‘‘කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව සූදානම්‘‘ කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 19 වැනිදා සිට ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් වෙන්කර තිබෙන බව වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 05 April 2021
සංසාරය පුරා පවතින පිනක් අනුරාධපුර පුතෙක් කරයි අනුරාධපුර මල්වතු ඔයේ දිය නාමින් සිටියදී කිඹුලකුගේ ගොදුරක් බවට පත් වූ 81ක් හැවිරිදි පියාගේ ජිවිතය බේරාගැනීමට තම ජීවිතය ගැන නොසිතා ඉදිරිපත් වූ පුතකු ගැන පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙයි. 05 April 2021
විවාහක රූ රැජිනගෙන් පැමිණිල්ලක් 2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදුවේ යැයි ප්‍රවීණ නිරූපිකාවක අද ( 5) අලූයම කුරුදුවත්ත පොලිසියට පැමිණිලිල්ලක් කළාය. 05 April 2021
කෝප් කමිටුව හමුවට යන ක්‍රිකට් නිලධාරීන් කවුරුන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හෙට (6 වැනිදා) කෝප් කමිටුව හමුවට කැඳවා ඇතත් හෙට දිනයේ කෝප් කමිටුව හමුවට යන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. 05 April 2021
‘‘වසර පහට වාහන ලක්ෂ 25ක් ආනයනය කරලා‘‘ යහපාලන රජය පැවැති 2015 සිට 2019 දක්වා වසර පහේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන 25,15.546ක ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 05 April 2021
රාජ්‍ය ආයතන පහක් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලයි මෙරට ආර්ථිකයේ ප්‍රබල රාජ්‍ය ආයතන පහක සේවක සේවිකාවෝ මේ වසරේ සියයට 30ක වැටුප් වැඩීවීමක් ඉල්ලති. 05 April 2021
විවාහක රූ රැජින අවසන් තරගය නොසන්සුන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති අතර එහිදී ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ විනාඩි කිහිපයක් තුළ අහිමිවීම නිසා එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවිය. 05 April 2021
කම්කරු ඇමැති උසාවි කැඳවයි තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් සහ විසින් ගොනු කල රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මැයි මස පස්වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද ( 05) කම්කරු අමාත්‍යවරයා ,කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණ. 05 April 2021
‘‘මොහාන් පීරිස් ඉවත් කිරීම නීතියට පටහැනියි‘‘ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින් හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනිව යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලිසබ්රි මවුලානා මහතා පවසයි. 05 April 2021
මන්ත්‍රී නලින් බණ්ඩාර අදත් සී.අයි.ඩීයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට කටඋත්තරදීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (5) පෙරවරුවේ අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 05 April 2021
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂයක් අද (5) උදෑසන වනවිට ඉන්දියාවෙන් එක් දිනක් තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂයක් වාර්තා විය. ඇමෙරිකාවට පසු දිනකදී අසාදිතයන් වාර්තා වූ දෙවැනි රට වන්නේ ඉන්දියාවය. 05 April 2021
රන්ජන්ගේ පෙත්සම විසි වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය. 05 April 2021
වන විනාශයට එරෙහිව එජාපය නඩු මඟට සිංහරාජය ඇතුළු වනාන්තර විනාශයට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 05 April 2021
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) සිට මෙම මස 14 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 April 2021
රන්ජන්ගේ සිහිනයක් මේ සතියේ බොඳ වේ සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉදිරි සතියේ දි එක් දිනක් හෝ මැතිසබයට නැවත පැමිණීමට නොහැකි වුවහොත් එම මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වි යන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 05 April 2021
විෂ පොල් තෙල් හෙට මැලේසියාවට ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට හෙට (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි 05 April 2021
පොලිස් ජිප් රියේ ගැටී අයෙක් මරුට තිහගොඩ පොලිසියට අයත් ජිප් රථයේ හැපුන පුද්ගලයකු මාතර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (04) රාත්‍රි මියගොස් ඇතැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 05 April 2021
විභාග දෙකක ප්‍රතිඵල දෙන දවස් ඇමැති කියයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරිමට අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 04 April 2021
පැය තුනකින් පී.සී.ආර් වාර්තා අතට විදේශීය සිට පැමිණෙන සංචාරකයනට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් වාර්තාව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි ගුවන්තොටුපළ පර්යේෂණාගාරය විධිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 04 April 2021
රන්ජන්ගේ මන්ත්‍රි ධූරයේ තිරණය හෙට රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැත්ද? යන්න පිළිබඳ නියෝගය හෙට(05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 04 April 2021
රන් කිලෝ එක හමාරක් ගුවන්තොටෙන් අල්ලයි රුපියල් කෝටිකයට අධික වටිනාකමින් යුත් කිලෝ එකහමාරක් බර රන් ආභාරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (04 පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු අධ්යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. 04 April 2021
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවලට මාධ්‍ය බැහැ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වාර්තා කිරිමට මාධ්‍යවේදීන් සහභාගීවිම වළක්වමින් ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා චක්‍රෙල්ඛයක් නිකුත් කර ඇත. 04 April 2021
පස් කන්දක් ඇඟ වැටී අයෙක් මරුට,දෙකකට තුවාල තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටී එක් අයකු මියගොස් ඇතැයි ආගරපතන පොලීසිය පවසයි. 04 April 2021
‘‘විෂ පොල්තෙල් වගකිව යුත්තන් වහා අත්අඩංගුවට ගන්න‘‘ මාරක පිළිකාකාරක පොල්තෙල් ආනයනය කළ සහ ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දුන්නේය. 04 April 2021
‘‘ෆේස් බුක්‘‘ මඩ බැරිවෙන හැඩ සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත. 04 April 2021
‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දහයක් මෙරටට ගෙන්වා ගන්නවා‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයට විවිධ අයුරින් සම්බන්ධ වී ඇතැයි කියන අන්තවාදී කණ්ඩායම්වල දස දෙනකු විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 04 April 2021
බෝඩිම් කාමරයෙන් ගංජා කිලෝ 88ක් මතුවේ මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 88ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 04 April 2021
ලේ නෑයන් සිහි වී සිත වාවනු බැරි වී.... 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් සිහිකිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම ප්රහාරයන් එල්ල වූ දේවස්ථානයක් වෙත අද (4) පෙරවරුවේ පැමිණියහ. 04 April 2021
මුහුදෙ ගසාගෙන ගිය තුනක් බේරා ගැනෙති: අයෙක් මරුට මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පිරිසක් රළ පහරකට හසුව ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් තිදෙනකු බේරාගෙන ඇති අතර එක් අයකු දියේ ගිලි මියගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි. 04 April 2021
‘‘ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක්‘‘ ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් ඇතැයි යන්න සත්‍යයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. නමුත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල, සාලාව, කොස්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. 04 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026