වුණා දුෂණය නැති කරන්නට. මම හමුදා නිලාධාරින්ව විවිධ දේපාර්තමේන්තුවල ඉහළ තනතුරුවලට මම පත් කෙරුවේ ඒ බලාපොරොත්තුව ඇතිවයි. එය විශාල අභියෝගයක්. නමුත් අපි එය කරන්නට ඕනෑ. මොන තරාතීරමේ වුණත්, ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරින් වේවා, රට වෙනුවෙන් අපි දුෂණය සම්පූර්යෙන්ම ඉවත් කරන්නට ඕනෑ. මම ආදර්ශයක් දී තිබෙනවා. මම කිසිදු ආකරයකින් දුෂණයට යොමු වෙලා නෑ, යොමු වෙන්නෙත් නෑ. ජනාධිපතිවරයා වශයෙන් මම හැකිතාක් දුරට වියදම් අඩු කරලා තියෙනවා. මම ආදර්ශයක් දී තිබෙනවා. මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශයම ඔවුන්ටත් දෙන්න කියලා. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දුෂණය වැළැක්වීමට සහාය දෙන්න. මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් කාර්යක්ෂමව රාජ්‍ය සේවයේ වැඩ කරන්න කියලා. අපි ඉදිරි වසර කීපය තුළ මේ රට “සෞභාග්‍යය” කරා ගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.
අද හොඳ පෙළපාළියක් පැවැත්වුණා. එයට මගේ ප්‍රසංශාව හිමි වෙනවා. ඔබ යුද හමුදාවක් වශයෙන් පුහුණවීම් කටයුතු වගේම සේවාවන්, අද ලෝකයේම හමුදාවන් යුද කටයුතු කරන්නට පමණක් නොවෙයි ජාතිය ගොඩනැගීමේ කටයුතුවල සෑම හමුදාවක් යෙදී තිබෙනවා. ඔබ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. එය ඉදිරියටත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම ඔබලා කෘෂිකර්මාන්තය වෙනුවෙන් නව රෙජිමේන්තුවක් ඇති කරලා තිබෙනවා. මේ කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වන අතර, ඔබට සුභ අනාගතයක් වේවා යි! කියා මම සුබ පතනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
60 වසරක දේශපාලන අත්දැකීම් තියෙන තමුන්ගේ සහෝදරයාගෙන්ම උපදෙස් ගත්තා නම් හොඳ නැද්ද?
මං බිබී හිටපු තේ එකත් උස්මුරුත්තාවට ගියා මේක කියවපු ගමන්...
දූෂණයෙන් තොර, වචනේ ලස්සනයි.. හැබැයි තමුන්නාන්සේ ආව දවසේ ඉඳලා වුනේ.. අපි දැක්කේ දූෂණයම තමයි. ඒ දූෂණේ කළේත් තමුන්ගේ හැත්ක බුරුත්තමයි. බොරුව එපා... තමුන්ට ඔය කිසිදෙයක් නැති කරන්න බෑ. මොකද තමුනුත් ඔය කියන ගහේ මුදුන් මුලේ කොටසක් නිසා...
සභාවේ තදින් සිනා...
දූෂණයේ උපත කියන්නෙත් ඔහෙලටම නේද?
පවුලේ අයගෙන්ද සහාය පතන්නේ? අපි නම් හොරු නෙවෙයි...
දූෂණයට සම්බන්ධ වීම හේතුවෙන් උසාවිවල නඩු පැවරී ඇති පිරිසක් එක්ක එකතුවෙලා කොහොමද මහත්තයෝ දූෂණය නැති කරන්නේ? මේවා නිකන් සුරංගනා කතා. කවුරුවත් ආයෙත් සැරයක් විශ්වාස කරයි කියලා නම් හිතන්න අමාරුයි...
ඕක පවුලේ කෑම මේසෙදී කළයුතු ඉල්ලීමක්...
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා..? ලොක්කා විහිලු කරනවා වගේ.
අපි හොරෙන් කෑවද? ඔය අය තමයි කරන තරම් දූෂණ කරේ... අපිට වගාවක් කරගෙන කන්න පොහොර ටික දෙන්න..
