හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු ව්‍යාජ රියදුරු බලපත්‍ර 50 සහ කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර 361 ක් ඇතුළු උපකරණ තොගයක් සමඟ ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ නීතිවිරෝධී ව්‍යාපාරයක් කරගනෙ ගිය පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අදිරුප්පුවීදිය පොලිසිය අද (18) සමත් විය. 18 November 2021
සාජන් මේජර් බස් පොළේදී රන් මාලයක් කඩන්න හදලා අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම් පොළේදී රුපියල් එක් ලක්ෂ තිස් දහක් වටිනා රන්මාලයක් කැඩීමට තැත් කළ බව කියන යුද හමුදා සාජන් මේජර් වරයකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 18 November 2021
පනාමුරේ පොලිසියේ මිය ගිය තරුණයාගේ මරණයට විවෘත තීන්දුවක් පනාමුර පොලීසියේ සිර මැදිරියේ දී ගෙලවැළලාගෙන මියගිය ඉන්දික ජයරත්න නැමැත්තාගේ මරණයට හේතුව රජයේ රසපරීක්ෂකවරයාගේ නිගමනයෙන් පසු ලබාදෙන බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී රන්කොත්ගේ මහත්මිය එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දෙමින් ප්‍රකාශ කළාය. 18 November 2021
කොරෝනා අවදානම ගැන පොලිසියෙන් පාඩමක් කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව මහජන තාව දැනුවත් කිරීමට කිරිබත්ගොඩ සහ කඩවත පොලිස් ස්ථානයන් හි ප්‍රජා පොලිස් ඒකකය කටයුතු කරයි. 18 November 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කාර්ය මණ්ඩලයේ අයෙක්ට කොරෝනා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගාල්ලේදී මේ මස 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ‘ජෛව බුබුලේ’ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව දැනගන්නට තිබේ. 18 November 2021
රියැදුරා අනතුරේ දැමුවත් අනූ නවයෙන් බේරුණු ජීවිත ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දුම්රියක් එනු දැක දැක බෙන්තොට දුම්රිය ගේට්ටුව හරහා ධාවනය කරවීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් අනූ නවයෙන් බේරුණු බව ප්‍රදේශවාසීහු පවසති. 18 November 2021
මැණිකේට මැතිසබයේදී උපහාර ’’මැණිකේ මගේ හිතේ’’ ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය. 18 November 2021
ඉන්ධන මිල වැඩි කරනු:වෘත්තීය සමිති ඉල්ලයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 43 ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 60 ක් මේ වන විට පාඩු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සේවක සංගමයේ සභාපති (ඛනිජ තෙල් ශාඛාව) බන්දුල සමන් කුමාර මහතා පැවසීය. 18 November 2021
ලක් දියණියගෙන් උණ්ඩයට එරෙහිව ඇඳුමක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කර ඇතැයි ඕස්ට්‍රේලියාවේ එස්.බී.එස් සිංහල ගුවන් විදුලි සේවය අද (18) වාර්තා කළේය. 18 November 2021
බොරතෙල් ආනයනයට වඩා ඉන්ධන ආනයනය ලාභ දායකයි ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය. 18 November 2021
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 18 November 2021
විදේශ ඇමති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමු වෙයි බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු වී ද්විපාර්ශිවික සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 18 November 2021
ඉන්දියාවේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ දොඩම් වෙළෙන්දා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කුඩා ගම්මානයක දොඩම් වෙළෙන්දෙක් ’පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ’පද්ම ශ්‍රී’ යනු ඉන්දීය පුරවැසියකුට හිමිවන ඉහළම ගෞරව සම්මානයයි. 66 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු වන හෙරේකාලා හජබ්බා නමැති මෙම දොඩම් වෙළෙන්දාට ’පද්ම ශ්‍රී’ සම්මානය හිමිවූයේ ඔහු දොඩම් විකුණා ලබන මුදලින් ඔහු ජීවත්වන මැංගලූරු පළාතේ ගම්මානයේ කුඩා දරුවන් වෙනුවෙන් පාසලක් පිහිටවූ බැවිනි. 18 November 2021
ඉන්දීය මහකොමසාරිස් නිවස වීඩියෝ කළ පාකිස්තානුවෝ 3ක් මාට්ටු ඉන්දීය මහකොමසාරිස්වරයාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි නිළ නිවස වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 18 November 2021
