(නිමන්ති රණසිංහ)
සහකාර පොලිස් අධිකාරි උසස්වීම් පිරිනැමූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් දැඩි කළකිරීමකට පත්ව සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිස උසස්වීම් සදහා සියලු සුදුසුකම් සපුරා ඇති අයවලුන් බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි.
උසස්වීම් නොලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් අතර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටට කීර්තියක් අත්කර දුන් නිලධාරීන් සිටීමද විශේෂත්වයකි.
උසස්වීම් පිරිනැමුණු පොලිස් නිලධාරින් අතර අයථා කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඒ පිළිබදව විමර්ශනයන්ට ලක්ව සිටින නිලධාරීන් ද සිටීම විමතියකට කරුණක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු පවසති.
උසස්වීම් ක්‍රියාපටිපාටියට අනුව නිශ්චිත ලකුණු ප්‍රමාණ නොතිබුණ ද, මෙම නිලධාරීන්ගේ බාහිර ක්‍රියාකාරකම් සහ නිපුණතා මෙන්ම දක්ෂතා සැලකිල්ලට ගෙන ඔවුන්ට උසස්වීම් ලබාදීමට කටයුතු නොකිරීම ඔවුන්ට සිදුකළ බරපතළ අසාධාරණයක් බව එම නිලධාරීහු සදහන් කරති.
පොලිස් දෙපාර්තමේන්තුවටම සම්පතක් ලෙසින් හදුනාගත යුතු මෙවැනි නිලධාරීන්ගේ දක්ෂතා සහ නිපුණතා කෙරෙහි සැලකිල්ලක් දක්වා කටයුතු කිරීමට පොලිස්පතිවරයාට විශේෂ වගකීමක් තිබූ බව ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුණි, සුදුස්සාට සුදුසු තැන නොදී අඩු ලකුණු ලබාගත් පිරිසකට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර සුදුසුකම් සහිත නිලධාරීන්ට එම අවස්ථාව සලසා දීම විය යුතුය.
අපේ රටේ හැට් ඔහොම තමා. පේන්නේ නැද්ද 8 පාස් අය ,හොරට ලියලා විභාග පාස් වෙච්චි අය,,කිසිම උගත්කමක් සුදුසුකමක් නැති ගොන් තකතීරුවෝ රජ වෙලා ඉන්න හැටි.
දේශපාලනික හෙන්චයියන් දාගෙන ඇති