ඇමැතිකමින් ඉවත් වුණු හේතුව ලොහාන් හෙළිකරයි ආණ්ඩුව අපහසුතාවයට පත් කරවීමට අකමැතිවූ නිසා තමා රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන් ඉවත්වූ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 15 September 2021
හම්බන්තොට වරායේ තොග භාණ්ඩ හැසිරවීම සියයට 186ක වර්ධනයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය. 15 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,742ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 September 2021
එන්නත් කරන හමුදාවට පිසූ ආහාර විහාරමහා දේවි උද්‍යානයේ එන්නත්කරණ කටයුතුවල නිරත යුද හමුදා භට පිරිස් සඳහා පිසින ලද ආහාර ලබා දීමට ශ්‍රී ලංකා බෝරා මුස්ලිම් ප්‍රජාව විසින් අද සිදු කරන ලදි. 15 September 2021
වැටලීමකට ගිය පොලිසියට ගල් ප්‍රහාරයක් දෙමටගොඩ කාලිපුල්ලවත්තේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක ගල්ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 September 2021
පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගෙනා අය මාට්ටු නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 15 September 2021
හම්බන්තොට නගරාධිපති එරාජ් කොළඹදී යකා නටයි බම්බලපිටිය කොතලාවල ඇවනිව් ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 15 September 2021
ස්පුට්නික් 1,20,000ක් සඳුදා දිවයිනට ස්පුට්නික්- v පළමු මාත්‍රාව ලබාගෙන ඇති අයට දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එමඑන්නත් 1,20,000 ක ප්‍රමාණයක් ලබන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 15 September 2021
පෞද්ගලික රෝහලේ අත් බෝම්බය ගැන 11කගෙන් ප්‍රකාශ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ තිබී සොයාගත් මදුරු දඟරයක් සවි කළ අත් බෝම්බය සම්බන්ධයෙන් පුද්ගලයන් එකොළොස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 15 September 2021
සංවර්ධන කටයුතු සඳහා වැලි මදි ජාතික සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වැලි හිගයක් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය. 15 September 2021
ශ්‍රී ලාංකේය සම්භාවයක් කාන්තාවක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. 15 September 2021
එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරු 21 වෙනුවට වෙනත් අය නම් කිරීම වළකයි එක්සත් ජාතික පක්ෂ සාමජිකත්වයෙන් නෙරපූ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනකු වෙනුවට වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයෙන් මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් හා එම පක්ෂ විනය කමිටු ලේකම්වරයා වෙත ඊයේ (15) වාරණ නියෝගයක් නිකුත් කළේය. 15 September 2021
කළු දිලීර රෝගීහු කිහිප දෙනෙක් මෙරටින් හමු වෙති කොවිඩ් ආසාදිතයින්ට වැළඳෙන කළු දිලීර රෝගය වැළඳුණු රෝගීන් කිහිපදෙනෙක් කොළඹ ජාතික රෝහලෙන් මෙන්ම කුරුණෑගල සහ රත්නපුර රෝහල්වලින් හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (15) පැවසීය. 15 September 2021
සිරකරුවන්ගේ ජිවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් අත්අඩංගුවේ හෝ සිරභාරයේ පසුවන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත්, සිරකරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක අයුතු සැළකීම්, එක්සත් ජාතින්ගේ සංවිධානය දැඩිලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පැවසුවාය. 15 September 2021
“රත්වත්තේ ඇතුළු පිරිසක් සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් ලැබී නෑ’’ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත බීමත්ව ගොස් කලහකාරී ලෙස හැසුරුණේ යයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් එම බන්ධනාගාර පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අද (15) පෙරවරුව දක්වා එම සිද්ධි සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ලංකාදීපයට පැවැසීය 15 September 2021
ලොහාන්ව අත්අඩංගුවට ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලයි අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී එල් ටී ටී ඊ සැකකරුවන් රදවා ඇති සිරමැදිරිය ගොස් එහි සිටි රැදවියන්ට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කළැයි චෝදනා එල්ලවන ලොහාන් රත්වත්තේ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය රජයට බලකර ඇත. 15 September 2021
සංචාරකයින්ට හා ලාංකිකයන්ට ඇති බාධා ඉවත් කරන්න ගුවන්තොටුපොළ බලධාරීන්ට උපදෙස් ගුවන්තොටුපොළ පරිහරණය කරන සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයන්ට පවතින බාධා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ ගුවන්තොටුපොළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටි. 15 September 2021
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති විශ්‍රාම ලබයි ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන ඇත. 15 September 2021
කබ්රාල් වැඩ බාර ගනියි මෙරට 16වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) වැඩ භාර ගත්තේය. 15 September 2021
මුදල් පනත අද සිට බලාත්මකයි පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ 2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (15) පෙරවරුවේ සටහන් කළ බව කතානායක කාර්යාලය පවසයි. 15 September 2021
කළුතර බන්ධනාගාරයට කුඩු පැකට් 68 විසිකරයි කලුතර බන්ධනාගාරයේ ’ඩී’අංශයට විසිකළ පාර්සලයක තිබී හෙරෝයින් පැකටි 68 ක් සහ මත්පෙති 13 ක් ඇතුළු තහනමි ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 September 2021
ළමයින් 7534 කොවිඩ් වැළඳී නිවෙස්වල ළමයින් හත් දහස් පන්සිය තිස් හතර දෙනකු (7534) කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. 15 September 2021
“ආණ්ඩුව වසර දෙකක් තුළ රට 1977 යුගයට ගෙන ගියා’’ රට තාක්ෂණික යුගයකට, සෞභාග්‍යමත් දේශයකට ගෙනයන බවට පම්පෝරි ගසා බලයට පත්වූ පත් වූ ආණ්ඩුව වසර දෙකක් යාමට මත්තෙන් රට 1977 යුගයකට ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 15 September 2021
සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට රේණුකා බණ්ඩාරනායක ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීමෙන් පසු පුරප්පාඩුවූ එම තනතුරේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය පත්කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. 15 September 2021
ඇමැති ලොහාන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට, බීමතින් සිය මිතුරන් පිරිසක් ද සමග අයුතු ආකාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (15)සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 15 September 2021
ලාංකික තරුණයින් දහසකට ජපානයේ රැකියා දොර ඇරෙයි මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ වල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 15 September 2021
කටුනායකට-මත්තලට විශේෂ ආරක්ෂාවක් කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි. 15 September 2021
වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නතර කරනවා තව වසර දෙකක් ඇතුළත බීජ ආනයනය සහ පිටිකිරි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. 15 September 2021
කබ්රාල්ගේ පත්වීමේ ලිපිය ජනපති අතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (15) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. 15 September 2021
වී අලෙවි මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙි. 15 September 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026