'සිසු සැරිය' ලබන සදුදා සිට ක්‍රියාත්මකයි පාසල් දරුවන්ගේ ගමන් පහසුව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) ක්‍රියාත්මක කරන සිසු සැරිය බස් රථ සේවාවේ සියලුම බස් ලබන සඳුදා (22) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2021
කොවිඩ් ආසාදිතයන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් වැඩි වෙලා රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 18 November 2021
කටුනායක ගුවන්තොටේ දෛනික ගුවන් මගී මෙහෙයුම් ඉහළට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේවනවිට දෛනිකව ගුවන් මගී මෙහෙයුම් 12,000 ක් පමණ ඉක්මවා සිදුවන බව සංචාරක අමාත්‍යා ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 November 2021
වැලිකඩ බන්ධනාගර රෝහලට නව අක්ෂි ශල්‍යාගාරයක් ඇසේ සුද රෝගයෙන් පෙළන බන්ධනාගාර රැඳවියන්ගේ ඇගේ සුද ඉවත් කිරීමේ ශල්‍යර්ම සිදු කිරීම සදහා අද (18) බන්ධනගාර රෝහලේ විශේෂ ශල්‍යාගාරයක් විවෘත කර ඇත. 18 November 2021
'නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල මාර්ග ගැන විධිමත් පරීක්ෂාවක් කරන්න' මෙරට නාය යෑමේ තර්ජනයක් ඇති ප්‍රදේශවල පිහිටි මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂාවක් සිදුකරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මාර්ග සංවර්ධන අධිකාියට උපදෙස් දී ඇත. 18 November 2021
ධීවරයින්ට අනතුරු ඇඟවීමක් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල හෙට (19) උදෑසන 7.30 තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 18 November 2021
මූලික අයිතිවාසිකම් කඩ වුණැයි මෘදුකාංග සංවර්ධකයෙකු අධිකරණයට යයි කොවිඩ් මෘත ශරීර ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය මුහුණුපොත මගින් විවේචනය කිරීම හේතුවෙන් තමාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත තමා නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව සදහන් කරමින් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා මෘදුකාංග සංවර්ධකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 18 November 2021
ඇමෝනියම් ග්ලයිෆොසෙට් පැකට් 1251 සමඟ 2 ක් අල්ලයි තහනම් වල් නාශයක් වන ඇමෝනියම් ග්ලයිපොසෙට් පැකට් 1251 ළග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 18 November 2021
ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තිය හා අගමැතිගේ ජන්ම දිනය අදයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්රාප්තියේ දෙවන සැමරුම සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට (18)ට යෙදී ඇත. 18 November 2021
පාස්පෝට් කන්තෝරුවේ අක්‍රමිකතා ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනතුරට ලක් වූ වටිනා වාහන දෙකක් අලුත්වැඩියා කර මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොතිබීම ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පළවී ඇත. 18 November 2021
කෝටි ගණනක මාළු මාදැල් දෙකකට අසුවෙයි රුපියල් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් විශාල මාළු තොගයක් අද වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ . 18 November 2021
හම්බන්තොට ආයෝජන කලාපයේ වැඩබිමක ඉන්දියානුවෝ 45 කට කොරෝනා හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 18 November 2021
පන්ති භාර ගුරුවරියට කොරෝනා: පන්තිය දින 14ක් වහයි අත්තනගල්ල වැලිකඩමුල්ල කනිටු විදුහලේ තුන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරියකට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පන්තිය දින 14කට වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 18 November 2021
අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. 18 November 2021
පලෙයි පොලිසියේ 11කට කොරෝනා කිලිනොච්චිය,පලෙයි පොලිසියේ නිලධාරීන් 11 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පලෙයි ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 18 November 2021
සම්බාහනයේ මුවාවෙන් ඇඟ විකිණු හයක් සැකපිට සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 18 November 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026