ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට රුපියල් 12,500ක් සෑම ගොවියෙකුට ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12,500 ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 July 2021
ලංකාව ඇතුළු රටවල් 3 මගීන් රැගෙන යාම ’’එමිරේට්ස්’’ අත්හිටුවයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර ඇත. 06 July 2021
කොවිඩ් මරණ 3,300 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 45දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 July 2021
කොතලාවල විශ්ව විද්‍යාල පනත අනිද්දා විවාදයට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට(8)විවාදයට ගැනීමට නියමිතය. 06 July 2021
පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම් කොරෝනා අවදානමක් ඇති කරවමින් මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ , වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය දැනුම් පවසයි. 06 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 650ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 650 දෙනෙක් අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 July 2021
’’ඔන්ලයින් අධ්‍යාපනයට පෞද්ගලික රූපවාහිනී සහාය දුන්නේ නෑ’’ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා සහාය දීමට එකම එක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක්වත් කැමති වූයේ නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 July 2021
ඔන්ලයින් ගැටලුව ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක් පාසල් දරුවන්ට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමේ වගකීම රජය පැහැර හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 July 2021
රෝහල් වර්ජනය අවසන් පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ (5) ආරම්භ කළ වැඩවර්ජනය අද (6) පස්වරුවේ අවසන් කළ බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසී ය. 06 July 2021
’’අනාෆ් ජසීම්’’ මුදාහරින්නැයි ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කරන්න සති දෙකක් අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නෙකර පොලිස් රැදවුම්බාරයේ රදවා තබා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වහාම මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කළේය. 06 July 2021
සංචාරක පොලීසි 16 ක් නවීකරණයට දිවයින පුරා පවතින සංචාරක පොලිසී 16 ක් නවීකරණයට පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (06) පැවසීය. 06 July 2021
පළාත් පාලන ආයතන අනියම් සේවකයන්ට සුභ ආරංචියක් පළාත් පාලන ආයතනයන්හි සේවය කරන අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් කඩිනමින් ස්ථිර කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 06 July 2021
මැතිසබයේ වලිය ගැන වාර්තාව කතානායකට මැතිසබයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනි දා සිදුවූ ගුටි බැට හුවමාරු ඇතුළු නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කතානායක මහින්ද යාපා අභයවර්ධන මහතාට එම කාර්යාලයේදී අද (6) පෙරවරුවේ බාරදෙනු ලැබීය. 06 July 2021
රතු පරිප්පු සහ සුදු සීනි ගෙන්නවන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය රතු පරිප්පු සහ සුදු සීනි ලංකා සතොස සහ සමූපකාරවල මැදිහත්වීම මත ආනයනය කර අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 06 July 2021
දුම්රිය නව සාමාන්‍යාධිකාරි ලෙස ධම්මික ජයසුන්දර පත් කරයි නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස සංඥා හා විදුලි ප්‍රධාන ඉංජිනේරු ධම්මික ජයසුන්දර මහතාට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 06 July 2021
බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට බැසිල් රාජපක්ෂ මහතා නම්කරන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. 06 July 2021
15 දැරිය දූෂණ කළැයි විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා රිමාන්ඩ් බාල වයස්කාර දැරියක දූෂණය කළැයි කියන සිද්ධියට අදාළව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය. 06 July 2021
‘‘එතෙරදී වෛද්‍ය උපාධිය හැදෑරීමට සුදුසුකම් සැපිරූ අය ගැන සොයා බලන්න‘‘ වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා විදෙස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබේ. 06 July 2021
‘‘මාධ්‍යවේදියාට කළ තර්ජනය ගැන පරික්ෂණයක් පවත්වන්න‘‘ නිදහස් මාධ්‍යවේදියකු වන තරිඳු ජයවර්ධන මහතාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ෆේස්බුක් මාධ්‍යයෙන් කළ තර්ජනයක් පිළිබඳව අවධානය යොමු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය. 06 July 2021
අර්ජුන් ඇලෝෂියස්ට මුදල් අමාත්‍යාංශය දුන් බලපත්‍රය අහෝසි කරයි පර්පචුවල් ටෙසරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට සිය මත්පැන් නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය දී තිබූ බලපත්‍රය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෙද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 06 July 2021
අලුත්කඩේට තවත් උසාවි 50ක් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ උසාවි 50ක් අලුතින් ස්ථාපනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවැසීය. 06 July 2021
ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය පාරට බසිති ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සංවිධානය උද්ඝෝෂණයක් කොළඹ ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. 06 July 2021
ලංකා ක්‍රිකට් පිල වාර්ෂික කොන්ත්‍රාත්තුව වර්ජනය කරන ලකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික කොන්ත්‍රාත්තුව ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනා තව දුරටත් ගිවිසුමට අස්සන් නොකිරීමට තීරණය කර ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. 06 July 2021
‘‘සෞඛ්‍ය වෘත්තිකයනට අසාධාරණයක් නොවන්න ජනපති වග බලා ගන්වා‘‘ සෞඛ්‍ය ක්ෂේත්රයේ කිසිඳු වෘත්තිකයකුට අසාධාරණයක් නොවන පරිදි ගැටලු විසඳාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 06 July 2021
කෝටි දෙකක කේරළගංජා සමඟ තුනක් අත්අඩංගුවට රුපියල් කෝටි 2 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග තිදෙනකු යාපනය කෝවිල්කුලම් මුහුදු ප්‍රදේශයේ අද (6) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 July 2021
අතවර නඩුවේ සුළු පියා වසර 90ක් හිරේ: වින්දිත දැරිය දැන් නීති වෘත්තියේ වයය අවුරුදු 15 සහ 12 වන වියෙහි පසු වූ බාල වයස්කාර අක්කා නගෝ දෙදෙනකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට වින්දිත දැරියන්ගේ සුළු පියා සියලු චෝදනාවනට වරදකරු කරමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ පූර්වගාමි විනිසුරු ආචාර්ය සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර අනූවක (90) සිර දඩුවමක් නියම කළේය. 06 July 2021
කොරෝනා පනතේ වගන්ති පහක් ව්‍යාවස්ථාවට පටහැනියි කොරෝනා වයිරස රෝගය (කොවිඩ් 19) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 06 July 2021
බැසිල්ට තැන දෙන්න කැටගොඩ අස්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය. 06 July 2021
පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීම හෙට සිට දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත් ලබාදීම හෙට සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි . 06 July 2021
දරුවන් - කාන්තාවන් බිලි ගන්නා වෙබ් අඩවි සොයා මෙහෙයුමක් කාන්තාවන් හා ළමයින් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරනු ලබන වෙබ් අඩවි නිර්මාණකරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් කාන්තා හා ළමා කාර්යංශය පවසයි. 06 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026