(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශ්යේ මාළු අලෙවි කරන ස්ථානයකට  අකුණක් පතිතවීමෙන් අකුණු සැර වැදී එහි රැදී සිටි කාන්තාවක් සහ පිරිමි අයකු  දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මාළු අලෙවි කරමින් සිටි පුද්ගලයා සහ වර්ෂාවට නොතෙමී සිටීම සඳහා මාළු අලෙවි කරන මඩුව ඇතුළේ රැඳී සිටි තවත් කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේ ය.

අකුණු සැර වැදීමෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ 28 හැවිරිදි පිරිමි පුද්ගලයා හා 38 හැවිරිදි කාන්තාව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් එක් අයකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.