(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතළ හිඟය හේතුවෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවත් කරගෙන ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
සේවක හිඟය හේතුවෙන් සමස්ථ බස්රථ සංඛ්‍යාවෙන් සියයට 50 කට අධික සංඛ්‍යාවක් ධාවනය නොවන බවත් විජේරත්න මහතා කීවේය.
කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොවීම සහ බස් රථවල ආදායම අඩුවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හෝ ප්‍රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලුවක් වී ඇතැයිද විජේරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික බස් කර්මාන්තය, සීටීබී එක, ත්‍රී රෝද රථ, පාසල් වෑන් ඇතුළු බොහෝ සේවාවන් තමන්ගේ වැඩේ ගැන, ලාභ පාඩු ගැන තමන්ම බලාගෙන කටයුතු කරනවා. මේ බස් ගැමුණු මහතා සංගම් අටවාගෙන ඒ අයගේ ප්‍රශ්න ජාතික අවශ්‍යතාවන් වගේ ප්රවෘත්ති මවන්න දඟලනවා. ඒ අතින් සීටීබී එකෙන් හෝ අනිත් සේවාවන්ගෙන් මේ වගේ කන්දොස්කිරියාවක් නැහැ. රටේ මිනිස්සුන්ට මේ ගැටළුකාරී අවස්ථාවේදී මේ අයගේ අඳෝනා අහන්න වෙලා. මිනිස්සු මේ අයගේ බස්වල යන්නේ මුදල් ගෙවලා. නිකං ගෙනියන්නේ නැහැ. ඒ වුණාට මේ අය පෙන්නන්න හදන්නේ මහලොකු ජාතික වීරයින් වගෙයි. බස් කරුවන්ගේ සංගම් නායකයන් ලොකු බස්කරුවන්ට මිසක් රටේ ජනතාවට නෙමෙයි. නිකං ලොරි ටෝක් නොදී හිටියා නම් තමයි හොඳ බස් ගැමුණු මහත්තයා...