දූෂණයෙන් තොරව ඉදිරියට යන්න අපෙන් සහාය ඉල්ලන්නේ... අපිද දූෂණ වැඩ කළේ? නැත්නම් දූෂණ කරන අයව අල්ලන්න ඕන අපිද?
"ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට"... වටිනා සිංහල කියමනක්...
තමන්ද ඇතුළුව වැඩේට බැස්සත් දැන්නම් ගොඩක් ප්‍රමාදයි. පැන්ඩෝරා එකෙන් පස්සෙද මතක් වුණේ..? ඔය වයසට ඔහොම්ම තමයි. ඉතිරි ටික අයියාගෙන් අහගන්න.
මොනවද ලියන්නේ කියලා කල්පනා කළේ...!
69 ලක්ෂයක් ඡන්දේ දීලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දීලා අයියා අගමැති කරලා, මල්ලී මුදල් ඇමති කළාටත් පස්සේ අපෙන්ද සහාය ඉල්ලන්නේ...? ඉස්සෙල්ලම අඩුම ගානේ පහුගිය දවස්වල වූ සීනී, හාල්, සුදුළූණු වංචා ගැනවත් දන්නවද ඔබතුමා...? රට්ටුන්ගෙන් නොවේ කේවට්ටයින්ගෙනුයි, වටේ ඉන්න හොරුන්ගෙනුයි උපදෙස් ගන්න. තව අවුරුදු 3යි තියෙන්නේ. ඉඳලා ගිය අය කළ දේ සහ හිටපු අයට වුණු දේ තමයි ඔබටත් වෙන්නේ.
දූෂණයෙන් තොර...? වචනේ නම් ලස්සනයි. දූෂිතයන් සිටින සමාජයක නැතිනොවන, නැතිකළ නොහැකි එකම දේ දූෂණයයි.
රටක නායකයා කොතරම් පිරිසිදු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකු වීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඉන්න, හිටින්න රටක් තිබ්බොත් ඇති...
බොරු කියන්නේ ....
දුමින්ද සිල්වාට එක නීතියක්, අනෙක් සිරකරුවන්ට එක නීතියක්... ඒක තමයි.. එකම රටක්, එකම නීතියක් කියලා කියන්නේ...
ඔහේගේ කතා නම් අම්මපා කුමට කියනවැයි... මරු හැබැයි මහත්තයෝ බයිලා කියන්න ගත්තේ ඊළඟ ඡන්දෙදී වැඩ වරදීවි කියලා දැණුන හින්දා නේද? නැත්නම් පහුගිය වසර 2 තුළදී දමපු ඔක්කොම ඒවා ගොන් පාට් නොවැ.. හොඳයි නිකන් එකක් කියන්නකෝ කොරපු හරි, හොඳ වැඩක්?
අපි මෙයාගෙන් ඉල්ලන්න ඕන ඒවා මෙයා අපෙන් ඉල්ලනවා...
එතකොට දූෂණේ හොරාකන්නේ සාමාන්‍ය ජනතාවද? ඉස්සෙල්ලා ඔඩොක්කුවේ ඉන්න ඇමතියයි, හෙන්චයියොයි හොරාකන එක නවත්ත ගත්තොත් නරකද? අනික රටේ බලය තියෙන ජානාධිපති මීඩියා එකට ඇවිල්ලා ජනතාවට එහෙම ඉන්න.., මෙහෙම ඉන්න කියලා හරියනවාද, බහුතරයක් පාලනයට තමයි නීතිරිති සහ ක්‍රම තියෙන්නේ.... එ්වා ක්‍රියාත්මක කරන්න...
දූෂණය නැති කිරීමට ජනතාවගෙන් සහාය පතයි..? ජනතාව මොනවා කරන්නද ජනාධිපතිතුමනි...? මේ රට මෙච්චර කාලයක් විනාශ කලේ දේශපාලකයෝයි, නිලධාරි පැලැන්තියයි වෙද්දී... රට හදනවාමයි කියලා ආපු ඔබතුමත් හිමිහිට බෝලේ ජනතාවට පාස් කරන එකනේ ඉවසන්න බැරි..! අර ඔබතුමා ආපු දවස් ටිකේ හරියට කෙරුවේ... ඇයි දැන් බැරි..?
ඕක අපිට කියලා වැඩක් නෑ. පවුලේ අය එකතු වෙච්චි වෙලාවක කියන්න.
එතකොට මහජනතාව වන අපද දූෂිත? සිහියෙන්ද කතා කරන්නේ?
දැන්ද ඔයාට මතක් වූයේ...?
මේක ගොඩ ගන්නවා නම් ගන්න පුළුවන් එකම මනුස්සයා ගෝඨාභය විතරයි.
හරියට අපේ පවුල හොරු වගේනේ කතාව...
ඔක්කොම වුණාට පස්සේ මෙයා හදන්නේ අනේ මන් දන්නේ නෑ කියලා බාබා පාට් දාන්න. ඕවාට මේ රටේ මිනිස්සු අහුවෙන්න නෑ. ඉන්දියාවෙන් ඇවිල්ලා පළාත් සභා කෝ කියලා ඇහුවා විතරයි මෙයාට ඡන්දෙ මතක් වෙලා ඡන්ද කඩාගන්න අනුකම්පා ඇක්ට් එකක් දානවා.
කෝව්ඩ් හින්දා වෙන්න ඇති අර පිස්තෝලයක් අරගෙන හිරගෙට පැන්න කෙනා තාම අැමති කෙනෙක් විදියට බැබලෙන්නේ...
ඔය බයිලා අහන්න දැන් මිනිස්සු ලෑස්ති නැහැ හලෝ...
ඇස් පනාපිට ගජමිතුරන්ට හොරකම් කරන්න ඉඩ දීලා ඔය මොන බයිලා ගැහුවත් වැඩක් නෑ. ආපු දවසේ ඉඳලාම කරේ ඒක නෙවෙයිද කියලා හිතලා බලන්න.
අපිට නම් දැන් ඔය පවුලම දකිද්දී හිරිකිතයි. මිලියන ගාණක මිනිස්සුන්ගේ ශාප වදිනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නොවේ. ඕවා පිට දාන්නේ මුණුබුරු මිණිබිරියන්ගෙන්.
පිස්සුවෙන් කියවනවද කොහේද? මෙයාව පිළිගන්න බූරුවන් තවමත් ඉන්නවනේ...
සර් පුලුවන්නම් මේ මුළු රටම ඇමරිකාවට පවරලා දෙන්න. ඇමරිකාවේ 52 වෙනි ප්‍රාන්තය වශයෙන්.
ඔය කතාව ඔයාගෙ මැති ඇමැතිලාටයි ගජමිතුරු සෙට් එකටයි කියන්න ඕන . අපිට කියල වැඩක් නැහැනෙ . අනේ මන්දා මෙහෙමත් ජනාධිපති කෙනෙක් .
අපේ නම් කිසිම අප්‍රසාදයක් නැත .ගෑස් ටික ,වැලි ටිකක් කපාගෙන මිනිස්සුන්ගේ රීරි මාංශය සූරා කාගෙන ,කීයක් හරි හොයාගෙන අපි අද හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව යහතින් ඉන්නේ ඔබ නිසා .අප ඔබට සදා ණයගැතිය -පැන්ඩෝරා අක්කා
එතකොට සීනී හොරා මමද?
ඔබ කල යුතු දේවල් නොකර හිටියා,නොකල යුතු දේවල් හිරිකිතයක් නැතුව කළා.තවදුරටත් ගොන් කතා, ගොන් පාට් දාන්න එපා.ඔබ කල් ඉකුත් වූ භාණ්ඩයක්.
ම්නීමරුවො, කුඩු කාරයො, තක්කඩි නිදහස් කරල රජයේ උසස් තනතුර දෙන්නේ කොවිඩ් හින්දා ද ?
ආයෙනම් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නෑ !!!
හරියට ජනතාව හොරා කනව වගේ හොරාකෑම නවතන්නට සහය ඉල්ලන්නේ, ඔය (පා)රිලාමේන්තුවේ ඉන්න අයගෙන් සහය ඉල්ලුානම් හරි…..දූෂණය පාරිභාෂික දේ්‍රශපාලන හිගමනේ නැතිවම බැරි වචනය
සෞභායේ දැක්ම, 69 ලක්ෂය හින්දා මේවා ඔක්කොම.
අලි සබ්‍රී අධිකරණ ඇමති කරලා, මිලින්ද මොරගොඩ ඉන්දියා තානාපති කරලා, එක රටක් එක නීතිය පැත්තකට කරලා 20 සංශෝධනේට මුස්ලිම් මන්ත්‍රී ඡන්ද ටික අරගත්තට පස්සේ තව මොන කථාද. ආවේ නම් රුවන්වැලි සැය ඉදිරියේ දිවුරුම් දීලා ඒත් කරන්නේ එළාර වැඩ.
20 අහෝසි කර පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් අපට හෙළිදරව් කරන්න.
නොදන්නා නිසා අහන්නෙ මෙතන සිටින ලොක්කො දෙන්නම හමුදා ලාංඡන පැළද සිටිනවා හමුදාවේ ජේස්ඨත්වයට සැලකීමක් ඇත්නම් මේක හරිද දන්න කෙනෙක් කියන්න.
එක රටක් එක නිතීයක් ගේනවා කිව්වා, අපි ඒ ගැන බලාගෙන ඉන්නවා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා. දුමින් ද සිල්වා වගේ ඔක්කොම මරන දඩුවම ලැබිච්ච ඔක්කොම නිදහස් කරන්න වේවි එක රටක් එක නිතීයක් නම්.
දූෂණය වැලැක්වීමට ජනතාව වන අප සහාය විය යුත්තේ කෙසේදැයි මට නම් නො තේරේ.
මම බලං ඉද්දි ඩිස්ලයික් වැටුනේ 30-40. හැබැයි ලයික් වැටෙන්නේ 1-2 ක්. වෙනම පිරිසක් ඉන්නව වගේ ඒ වැඩේටම. තමන්ගෙ මහන්සියෙන් සල්ලි හොයන්න වැඩකට ඇති රස්සාවක් හොයාගන්න මහත්තයො. ඩිස්ලයික් වැඩි උනා කියලා මිනිස්සු රැවටෙන්නේ නෑ.
මෙයා කතා කරන්නේ අපි හොරකම් කරා වගේ. ජනතාවගේ සහය ඉල්ලන්නේ.? පරම්පරාවම ආණ්ඩුවේ, අයියා අගමැති, මල්ලි ඇමති, රට පාලනය කරන්නේ පවුලේ මිනිස්සු, පාර්ලිමේන්තු 2/3 බලයක් තියනවා, තනතුරු බොහොමයක ඉන්නේ ඔයා දාපු ආමි එකේ මිනිස්සු, ආර්ථික බලය තියෙන්නේ පවුලට. තව මොනවද ඕනා? මගේ ඡන්දෙ දීලා මේ තරම් කලකිරුණ ආණ්ඩුවක් නෑ. සිරිසේන හොඳයි.
එක්කෙනෙක්වත් හොඳක් කියනවද?
ආරක්ෂක ලේකම් විදියට කොළවල අත්සන් කරලා, පස්සේ අයියගේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන බාරගෙන කොළඹ කුණු හංගලා, පාරවල්වල කැටගල් ඇල්ලුවාට රටක් පාලනය කළ හැකිද? ඔය සත්‍ය අපට නම් පෙනුණා... ඒත් අවාසනාවට රටේ මිනිස්සු හිතුවේ හාස්කම් කළ හැකි කෙනෙක් විදියට...
ලෝකෙම අප්‍රසාදයට පත් වෙලා තියෙන හැටි පහුගිය කාලේ දකින්න ඇතිනේ... ආයේ මොන කතාද?
ශවේන්ද්‍ර ඔහොම හිටන් ඉන්නේ නැතිව මොනවාහරි කරන්නකෝ...
අප්‍රසාදේ කොපමණද කිව්වොත් ගාර්ඩ් එක නැතුව පාරට බැස්සොත් බලාගන්න පුළුවන්.
"බැරි සිල් නොගනින් අබරෝ" කිව්වලු. , එලොවටත් මෙලොවටත් නැති මාෆියා චීවර කාරයින් හා වියතුන් යයි කියා ගන්න මෝඩයින් මේ රටට ගෙනාපු බොල් පිළිමේ තමයි මේ ඛේදවාචකයට හේතුව. තමන් කෙරුමා යයි සිතාගෙන අඳුරේ අතපත ගාන්නෙක්. මොනා උනත් පල් මෝඩයින්ට ගෑස් නම් පෙන්නුවා නියමෙටම.